The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ජනපතිගේ වත්කම් ප්‍රකාශයෙන් සැඟවූ තොරතුරු මෙන්න - ගම්මන්පිල හෙළි කරයි

T

The Leader Desk

September 23, 2025 • 3:46 AM

ජනපතිගේ වත්කම් ප්‍රකාශයෙන් සැඟවූ තොරතුරු මෙන්න - ගම්මන්පිල හෙළි කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ඊයේ (22) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
  • ආණ්ඩුව බරපතළ අමාරුවක වැටිලා ''2023 අංක 9 දරණ දූෂණ වීරෝධී පනත සම්මත කරලා වත්කම් ප්‍රකාශයක තොරතුරු ප්‍රසිද්ධ කිරීමට අපි ගත් තීරණයෙන් වත්මන් ආණ්ඩුව බරපතළ අමාරුවක වැටිලා.
  • මේ පනත සම්මත කරන්න කලින් වත්කම් ප්‍රකාශය කියන්නේ රහසිගත ලේඛණයක්.
  • අවාසනාවට මාලිමා නායකයින් මෙහෙම පනතක් සම්මත වෙන බව දැනගෙන ඉඳලා නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ඊයේ  (22) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී  ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...

ආණ්ඩුව බරපතළ අමාරුවක වැටිලා

''2023 අංක 9 දරණ දූෂණ වීරෝධී පනත සම්මත කරලා වත්කම් ප්‍රකාශයක තොරතුරු ප්‍රසිද්ධ කිරීමට අපි ගත් තීරණයෙන් වත්මන් ආණ්ඩුව බරපතළ අමාරුවක වැටිලා. මේ පනත සම්මත කරන්න කලින් වත්කම් ප්‍රකාශය කියන්නේ රහසිගත ලේඛණයක්.  අපි ලේඛණය සකසලා අලවපු ලියුම් කවරයක සීල් කරලා තමයි භාර දුන්නේ.  අධිකරණ නියෝගයකින් විතරයි ඒක විවෘත කරන්න පුළුවන්.  නමුත් නව පනතින් ඒක වෙනස් වුණා.  පෞද්ගලික තොරතුරු හැර අන් සියල්ලම අල්ලස් කොමිසම විසින් ප්‍රසිද්ධ කළ යුතුයි.  

අවාසනාවට මාලිමා නායකයින් මෙහෙම පනතක් සම්මත වෙන බව දැනගෙන ඉඳලා නෑ.  ඒ නිසා මේ අය කිසිම බයක් නැතිව වැරදි තොරතුරු ඉදිරිපත් කරන්නත් වැදගත් තොරතුරු සඟවන්නත් කටයුතු කරලා තිබෙනවා.

තොරතුරු සැඟවූ අබිරහස් ගමන

කතා බහට ලක් වන මේ වත්කම් ප්‍රකාශය ඉදිරිපත් කරලා තිබෙන්නේ 2024 අප්‍රේල් 1 දා සිට 2025 මාර්තු 31 දක්වා කාලයට.  2024 ජූනි 13 සිට 15 දක්වා එංගලන්තයේ සංචාරයක ජනාධිපතිතුමා නිරත වුණා.  එතුමාට ඒකට ගුවන් ටිකට්පත්වලට මුදල් ගෙව්වේ කවුද? හෝටල්වලට ගෙව්වේ කවුද? මේ තොරතුරු සියල්ලම වත්කම් ප්‍රකාශනයේ දාන්න ඕනි.  නමුත් ජනාධිපතිතුමා මේ තොරතුරු දාලා නෑ.  

ඒ වගේම එතුමා 2024 දී ඉන්දියාවේ සහ කැනඩාවේ සංචාරවල නිරත වුණා.  මේවාට වියදම් කළේ කවුද කියන එක වත්කම් ප්‍රකාශනයේ දාන්න ඕනි.  ඒ වගේම ජනාධිපතිතුමා අනුරාධපුරයේ ගියාම ජනපති මන්දිරයේ නතර වෙන්නේ නෑ. නතර වෙන්නේ ප්‍රමිෂ්කා නෝනාගේ හමිං බර්ඩ් හෝටලයේ කියලා මාලිමාවෙන්මයි කිව්වේ.  එහෙම නම් ඒ තොරතුරු වත්කම් ප්‍රකාශනයේ “8.2 ත්‍යාග ඇතුළු සංචාර ප්‍රතිපූර්ණයන්” යටතේ දාන්න ඕනි.  නමුත් ඒක දාලා නෑ.

