The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මත්ද්‍රව්‍ය සහ අපරාධවලට සම්බන්ධ දේශපාලකයන් දැන්ම හෙළිකරන්න බෑ ලු !

T

The Leader Desk

September 24, 2025 • 5:01 AM

මත්ද්‍රව්‍ය සහ අපරාධවලට සම්බන්ධ දේශපාලකයන් දැන්ම හෙළිකරන්න බෑ ලු !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට පිළිතුරු දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ එෆ්.යූ.
  • වුට්ලර් පැවසුවේ, යම් හෙයකින් නමක් ගමක් විමර්ශනයකදී එළිදැක්වුවහොත් ඉදිරි විමර්ශන කටයුතු වලට බාධා වන බවයි.
  • එබැවින් ඉතාමත්ම සංවේදීව සහ පැහැදිලිව විමර්ශන කටයුතු සිදු කරමින් යන බවත් ඉදිරියේදී යහපත් ප්‍රතිඵල ලබා දීමට හැකි වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
  • මේ පිළිබඳව අදහස් දැක්වූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, පරීක්ෂණ අංශ කලබලයකින් තොරව වැඩකටයුතු කරගෙන යන බවත්, මෙය සුළුපටු කාරණයක් නොවන බවත් ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊට පිළිතුරු දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ එෆ්.යූ. වුට්ලර් පැවසුවේ, යම් හෙයකින් නමක් ගමක් විමර්ශනයකදී එළිදැක්වුවහොත් ඉදිරි විමර්ශන කටයුතු වලට බාධා වන බවයි.

එබැවින් ඉතාමත්ම සංවේදීව සහ පැහැදිලිව විමර්ශන කටයුතු සිදු කරමින් යන බවත් ඉදිරියේදී යහපත් ප්‍රතිඵල ලබා දීමට හැකි වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ පිළිබඳව අදහස් දැක්වූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, පරීක්ෂණ අංශ කලබලයකින් තොරව වැඩකටයුතු කරගෙන යන බවත්, මෙය සුළුපටු කාරණයක් නොවන බවත් ය.

“මේ ජාලය සැලකිය යුතු පදාසයක විහිදිලා තියෙන්නේ. සමහර ආරක්ෂක අංශ, සමහර දේශපාලන යාන්ත්‍රණ මේවාට සම්බන්ධයි. ඒවා පරීක්ෂණවලින් හෙළිදරව් වෙමින් පවතිනවා,” යනුවෙන් පැවසූ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා, ජනතාව කලබල විය යුතු නැති බවත්, විශ්වාසයෙන් බලා සිටින ලෙසත් එහිදී ඉල්ලා සිටියේය.

මෙම ජාලය කෙතරම් දුරට විහිදී ඇත්දැයි පරීක්ෂණ ඔස්සේ සොයා ගන්නා බවත්, ඉදිරියේදී තවත් අත්අඩංගුවට ගැනීම් සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



මත්ද්‍රව්‍ය සහ අපරාධවලට දකුණේ දේශපාලකයන් සම්බන්ධයි – මහජන ආරක්ෂක ඇමති

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලකයන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණයවී ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පසුගියදා (සැප්තැම්බර් 22) පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.

මේ වනවිට මහජනතාව විසින් ලබාදෙන තොරතුරු සහ බුද්ධි අංශ තොරතුරු මත මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලකයන් සම්බන්ධ බවට කරුණු අනාවරණය වෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය දේශපාලන සංස්කෘතිය හේතුවෙන් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය වර්ධනය වී ඇති බවත් වත්මන් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල අවධාරණය කළේය.

මහජනතාව දන්නා තොරතුරු පොලිසියට ලබාදෙන ලෙසත් එම තොරතුරු හා පුද්ගලයාගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවත් මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...