The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන අනිවාර්යයෙන් නැවැත්විය යුතු යි - මංගල මද්දුමගේ

T

The Leader Desk

September 23, 2025 • 5:30 AM

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන අනිවාර්යයෙන් නැවැත්විය යුතු යි - මංගල මද්දුමගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ NPP ලේබලයෙන් ගෙන එන රනිල්-රාජපක්ෂ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි අර්බුදය සම්බන්ධයෙන් දැනුවත් කරමින් විප්ලවවාදී ශිෂ්‍ය සංගමය ඊයේ (22) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවේ දී ය.
  • ඩොලර් මිලියන 200 වෙනුවෙන් මුළු රටේම දරුවන්ගේ අනාගතය අඳුරේ ඊළඟ ප්‍රශ්නය තමයි දැන් මේ ක්‍රියාත්මක කරන්න යන වැඩපිළිවෙළ මොකක් ද කියලා නිශ්චිත නෑ.
  • මේ අවුරුද්ද අවසන් වෙද්දි ආණ්ඩුව තව ඩොලර් මිලියන 900ක් තමන්ගේ සංචිතවලට එකතුකරගන්න ඕන.
  • මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සඳහා ලෝක බැංකුවෙන් ලැබෙනවා ඩොලර් මිලියන 200ක් ඒ ඩොලර් මිලියන 200 වෙනුවෙන් මුළු රටේම දරුවන්ගේ අනාගතය තමයි ආණ්ඩුව මේ අඳුරට යවන්න උත්සහ කරමින් ඉන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ NPP ලේබලයෙන් ගෙන එන රනිල්-රාජපක්ෂ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි අර්බුදය සම්බන්ධයෙන් දැනුවත් කරමින් විප්ලවවාදී ශිෂ්‍ය සංගමය ඊයේ  (22) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මංගල මද්දුමගේ...

WhatsApp Image 2025 09 23 at 4.55.28 AM 1
ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක

"ආණ්ඩුව මේ වෙද්දි වැඩ කරමින් යන්නේ යම් එකාධිපති ස්වරූපයකින්. අන් කිසිඳු මතයක් නොපිළිගනිමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක තමයි ආණ්ඩුව දැන් ගමන් කරමින් ඉන්නේ. පහුගිය කාලේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් එළියට දාන වෙලාවෙත් ආණ්ඩුවේ පෙනී සිටීමේ මේ ගැටලුව අපි දැක්කා. සම සෞඛ්‍ය ශිෂ්‍යන්ගේ අරගලය වෙලාවෙ, තැපැල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වෙලාවෙ වගේම දැන් විදුලි සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාරගවලදිත් ආණ්ඩුව වැඩ කරන්නේ තමන්ගේ තනි මතයට.

ආණ්ඩුවේ නව ලිබරල් වැඩපිළිවෙළට එරෙහිව හඬ නගන අය, තමන්ගේ ප්‍රශ්න කතාකරන අය ද්‍රෝහී ගොඩට ඇදාලා දාන්න විශාල දෘෂ්ටිවාදීමය මැදිහත්වීමක් මේ වෙද්දි අරගෙන යනවා. ඒ නිසා අපි හිතනවා ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන අනිවාරෙන් නවත්තන්න ඕන.

අලුත් බෝතලයක ඇසිරූ පරණ වයින්

ආණ්ඩුව මේ වෙලාවේ අරගෙන එන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ කියන්නෙත් කිසිඳු අදහස් විමසීමකින් තොරව තමන්ගේ මතයට පමණක් අරගෙන එන වැඩපිළිවෙළක්. අනිත් කාරණය තමයි රනිල්ගේ මහින්දගේ ඉඳලා පසුගිය සියලු ආණ්ඩු ක්‍රියාත්මක කරන්න උත්සහ කරපු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළම තමයි මේ නව ආණ්ඩුවේ සීල් එක ගහලා අලුත්ම එකක් වගේ පෙන්නන්න උත්සහ කරන්නේ. එතකොට මේ අලුත් බෝතලේක දාලා ගේන්නේ එදා ජනතාව ප්‍රතික්ෂේප කරපු පරණ වයින්ම තමයි.

බරපතළම ප්‍රශ්නය තමයි මේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළේ වගකීම ගන්න කවුරුත් නෑ. අපි දන්නවා පාසල් පෙළ පොතක වුණත් කතෘ මණ්ඩලයක් ඉන්නවා වගකීම ගන්න. නමුත් මේ වැඩපිළිවෙළේ වගකීම කවුරුත් ගන්නේ නෑ.

ඩොලර් මිලියන 200 වෙනුවෙන් මුළු රටේම දරුවන්ගේ අනාගතය අඳුරේ

ඊළඟ ප්‍රශ්නය තමයි දැන් මේ ක්‍රියාත්මක කරන්න යන වැඩපිළිවෙළ මොකක් ද කියලා නිශ්චිත නෑ. මීට කලින් හිටපු සියලු ආණ්ඩු උපාලි සේදර කමිටු වාර්තාව, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව වගේ නම්වලින් නිශ්චිත වාර්තාවක් එළියට දැම්මා. අපි ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ මේක කියලා පැහැදිලව රටට කිව්වා. එතනින් පස්සේ ආව විරෝධතා එක්ක තමයි ඒ ද්‍රෝහි සැලසුම් හකුළ ගන්න සිදු වුණේ.

