පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ vi වන කොටසේ 14 -22 දක්වා වන මන්ත්‍රීවරුන් ගේ මුල්‍යමය බැඳීම් පිළිබඳ ලේඛනය සහ එම බැඳියාවන් අනාවරණය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම යන වගන්ති යටතේ සිදු කර ඇති වරප්‍රසාද පනතේ උපලේකනයේ "ආ" කොටසේ වගන්ති 1 යටතේ සිදුකර ඇති වරප්‍රසාද කඩ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කතානායකවරයා වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත.
ඔහු එම ලිපිය ඉදිරිපත් කරන්නේ වෙළඳ හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සතුව ක්‍රිප්ටෝ මුදල් 3000 ක් තිබෙන බවත්, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සතුව බයිනෑන්ස් ගිණුමේ USDT 1850 ක් පවතින බව ප්‍රශ්න කරමිනි.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කරන අන්දමට යට දැක්වූ කරුණු මහ බැංකු අධිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය යටතේ වරදක් බව සඳහන් කර ඇත.
මෙම මුදල් Credit හෝ Debit කාඩ් මගින් හෝ උන්ඩියල් ක්‍රමයට ලබා ගත්තේ ද යන්න ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය යන්න ඔහුගේ යෝජනාව ය.
මතු පළ වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති සම්පූර්ණ ලිපිය යි.




