The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

සාලිය ඉඳුරුවිතාන ගේ අවමංගල කටයුත්ත සම්බන්දයෙන් හදිසි තීරණයක් !

T

The Leader Desk

September 24, 2025 • 3:41 PM

සාලිය ඉඳුරුවිතාන ගේ අවමංගල කටයුත්ත සම්බන්දයෙන් හදිසි තීරණයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නියමිතව තිබුණද හදිසි ප්‍රායෝගික කාරණාවක් හේතුවෙන් එය හෙට (බ්‍රහස්පතින්දා) සවස 4.00 ට සිදුකිරීමට දැන් තීරණය කෙරුණා බව විදර්ශන කන්නන්ගර සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමින් දැනුම්දී සිටියි.
  • ඒ අනුව 25 බ්‍රහස්පතින්දා පෙ.ව.8.30 සිට මීගමුව වෙස්ටන් මල්ශාලාවේ අවසන් ගෞරවය සදහා විවෘත කෙරෙන දේහය පිළිබද අවසන් කටයුතු හෙට දිනම ප.ව.4.00 ට මීගමුව පොදු සුසාන භූමියේදී සිදුකෙරෙයි.
  • සාලිය ඉඳුරුවිතාන ගේ හදිසි වියෝව සම්බන්ධයෙන් ''බටහිර ඉවුරේ දර්ශනය'' Face book පිටුවේ මතු දැක්වෙන සටහන පළකර තිබිණ. '' පැරණි සඟරාවක, පුවත් පතක පළ වූ ලිපියක්, සම්මුඛ සාකච්ඡාවක් සොයා ගැනීමට අවශ්‍ය වූ විට අප පුරුද්දක් ලෙස පළමුවෙන් කතා කරන්නේ සාලිය ඉඳුරුවිතානට යි.
  • මරණය පවා අර්ථ විරහිත වනවා කියා පිළිගැනීම අප ප්‍රතික්ෂේප කරන බව එමගින් පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

නියමිතව තිබුණද හදිසි ප්‍රායෝගික කාරණාවක් හේතුවෙන් එය හෙට (බ්‍රහස්පතින්දා) සවස 4.00 ට සිදුකිරීමට දැන් තීරණය කෙරුණා බව විදර්ශන කන්නන්ගර සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමින් දැනුම්දී සිටියි.

ඒ අනුව 25 බ්‍රහස්පතින්දා පෙ.ව.8.30 සිට මීගමුව වෙස්ටන් මල්ශාලාවේ අවසන් ගෞරවය සදහා විවෘත කෙරෙන දේහය පිළිබද අවසන් කටයුතු හෙට දිනම ප.ව.4.00 ට මීගමුව පොදු සුසාන භූමියේදී සිදුකෙරෙයි.

lkldrt45
නිහඬව ලෝකය ලස්සන කරන මිනිසුන්....

සාලිය ඉඳුරුවිතාන ගේ හදිසි වියෝව සම්බන්ධයෙන් ''බටහිර ඉවුරේ දර්ශනය'' Face book පිටුවේ මතු දැක්වෙන සටහන පළකර තිබිණ. 

'' පැරණි සඟරාවක, පුවත් පතක පළ වූ ලිපියක්, සම්මුඛ සාකච්ඡාවක් සොයා ගැනීමට අවශ්‍ය වූ විට අප පුරුද්දක් ලෙස පළමුවෙන් කතා කරන්නේ සාලිය ඉඳුරුවිතානට යි.

බොහෝ විට සාලිය සතුව අදාළ ලිපිය හෝ සම්මුඛ සාකච්ඡාව හෝ තිබේ. සියලු වැඩ නවත්වා එය පිටපත් කර අපට එවීමට ඔහු එහි දී මැදිහත් වෙයි. ඒ වෙනුවෙන් ඔහු කිසිවක් පෙරළා බලාපොරොත්තු වන්නේ නැත. මුදල් අය කරන්නේ නැත. ජනප්‍රියත්වය ඉල්ලා සිටින්නේ නැත. අනන්‍යතාවයක් ඉල්ලා සිටින්නේ නැත.

ලේඛනාරක්ෂණය (archiving) යනු මනුෂ්‍යත්වය සමග බැඳුනු කේන්ද්‍රීය භාවිතයකි. අප බොහෝ දෙනෙක් පැරණි ඡායාරූප එකතු කරන්නේ, ඉඳ හිට ඒවා නැවත බලන්නේ එය අපේ ජීවිතයේ අර්ථය සමග බැඳුනු දේ නිසා ය. සත්‍ය වශයෙන් ම මනුෂ්‍යත්වය යනුම අර්ථය කියා අපට කිව හැකි ය.

අර්ථය යනු අප විසින් මේ ලෝකයට කරන බැරෑරුම් එකතු කිරීමයි. මනුෂ්‍යයන් යනු අර්ථ විරහිත, ජීවයෙන් තොර, සුවිසල් විශ්වයක 'අර්ථය' ('Meaning') නම් විකල්ප විශ්වයක් තනා ගත් කුඩා ජීවීන් පිරිසකි. මනුෂ්‍යත්වය යනුම අර්ථ විරහිත ලෝකයක් තුළින් අර්ථයක උත්පාද වීමයි කියා මෙයසූ කියන්නේ මෙම නිසා ය.