ජනාධිපතිතුමාගේ 2025-26 වත්කම් ප්‍රකාශනය මීටත් වඩා රසවත් වේවි.  2025 මැයි මාසයේ දී ජනාධිපතිතුමා පෞද්ගලික ගුවන් යානාවකින් වියට්නාමයේ සිට ලංකාවට ආවා.  ඒ යානාවට වියදම් කළේ කවුද කියන එකට ආණ්ඩුව විවිධ කතා කිව්වා.  මුලින්ම වියට්නාම් ආණ්ඩුව කිව්වා.  

ඊළඟට එක්සත් ජාතින්ගේ වෙසක් උත්සව කමිටුව කිව්වා.  ඊටත් පස්සේ වියට්නාම රාජ්‍ය නොවන සංවිධානයක් කිව්වා.  ඒ ගමනට අනුග්‍රහය දැක්වූයේ කවුද කියන එක වගේම එහි වටිනාකමත් අද දක්වා අබිරහසක්.  මී ළඟ වත්කම් ප්‍රකාශනයෙන් මේ අබිරහස් ගමන පිළිබඳ ඇත්ත දැන ගන්න අපට පුළුවන් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

වත්කම් ප්‍රකාශනයේ සඳහන් නොකර තොරතුරු සැඟවීම බරපතළ දඬුවම් ලැබෙන වරදක්.  යම් වත්කමක් සඟවා තිබුණොත් ඒ වත්කම රාජසන්තක කරන්න පුළුවන්.  ඒ වගේම තොරතුරු සැඟවූවොත් රුපියල් ලක්ෂ දෙකක දඩයක් සහ වසරක සිර දඬුවමක් ලැබෙන්න පුළුවන්.

ජනධිපති ඇතුළු සියලු ම මැති ඇමතිවරුන් හිර ගෙදරට...?

මේ වරද කරලා තිබෙන්නේ ජනාධිපති විතරක් නොවේ.  නලින් හේවගේ මන්ත්‍රිතුමාගේ ගිණුමේ ලක්ෂ 23ක් තිබෙනවා.  එතුමා කියන්නේ ඒවා දියණියගේ උත්සවයකට ලැබුණු තෑගි කියලා.  එහෙම තෑගි ලැබුණා නම් රු50,000ට වැඩි තෑගි දුන්නේ කවුද කියන එක නලින් ඇමතිතුමා වත්කම් ප්‍රකාශනයේ සඳහන් කරන්න ඕනි.  නමුත් එහෙම සඳහන් කරලා නෑ.  රු50,000ට වැඩි තෑගි ලැබුණේ නැතිනම් උත්සවයටත් වියදම් කරලා ලක්ෂ 23ක් ඉතිරි වෙන්නත් බෑනෙ.  මෙතුමා ඉතිරි කරන විධියට එක දියණියක් වෙනුවට දියණියන් පස්දෙනෙකු සිටියා නම් ආර්ථික අර්බූදය වෙලාවේ අයිඑම්එෆ් කොන්දේසිවලට යට වෙලා ණයක් ගත්තු වෙලාවේ හේවගේ ඇමතිතුමාගෙන් ණයක් ගන්න තිබුණා.

යට ඇඳුමේ සිට හැමදේම ජයශාන්ත අයියා වගේ මිතුරන්ගෙන් ලබා ගත් හඳුන්නෙත්ති ඇමතිතුමාගේ වත්කම් ප්‍රකාශනයත් අපි බැලුවා.  ලැබූ ත්‍යාග පිළිබඳ විස්තර කියන සටහනේ ඇමතිතුමා අත්අකුරින්ම ලියා තිබෙනවා “කිසිවක් නැත” කියලා.  අඩුම ගණනේ හැමදාම හැමදේම දෙන ජයශාන්ත අයියාගේ නමවත් නෑ.  2024 කියන්නේ මේ හැමෝම මැතිවරණවලට ඉදිරිපත් වුණු වසර.  ඒ නිසා ඕනෑම අපේක්ෂකයෙකුට තෑගි ලැබෙනවා.  නමුත් කිසිවෙක් තමන්ට ලැබුණු මුදල් ත්‍යාග වේවා, ද්‍රව්‍යමය ත්‍යාග වේවා කිසිවක් සඳහන් කරලා නෑ.  

වත්කම්වල වටිනාකම දැවැන්ත ලෙස අවප්‍රමාණය කිරීම, ලැබුණු ත්‍යාග සැඟවීම, වත්කම් ප්‍රකාශනයේ තොරතුරු සැඟවීමට ජනධිපතිතුමාටත් සියලු ම මැති ඇමතිවරුන්ටත් අනාගතයේ හිරේ ලගින්න වෙන බව නම් පැහැදිලියි.

