ඊයේ (22) එම වාර්තාව නිල වශයෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේදී අමාත්‍යවරයා වෙත භාර දී ඇත.
අනතුර සිදුවූ මාර්ගයේ සවිකර ඇති මාර්ග සංඥා පුවරු සහ අනෙකුත් අනතුරු ඇඟවීම් පුවරු නුහුරු රියදුරෙකුට මාර්ගයේ අනතුරුදායක ස්භාවය තේරුම් ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන බව අදාළ වාර්තාවේ සඳහන් වේ.
අදාළ බස් රථයේ අනන්‍යතාවය සැක සහිතද බවද අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහයන් වෙයි.
අනතුරට මූලික නිරික්ෂණය ලෙස වාර්තාවේ සඳහන් ව ඇත්තේ, තිරිංග ඩ්‍රම්ස් ගලවා පරික්ෂා කිරීමේදී ඉදිරි දෙපස සහ පසු පස ඩ්‍රම්ස්වල පැහැය වෙනස්වී තිබීමෙන් ඒවා අධික ලෙස රත්ව තිබූ බවය.
මේ අතර පිටුපස රෝදයේ තිරිංග පද්ධතියට ග්‍රීස් කාන්ඳුවක් තිබූ බව අදාළ වාර්තාවේ සඳහන්ය.
අදාළ කමිටු වාර්තාවට අනුව අනතුරට ලක්වු බස් රථය නිසි ලෙස නඩත්තු කර නොමැති බවට අනාවරණය වී ඇති අතර තිරිංග පද්ධතියේ ද දෝෂ පැවති බව හඳුනාගෙන තිබේ.
එමෙන්ම බස් රථයේ රියදුරු අදාළ ප්‍රදේශයේ මාර්ගය පිලිබඳව නිසි දැනුවත් භාවයකින් තොරව කටයුතු කර ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා වේ.
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව අසලදී තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ සාමාජිකයින් පිරිසක් විනෝද චාරිකාවක යමින් සිටි බස් රථයක් පසුගිය 04 වනදා රාත්‍රීයේ ප්‍රපාතයකට පෙරළිමෙන් අනතුරක් සිදුවිය.
එම අනතුරින් පුද්ගලයින් 16 දෙනෙකු මියගිය අතර තවත් 16 දෙනෙකු තුවාල ලැබීය.
මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබීය.
එම කමිටුව විසින් මෙම අනතුර සම්බන්ධයෙන් සිදුකළ දිර්ඝ පරීක්ෂා කිරීම්වලින් අනතුරුව එහි වාර්තාව සකස් කර ඇති බව කමිටුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ඇල්ලේ බස් අනතුර ගැන සම්පූර්ණ වාර්තාව මෙතනින්




