The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

'මධ්‍යම සංස්කෘතික අරමුදලේ වරදක් වෙලා කියලා නැවත නැවත කමිටු දදා බොරු කරන්න එපා' - අජිත් පී. පෙරේරා

T

The Leader Desk

September 24, 2025 • 12:09 PM

'මධ්‍යම සංස්කෘතික අරමුදලේ වරදක් වෙලා කියලා නැවත නැවත කමිටු දදා බොරු කරන්න එපා' - අජිත් පී. පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අභියෝගය කළේ අද (24) පාර්ලිමේන්තුවේ දී පැවති විවාදයක දී ය.
  • මීට පෙරත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරා ''සංස්කෘතික අරමුදලේ මිලියන 8000ක වංචාවක් වී ඇති බවට රජය විසින් පත් කළ කොමිෂන් සභාවක් මගින් සොයා ගෙන ඇති බවට නියෝජ්‍ය සංස්කෘතික ඇමති ගමගෙදර දිසානායක ප්‍රකාශයක් කරා.
  • ගමගෙදර දිසානායක ගේ ප්‍රකාශය අනුව මේ කාරක සභාව 2025 ජූලි 15 වැනිදා අ.ම.ප./25/1154/802/018 යන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
  • ඒ අනුව 2007 සිට 2020 දක්වා කාලසීමාවේ දී ආගමික ස්ථානවල විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මූල්‍ය ආධාර ලබා දීමේ දී සිදුවූ අක්‍රමිකතා සොයා බැලීමට මෙම කමිටුව පත්කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අභියෝගය කළේ අද (24) පාර්ලිමේන්තුවේ දී පැවති විවාදයක දී ය.

එම විවාදයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අජිත් පී. පෙරේරා...

මීට පෙරත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරා

''සංස්කෘතික අරමුදලේ මිලියන 8000ක වංචාවක් වී ඇති බවට රජය විසින් පත් කළ කොමිෂන් සභාවක් මගින් සොයා ගෙන ඇති බවට නියෝජ්‍ය සංස්කෘතික ඇමති ගමගෙදර දිසානායක ප්‍රකාශයක් කරා. මේ චෝදනාව පසුගිය රජයත් මේ රජයත් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් දිගින් දිගටම මතු කළා.

ගමගෙදර දිසානායක ගේ ප්‍රකාශය අනුව මේ කාරක සභාව 2025 ජූලි 15 වැනිදා අ.ම.ප./25/1154/802/018 යන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව 2007 සිට 2020 දක්වා කාලසීමාවේ දී ආගමික ස්ථානවල විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මූල්‍ය ආධාර ලබා දීමේ දී සිදුවූ අක්‍රමිකතා සොයා බැලීමට මෙම කමිටුව පත්කර තිබෙනවා.

වැරදි නොකරන අයට අසත්‍ය චෝදනා කරන්න එපා

මෙම කමිටුව මාස 2ක් තුළ වාර්තා ඉදිරිපත් කළ යුතු යි. එවැනි වාර්තාවක් ඇත්නම් සභාව දැනගත යුතු නිසා මේ කමිටුව මාස 2ක් ඇතුළත වාර්තාවක් සකස් කර තිබේ නම් ඉදිරිපත් කරන්න කියල අපි අභියෝග කරනවා. එසේ නොවන්නේ නම් මන්ත්‍රිවරුන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහය අනුව දඩුවම් ලැබිය යුතු වරදක්.

මේ ගැටලුව ගැන වසන්ත ජිනදාස මහ අධිකරණ විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් හරහා පරීක්ෂණයක් සිදු කළා. එම පරීක්ෂණ වාර්තාව තිබෙනවා. එම නිසා වැරදි නොකරන අයට අසත්‍ය චෝදනා කරන්න එපා. මේ වාර්තාවේ පවා එය සඳහන් වෙනවා.

කමිටු පිට කමිටු දැමුවත් වරදක් සොයාගෙන නැහැ

මීට පෙර ගාමිණී සරත් එදිරිසිංහ, ගෝඨාභය ජයරත්න, හරිගුප්ත රෝහණධීර කමිටුව මගින්ද පුද්ගල ඉලක්ක චෝදනාවක් හෝ වංචාවක් සොයා ගෙන නැහැ. අල්ලස් කොමිසමට යොමු කළ පසු 2022.11 දින දරන නියෝගය අනුව අල්ලස් පනත යටතේ කටයුතු කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති නිසා ඉදිරි කටයුතු සිදු නොකිරීමට තීරණය කර තිබෙනවා.

ඒබඳු මොහොතක කමිටු පිට කමිටු දැමුවත් අද වන තුරු වරදක් සොයාගත නොහැකි වෙලා තිබෙනවා. වගකිවයුතු නියෝජ්‍ය ඇමතිවරයකු ලෙස මේ කමිටු වාර්තාව ඉදිරිපත් කළ යුතුයි; එහෙමත් නැතිනම් සමාව ගත යුතු යි.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...