The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිදුකරන දීර්ඝතම විදෙස් නිල සංචාරය

T

The Leader Desk

September 23, 2025 • 4:13 AM

අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිදුකරන දීර්ඝතම විදෙස් නිල සංචාරය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුකරන නිල සංචාරයෙන් පසුව ජනාධිපතිවරයා ජපානයේ ද නිල සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
  • අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වී වසරක කාලයක් සම්පුර්ණ වී ඇති පසුබිමක ඔහු විසින් සිදුකරන දීර්ඝතම විදෙස් නිල සංචාරය මෙය වේ.
  • ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු සහ ජපාන සංචාරය දින 08ක කාලයක් සඳහා වන බව සඳහන් ය.
  • මහා මණ්ඩල සැසිවාරය ඇමතීම ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ඇමෙරිකානු සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීමට නියමිතව ඇති බව ජනධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුකරන නිල සංචාරයෙන් පසුව ජනාධිපතිවරයා ජපානයේ ද නිල සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වී වසරක කාලයක් සම්පුර්ණ වී ඇති පසුබිමක ඔහු විසින් සිදුකරන දීර්ඝතම විදෙස් නිල සංචාරය මෙය වේ.

ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු සහ ජපාන සංචාරය දින 08ක කාලයක් සඳහා වන බව සඳහන් ය.




ජනපති එ.ජා. මහා මණ්ඩල සැසිවාරය ඇමතීම

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ඇමෙරිකානු සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීමට නියමිතව ඇති බව ජනධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

එමෙන්ම ජනාධිපතිවරයා එළඹෙන බදාදා (සැප්තැම්බර් 24) ඇමෙරිකාවේදී එරට වේලාවෙන් ප.ව 3.15ට (ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා අලුයම 00.45) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතව තිබේ.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිපදෙනකු සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවලට එක්වීමට ද නියමිතය.

එමෙන්ම ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකට ද සහභාගී වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක්ව සිටියි.

'එක්ස්පෝ 2025 ඔසාකා' සමුළුවට

සිය ඇමෙරිකානු සංචාරය නිම කිරීමෙන් පසු ජනාධිපතිවරයා සැප්තැම්බර් මස 27 වනදා නිල සංචාරයක් සඳහා ජපානයට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කොට තිබේ. ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 වැනි දින සිට 30 වැනි දා දක්වා ජපානයේ ගතකරනු ඇත.

ජපන් රජය විසින් සිදු කරන ලද ආරාධනයකට අනුව ජනාධිපතිවරයාගේ මෙම ජපාන සංචාරය සිදුකෙරෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

සිය ජපාන සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක, ජපන් අධිරාජ්‍යයා හමුවීමට නියමිත අතර ජපන් අග්‍රාමාත්‍යවරයා සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු කෙරෙන සමුළුවකට ද සහභාගී වන බව එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ වර්ධනය වන ආර්ථික අවස්ථා කෙරෙහි අවධානය යොමු කරමින්, ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ එරට ආයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ඇමතීමට ද ජනාධිපතිවරයා සූදානමින් පසුවේ.

2025 එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනයේදී, ජපන් රජයේ ආරාධිතයෙකු ලෙස, "එක්ස්පෝ 2025 ඔසාකා" (EXPO 2025 Osaka) ප්‍රදර්ශනය සඳහා ද ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වීමට නියමිතය.

ජනාධිපතිවරයා සිය ජපාන සංචාරය අතරතුරදී එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට නියමිතව තිබේ.

ජනාධිපති අනුර දිසානායක සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම ජපන් සංචාරයට සහභාගී වෙති.

ජනාධිපතිවරයාගේ මෙම ජපන් සංචාරය ඔස්සේ දෙරට අතර ඇති දිගුකාලීන මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ බැඳීම් තවදුරටත් තහවුරු කරනු ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

ජනාධිපතිවරයා පෙර සිදුකළ විදේශ සංචාර

ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිය ප්‍රථම නිල සංචාරය ලෙස 2024 වසරේ දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත විය.

ඉන් පසු ජනාධිපතිවරයා චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, වියට්නාමය, ජර්මනිය සහ මාලදිවයින යන රටවල ද නිල සංචාර සඳහා සහභාගී විය.

 
President Departs for the United States of America 1


(උපුටා ගැනීම් - බීබීසී සිංහල)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...