අපට අර්ථයෙන් තොරව ජීවත් විය නොහැකි ය. අප ඉතිහාසයක්, අතීතයක්, මතකයක් ගබඩා කරන්නේ මේ නිසා ය. සොහොන් කොත් යනු මේ අර්ථ විරහිතත්වය තුළ අර්ථය සොයා යෑමේ අද්විතීය නිදර්ශනය කියා කිව හැකි ය. මරණය පවා අර්ථ විරහිත වනවා කියා පිළිගැනීම අප ප්‍රතික්ෂේප කරන බව එමගින් පෙන්වා දෙයි. අප සියලු දේ සංරක්ෂණය කර අනාගතය වෙනුවෙන් ඉතිරි කරයි. ඒ නොදන්නා අනාගතය වෙනුවෙන් බලාපොරොත්තු සහගත වෙයි.

සාලිය යනු '90 ප්‍රවණතාවය' ලෙස අප හඳුන්වන එක්තරා තීරණාත්මක දාර්ශනික, දේශපාලනික, විද්‍යාත්මක, කලාත්මක සිතීමක කේන්ද්‍රීය ලේඛනාරක්ෂකයෙකි. මෙවැනි භූමිකාවක් ඔහු තෝරා ගන්නේ 'පොරක්' වීමට නොවේ. සත්‍ය වශයෙන්ම මෙවැනි භූමිකාවකින් පොරක් වීම එතරම් පහසුත් නොවේ. පොරක් වීමට නම් මේ කාලයේ මෙවැනි මෝඩ වැඩ කළ යුතු නැත. එවැනි දෘෂ්ටිකෝණයකින් නම් මෙවැනි වැඩ හඳුනා ගනු ඇත්තේ කිසිදු අර්ථයක් නොමැති වැඩ කියා ය. එම නිසාම මෙහි දී අර්ථය සහ අර්ථ විරහිත බව අතර සම්බන්ධයේ රැඩිකල් මානයක් අපට නිරාවරණය කරයි.

අර්ථය යනු අර්ථ විරහිත බව පතුලේ සිට උත්පාද වන්නකි. ගැඹුරු අර්ථයක් උත්පාද විය හැක්කේ අර්ථ විරහිත වනවා කියා පෙනෙනා දේ වීර්යයෙන්, උද්යෝගයෙන්, බලාපොරොත්තු සහගතව කරනා මිනිසුන් නිසාය. ඔවුන් සිය භූමිකාව ඉටු කරන්නේ කිසිවක් පෙරළා බලාපොරොත්තුවෙන් නොවේ. වඩාත් නිවැරදිව කියන්නේ නම් ඔවුන් ධනය, කීර්තිය, තනතුරු යනාදි සිල්ලර දේ බලාපොරොත්තු නොවේ. එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ ඒවා සත්‍ය වශයෙන්ම 'බලාපොරොත්තුව' යන සංකල්පයට නොවටිනා දේ බවයි. අප බලාපොරොත්තු වන්නේ එවැනි ආසන්නයේ ළඟා කර ගත යුතු කුඩා ඉලක්ක නොවේ. මනුෂ්‍යත්වයේ බලාපොරොත්තුව එයට වඩා බොහෝ දැවැන්ත වෙයි.

මේ ලෝකය ලස්සන තැනක් වන්නේ සාලිය ඉඳුරුවිතාන, දොන් මායා යනාදි මිනිසුන් නිසා ය. ඔවුන් අපට ජීවත් වීමට බලාපොරොත්තුවක් දෙයි. ''


Surekha Samarasena ගේ ෆේස්බුක් සටහනක්

drtwert

සාලිය
සිගරට් - ප්ලේන්ටී එක්ක
සංවාදෙටම නාකිවෙන-වුණ
මේ දූපතේ අහිනක් විතර
සෙට් එක ම - කැළඹිලා අද හොඳටම...
ඊයෙ රෑ
උඹ තමයි ඒ කම්පාවෙ අපිකේන්ද්‍රය...
ලොවෙත් අඬන්නැති එවුන් අඬනවා
එකේක ඒවා ලියනවා එෆ්.බී. එකේ...
මරණය ගැන අපි කතා කරලා ඇති-
ඇති තරං...
සාංදෘෂ්ටිකවාදයට - දේවධර්මවාදයට
ව්‍යුහවාදයට - ආදී... ආදී... වාද අනුව...
කොතෙකුත්...
හීනෙං ඇවිත් මට කියපං
ඒ සීතල අද්දැකීම ගැන...
මං ආසයි
උඹ ඒක විග්‍රහ කරන විදිය දැනගන්න...
සාලිය
මට හිතෙනවා
' උඹේ මරණය'
උඹේ ජීවිතේ 'හොඳම දෙය' හැටියට අරගන්න...
උපන්දිනයකටවත් කතා කරල සුබ පැතුවෙ නැතුවට
කවියකින් 'මරණෙට' සුබ පතන්න...
උඹ 'ආමේන්' කියන බව දන්නවා
හිනා වෙවී...
තැන්ක්යූ මචං
මේ වගේ අමුතු කම්පනයක් දුන්නට...
මේ මහා හිස් හැඟීම දුන්නට...
නාට්‍යයකින්
චිත්‍රපටියකින්
පොතකින්
රමණයකින්
මේ තරං හිස්වීමක් ලබන්න බෑ මචං...

(සුරේඛා සමරසේන)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...