ආරක්ෂා කිරීමට පියවර ගන්නැයි රජයට බල කරමින් යාපනයේ දී සාමකාමී විරෝධයක් දියත් කර තිබේ.
යාපනය මන්ත්‍රී මාළිගය ඉදිරිපිටදී සැප්තැම්බර් 22 වැනි සඳුදා යාපනය මහ නගර සභාවේ නියෝජිතයන් පිරිසක් දියත් කළ එම විරෝධයට නල්ලුර් ප්‍රදේශිය සභාවේ සාමාජකයන්ගේ ද සහාය හිමිව තිබේ.
විදේශගත දෙමළ ප්‍රජාවේ සාමාජිකයන් මෙම ඓතිහාසික ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණයට ඉදිරිපත් වී සිටියත් ඒ උපකාරය නොතකා සිටින බවට විරෝධතාකරුවෝ බලධාරීන්ට චෝදනා කරති.
යාපනය මන්ත්‍රී මාළිගය ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් හි දක්නට ලැබෙන පෞරාණික ඉදිකිරීම් අතුරින් එකකි.
සිංහල වහරේදී මන්ත්‍රී මාළිගය හෝ රාජමන්ත්‍රී මාළිගය ලෙස හැඳින්වෙන මෙම ඉදිකිරීම දෙමළ භාෂාවෙන් ව්‍යවහාර කරනු ලබන්නේ මන්ද්‍රිමනායි ලෙසයි.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ මෙම ගොඩනැගිල්ල යාපන රාජධානියේ අවසන් පාලකයා වූ සංගිලියන් රජුගේ මාලිගාව ලෙස ප්‍රදේශවාසීන් සලකනු ලබන බවයි. මෙම ගොඩනැගිල් කාට අයත් වුවක්දැයි යන්න සම්බන්ධයෙන් මතවාද කිහිපයක් පැවැතියද මෙම ගොඩනැගිල්ල සංගිලි රාජ පරම්පරාවේ අවසන් ප්‍රභූවරයාට අයත් වන්නට ඇතැයි පොදු පිළිගැනීම වී තිබේ.
යාපනය මන්ත්‍රී මාළිගය ඉදිරිපිටදී සැප්තැම්බර් 22 වැනි සදුදා විරෝධතා දියත් කළ ප්‍රාදේශිය ජනතා නියෝජිතයන් ආණ්ඩුවට බල කර ඇත්තේ නිසි සංරක්ෂණයක් නොමැති වීමෙන් දිනෙන් දින විනාශවෙමින් පවතින දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික වට්නාකමක් සහිත මෙම ගොඩනැගිල්ල ආරක්ෂා කරන ලෙසයි.
"පුරා විද්‍යා දෙපාර්තමේන්තුව බෞද්ධ උරුමයන් ආරක්ෂා කරනවා වගේ දෙමළ උරුමයත් ආරක්ෂා කරන්න" "ශ්‍රී ලංකා රජය දෙමළ ජනයාගේ උරුමය ආරක්ෂා කරන්න පියවර ගන්න" යනුවෙන් දෙමළ බසින් ලියන ලද සටන් පුවරුද විරෝධතා කරුවන් අත විය.
සාමකාමී විරෝධය සදහා එක්ව සිටි නල්ලුර් ප්‍රාදේශිය සභා මන්ත්‍රී එස්. ගිරිදරන් මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුනේ යාපනය මන්ත්‍රී මාළිගය විනාශ වෙමින් පැවතීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම නිසි බලධාරීන් දැනුවත් කළත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමුව නොමැති බවයි.
"අපි මේ ගැන බොහෝ වාරයක් අවධාරණය කරලා තියනවා. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ නගර සභාව ඇතුළු වගකිවයුතු ආයතන මේ පිළිබඳව අවධානය යොමු කරන බවක් පෙන්නේ නැ. මේක හිත රිදෙන එකක්. මෙය සංරක්ෂණය කිරීමට උදව් කිරීමට බොහෝ ඩයස්පෝරා ඥාතීන් ඉදිරිපත් වෙලා ඉන්නවා. අදාළ දෙපාර්තමේන්තු මේ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි."
අනාගත පරම්පරාවන් සඳහා දෙමළ ජනයාගේ පොහොසත් උරුමය ආරක්ෂා කළ යුතු බව නල්ලුර් ප්‍රාදේශිය සභා මන්ත්‍රී එස්. ගිරිදරන් එහිදී වැඩි දුරටත් අවධාරණය කර තිබුනි.