ලෝක ඉතිහාසය වෙනස් කළ ශ්‍රී ලාංකිකයා

සමහර මන්ත්‍රිවරු දැන් කියනවා. අපි මාසයකට ලක්ෂ 10 -15 හම්බ කරපු මිනිස්සු. වසන්ත ඇමතිතුමා පරම්පරාගත සල්ලිකාරයෙක් යනාදී කතා.  නමුත් මේ කිසිවෙක් ආදායම් බදු ගොනු විවෘත කරලා නෑ.  ඒ කියන්නේ ආදායම් බදු ගෙවලා නෑ.  ඒ නිසා ඒ සම්බන්ධයෙන් ද ඉදිරියේ දී නඩු වැටෙන්න පුළුවන්. වසන්ත ඇමතිතුමාට තමන්ගේ ගම්බාර සීයාගෙන් ලැබුණු වත්කම් තමයි මේ තිබෙන්නේ කියලා අපි පිළිගනිමුකෝ.  එහෙම නම් වත්කම් ප්‍රකාශනයේ තිබෙන ක්‍රිප්ටෝ කරන්සි තොගයත් සීයාගේ බූදලයේ තිබෙන්න ඕනි.  

දැනට ක්‍රිප්ටෝ කරන්සිවල නිර්මාතෘ ලෙස සලකන්නේ 2009 දී බිට් කොයින් සොයා ගත් සතොෂි නකමොටො.  නමුත් වහාම ඒ නම වෙනුවට වසන්ත ඇමතිතුමාගේ සීයා වන හේරත් මුදියන්සේගේ නම යොදන්න ඕනි.  ලෝක ඉතිහාසය වෙනස් කරපු මෙවැනි ශ්‍රී ලාංකිකයෙකු අපට මග හැරුනේ කොහොමද කියන එක දැවෙන ප්‍රශ්නයක්. 

 
ලංකාවේ නීතිය අනුව ක්‍රිප්ටෝ කරන්සි ලඟ තබා ගැනීම වරදක් නොවේ.  ඒ කියන්නේ යමක් විකුණලා ලැබෙන ගෙවීම ලෙස හෝ තෑග්ගක් ලෙස හෝ ක්‍රිප්ටෝ කරන්සි ලබා ගන්න පුළුවන්.  නමුත් ණයවර පතක් හෝ මුදල් ගෙවීමක් කරලා ක්‍රිප්ටෝ කරන්සි මිල දී ගන්න බෑ.  හේරත් මුදියන්සේගේ සීයා ක්‍රිප්ටෝ කරන්සිවල නිර්මාතෘ නොවේ නම් වසන්ත ඇමතිතුමා ක්‍රිප්ටෝ කරන්සි අත්පත් කර ගැනීමත් නීති විරෝධි වෙනවා.

පළමු වසර තුළ පොරොන්දු 1,329ක් අතරින් පහක් ම ඉටු කරලා

මාලිමා ආණ්ඩුව හෙට දිනයට වසරක් සම්පුර්ණ කරනවා බොහෝ දෙනෙක් මැතිවරණය පැවැත්වු දිනය වසරක් ලෙස සැලකුවත් අනුර කුමාර දිසානායක මැතිතුමා රටේ ජනාධිපතිතුමා ලෙස වැඩ භාර ගත්තේ සැප්තැම්බර් 23 එහෙනම් මේ ආණ්ඩුව සැප්තැම්බර් 23ට වසරක් සම්පුර්ණ කරනවා. 
 
ආණ්ඩුව මොකද කළේ කියන එක මේ දවස්වල හැමෝම ප්‍රශ්න කරනවා. මාලිමා ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ජනතාවට පොරොන්දු 1,329ක් ලබා දුන්නා.  නමුත් පළමු වසරට ඉටු කරලා තිබෙන්නේ 5ක් පමණයි.  ඒවාත් අනාගත නායකයින්ගේ කොන්ද කඩන බෙදුම්වාදින් සතුටු කරන හිටපු ජනපතිවරුන්ගේ නිල නිවාස අහිමි කිරීම වැනි නිරර්ථක වෛරී පොරොන්දු විතරයි.  

වහාම ඉටු කරනවා කිව්ව පෙට්‍රල් මිල රු150 අඩු කිරීම සිද්ධ වුණේ නෑ.  ඉතා කෙටි කලකින් විදුලි බිල 1/3කින් අඩු කරනවා කිව්වත් දැන් ඔන්න ඒක වැඩි කරන්න යන්නේ. පළමු අයවැයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ මත තිබෙන වැට් බද්ද ඉවත් කරනවා කිව්වා.  ඒක සිද්ධ වුණෙත් නෑ.  පළමු වසර තුළ නිශ්චිතව කරනවා කියපු කිසිම දෙයක් මේ ආණ්ඩුව කළේ නෑ.

