The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල දිවි ගමනට සමුදෙයි

T

The Leader Desk

September 23, 2025 • 5:44 AM

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල දිවි ගමනට සමුදෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු අභාවප්‍රාප්ත වන විට 56 වැනි වියෙහි පසුවිය.
  • මහරගම අපේක්ෂා රෝහලේ දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රදීප් උඩුවෙල අද (23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
  • සරසවි, සුමති ඇතුළු සම්මාන උළෙල රැසකදී ප්‍රදීප් උඩුවෙල ගේ රංගන ප්‍රතිභාව සම්මානයට පාත්‍ර විය.
  • දැනටත් වේදිකා ගත වෙමින් පවතින "සුද්දෙක් ඔබ අමතයි" වේදිකා නාට්‍යයේ ඔහු දක්වූ රංගන කෞශල්‍ය අනගිභවනීය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු අභාවප්‍රාප්ත වන විට 56 වැනි වියෙහි පසුවිය. ඔහු දෙදරු පියකි.

මහරගම අපේක්ෂා රෝහලේ දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රදීප් උඩුවෙල අද (23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

අපූර්ව රංගන පෞරුෂයකට හිමිකම් කී නලින් ප්‍රදීප් උඩුවෙල වේදිකාව සිනමාව මෙන්ම ටෙලි නාට්‍යයෙන් ද රංගන පෙළහර පෑ ශිල්පියකි. සරසවි, සුමති ඇතුළු සම්මාන උළෙල රැසකදී ප්‍රදීප් උඩුවෙල ගේ රංගන ප්‍රතිභාව සම්මානයට පාත්‍ර විය.

දැනටත් වේදිකා ගත වෙමින් පවතින "සුද්දෙක් ඔබ අමතයි" වේදිකා නාට්‍යයේ ඔහු දක්වූ රංගන කෞශල්‍ය අනගිභවනීය.

දශක තුනකට අධික කාලයක් පුරා සාර්ථක රංගන ජීවිතයක් ගත කළ නලින් ප්‍රදීප් උඩුවෙල ඉතා නිරහංකාර සුන්දර චරිතයක් ලෙස ප්‍රේක්ෂක ජනාදරය දිනාගෙන සිටියේය.

ඔහු 1969 මාර්තු 20 වන දින මාතලේ දී උපත ලැබීය.

ප්‍රදීප් උඩුවෙල කලක් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙසද සේවය කළේය.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...