නමුත් දැන් ජාතික ජන බලවේග ආණ්ඩුවට ඒ අවම විනිවිද භාවය පවා අහිමි වෙලා. වැඩපිළිවෙළ මොකද්ද කියලා ඇහුවට පස්සේ කවුරුත් වැඩපිළිවෙළක් පෙන්නන්නෙ නෑ. පුළුවන් නම් හොයාගන්න අපි නම් කියන්නෑ වගේ එකකින් තමයි ඉදිරියට යන්න උත්සහ කරන්නේ.

දැන් ආණ්ඩුව ඇයි මේ කඩිමුඩියේ මෙහෙම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න උත්සහ කරන්නේ?  ආණ්ඩුව මේ වෙලාවේ ඉන්නේ ඩොලර් අර්බුදයක. මේ අවුරුද්ද අවසන් වෙද්දි ආණ්ඩුව තව ඩොලර් මිලියන 900ක් තමන්ගේ සංචිතවලට එකතුකරගන්න ඕන. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සඳහා ලෝක බැංකුවෙන් ලැබෙනවා ඩොලර් මිලියන 200ක් ඒ ඩොලර් මිලියන 200 වෙනුවෙන් මුළු රටේම දරුවන්ගේ අනාගතය තමයි ආණ්ඩුව මේ අඳුරට යවන්න උත්සහ කරමින් ඉන්නේ.

වැඩ නොකර මුදල් ඉතිරි කරන ආණ්ඩුව

මේ කඩිමුඩියේ ගේන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ පැහැදිලව ගැටලු ගණනානවක් මතු වෙලා තියෙන්නේ. පාසල් විශාල ප්‍රමාණයක් වහන්න ආණ්ඩුව සැලසුම් කරමින් ඉන්නවා. ඒ වගේම විෂයන් සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් නෑ. ඉතිහාසය සෞන්දර්‍ය වගේ විෂයන් සම්බන්ධයෙන් කතා කරද්දි එක තැනකදි කියනවා විෂය නිර්දේශයෙන් ඉවත් කරන්නෙ නෑ කියලා. හැබැයි තව තැනකදි පෙන්නන ප්‍රශන්ටේෂන් අනුව ඒ විෂයයන් නෑ.

ආණ්ඩුව හැසිරෙමින් ඉන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතළ විප්ලවයක් කරන්න ආවා වගේ. හැබැයි රනිල්ගේ අයවැයට වඩා දශම එකයි මේ අණ්ඩුව අධ්‍යාපනයට ප්‍රතිපාදන වෙන් කළේ. දැන් ඒ මුදලවත් නිසියාකාරව වියදම් කරලා නෑ. හරිනී අමරසූරිය අගමැතිනිය ලොකුවට කියනවා අධ්‍යාපනයට වෙන් කළ ප්‍රතිපාදන ඉතුරු කරලා නැවත රාජ්‍ය භාණ්ඩාගාරයට යැව්වා කියලා.

අද වෙද්දි පාසල්වල විශ්වවිද්‍යාලවල දැවැන්ත සුබසාධන ගැටලු ප්‍රමාණයක් තියනවා. සමහර පාසල් තියනවා වැසිකිළි කැසිකිළි පහසුකම් ටිකවත් නෑ. තව පාසල්වල පුස්තකාලයක් විද්‍යාගාරයක් නෑ. විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට ප්‍රමාණවත් නේවාසිකාගාර නෑ. එහෙම තියෙද්දි තමයි ආණ්ඩුව සල්ලි ඉතුරු කළා කියලා ලොකුවට කතාකරන්නේ.

මේ ද්‍රෝහී වැඩපිළිවෙළ වහා ම හකුළ ගන්න  

මේ ප්‍රශ්නයට මූලික හේතුව තමයි ආණ්ඩුව අධ්‍යාපනය ගැන බලන කෝණය. ආණ්ඩුව අධ්‍යාපනය ගැන බලන්නේ බිස්නස් එකක් විදිහට. ලාභ ලැබෙන ක්ෂේත්‍ර තියාගන්නත් පාඩු නම් වහල දාන්නත් පුළුවන් කඩ විදිහට තමයි ආණ්ඩුව පාසල් පද්ධතිය දකින්නේ. මේක මේ සමාජෙට කරන බරපතළ වැරද්දක්.

ඒ නිසා අපි කියනව වහාම ආණ්ඩුව මේ ද්‍රෝහී වැඩපිළිවෙළ හකුළ ගන්න ඕන. විප්ලවවාදී ශිෂ්‍ය සංගමය විදිහට අපි ආණ්ඩුවේ නව ලිබරල් වැඩපිළිවෙළට එරෙහිව දිගින් දිගටම අරගල කරන්න සූදානම්. ඒ සඳහා අපි පසුබට වෙන්නේ නෑ."

(සටහන - ජයසිරි අලවත්ත)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන අනිවාර්යයෙන් නැවැත්විය යුතු යි - මංගල මද්දුමගේ | The Leader