ආණ්ඩුවේ වසරක වැඩ කිඩ

පළමු වසර තුළ මේ ආණ්ඩුව මුකුත් නොකර නිකන් සිටියා කියා අපි කියන්නේ නෑ.  ආණ්ඩුව කළ වැඩ කොටසක් තිබෙනවා.  කුහක නොවී අපි ඒවා සිහිපත් කරන්න ඕනි.  
 
* අත්තනගල්ල පැත්තේ නිධානයක් ගොඩ ගන්න රාජ්‍ය අනුග්‍රහයෙන් දැවැන්ත වළක් හෑරුවා.  ජනාධිපතිතුමාගේ වාසනාවට තමයි ඒ නිධානය පහළ වුණේ කියලා හඳුන්නෙත්ති ඇමතිතුමා කිව්වත් එතැන අන්තිමට තිබුණේ කළු ගලක්. 
 
* ආචාර්ය උපාධිය සොයා ගෙන එන්න රන්වල කතානායකතුමාව ජපානය බලා පයින්ම පිටත් කළා.  පයින් ගමන නිමා කරලා ලබන මාසයේ වෙනවිට එතුමා ලංකාවට එන්න ඕනි.  

* ඉතිහාසයේ ප්‍රථම වතාවට සතොස ටෙන්ඩරයක් හතර වතාවක් ප්‍රතික්ෂේප වුණා.  ඒ නිසා පෞද්ගලික අංශයට කැමති මිලකට හාල් විකුණන්න පුළුවන් වුණා. 
 
* රිලා සංගණනයක් කරලා රිලවුන්ගෙන් වගාවට තිබෙන කරදරය සදහටම අවසන් කළා.  මේසයට ගහලා හාල් මිල වැඩි කළා. 1977 පස්සේ ප්‍රථම වරට සහල් පෝලිම් ඇති කළා.  
 
* රතු ලේබල් බහාලුම් 323ක් පරික්ෂා නොකර නිදහස් කළා.  
 
* මහවංශයේවත් සඳහන් නොවන ලක් ඉතිහාසයේ පළමු වරට ලුණු හිඟයක් ඇති කළා.  
 
* පොල්කිරි නැවක් ලංකාවට ගෙන්නුවා.  
 
* බදු අඩු කරන්න ආපු ආණ්ඩුව විශ්‍රාමිකයින්ගේ පොලී ආදායමටත් 10% බද්දක් ගැහුව්වා.

බොරු කීම පාපයක් නොවන අයිතියක් ලෙස...

* යුද සමයෙන් පසු ප්‍රථම වරට මාස පහක් ඇතුළත වෙඩි තැබීමේ අර්ධ ශතකයක් වාර්තා කළා.  

* ප්‍රයිවට් ජෙට් එකකින් ලංකාවට පැමිණි පළමු ජනපති ලෙස ඉතිහාසයට එකතු වුණා.  

* ඒ වගේම ට්‍රම්ප් ජනාධිපතිට ලිපියක් යවලා මුළු ලෝකයටම තීරු බදු පැනවීම දින 90කට කල් දාලා දුන්නා.

* කොටි සටන් කළේ සාමය වෙනුවෙන් බවට ජනාධිපතිතුමා සොයා ගෙන රණවිරු සැමරුම් දිනයේ දී අපට දැනුම් දුන්නා.

* බුදුන් වහන්සේ දේශනා කළ පස්පව්වලින් බොරු කීම ඉවත් කළා.  දැන් බොරු කීම අයිතියක් මිස පාපයක් නොවේ.  

* වෙසක් පෝය දවසේ ජනාධිපතිටත් හොරෙන් අපරාධකරුවෙකුට ජනාධිපති සමාව දුන්නා.  

* හිරේ දාන්න පොරොන්දු වුණු  මහින්ද සිරිවර්ධන මැතිතුමා ගැන ලොකු වර්ණනාවක් කරලා සම්මානයක් දුන්නා.  

* පුංචි ඡන්ද වේදිකාවේ හොරු අපරාධකාරයෝ ලෙස හංවඩු ගහපු ස්වාධීන කණ්ඩායම් එක්ක විතරක් නොවේ සෑම පක්ෂයක් සමගම බලය සඳහා සංධානගත වෙලා කාගෙත් සුන්දරී වාර්තාව තිබ්බා.

මේ ආණ්ඩුව මුකුත්ම කළේ නෑ කියලා කවුරු හරි කියනවා නම් එයාට ටොක්කක් ඇනලා මෙන්න මේ ලැයිස්තුව පෙන්වන්න.''

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනපතිගේ වත්කම් ප්‍රකාශයෙන් සැඟවූ තොරතුරු මෙන්න - ගම්මන්පිල හෙළි කරයි | The Leader