ඔහු මෙම අදහස් පළ කළේ අද (24) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරයි ද...?
ජනතා පරමාධිපත්‍ය උපරිම ලෙස බලගැන්වීමට ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අන්‍යෝන්‍ය අවබෝධයෙන් මෙන්ම ස්වාධීනව කටයුතු කළ යුතු යි. බහුතර බලයක් සහිත ආණ්ඩුවක් යටතේ මෙම ආයතන ව්‍යූහයන්හි ස්වාධිනත්වයට බාධා වීම සාමාන්‍ය තත්ත්වයක්. එහි වෙනසක් මෙම ආණ්ඩුව යටතේ ද දැකිය නොහැකි යි.
ආණ්ඩුවේ ජනතා පරමාධිපත්‍ය සුරැකීමේ සත්භාවය පරීක්ෂා කිරීමේ නිර්නායක වන්නේ ඒවායේ ක්‍රියාත්මකාරීත්වය උපරිම වශයෙන් බලගැන්වීමට සිදු කරන පහසුකම්කරණය සහ හඳුන්වා දෙන ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ යි.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු අංක 194 සඳහන් පරිදි රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට අපේක්ෂා කරන්නේ නම් එම කටයුතු ආරම්භ කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය යි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට මෙම පාර්ලිමේන්තුව සම්බන්ධ කර ගන්නේ කවදාද කියා දැන ගැනීමට අවශ්‍ය යි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතයයි, ඒ සඳහා වන දිනවකවානු ඉදිරිපත් කරන්න.
පළාත් සභා ඡන්දය පවත්වන්නේ කවදා ද?
රජය පළාත් සභා ඡන්දය පැවැත්වීමට අපේක්ෂා කරන දිනය කවදා ද, පළාත් සභා ඡන්දය තවදුරටත් සීමා නිර්ණයකට හිර කොට ප්‍රමාද කිරීම රජයේ ස්ථාවරය ද, ඒ වගේ ම පැරණි සමානුපාතික ක්‍රමයට පැවැත්වීමේ ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කරන්න.
අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් බිඳී ගිය ජනතා විශ්වාසය නැවත ගොඩනගන බවට වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව තිබෙනවා. ඒ සදහා පළාත් බද රජයේ ප්‍රධාන අධිචෝදක කාර්යාල ඇති කරන බව සඳහන් නිසා එම පොරොන්දුව ඉටු කරන දිනය ඉදිරිපත් කරන්න.
අධිකරණයට වන බලපෑම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇගයුම් මොනවා ද?
මහජන අවධානය වැඩි වශයෙන් යොමුව තිබෙන නඩු කටයුතු හා සම්බන්ධ ඇතැම් විනිශ්චයකාරවරුන් ස්ථානමාරු කිරිම, වැඩතහනම් කිරීම උසස්වීම් දීම සම්බන්ධයෙන් සමාජයේ කථිකාවතක් ආරම්භ වී ඇති නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇගයුම ඉදිරිපත් කරන්න.
කල් ගන්න එපා කඩිනම් පැහැදිලි කිරීමක් දෙන්න
මෙවැනි වැදගත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රජයෙන් කඩිනම් පැහැදිලි කිරීමක් අවශ්‍ය යි. මේ සඳහා කල් ඉල්ලීම ගැන සිතා ගත නොහැකි යි. මේවා මැතිවරණ ප්‍රකාශයේ පවා සඳහන්. ඒ නිසා කඩිනම් පිළිතුරු ලබා දෙන්න.''




