තානාපතිවරුන් ඇතුළු උසස් නිල තල දරන පුද්ගලයන් මෙන් ම මහ බැංකු අධිපතිවරයා ද සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබා දිය යුතු ය.
ඒ අනුව ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබ තිබුණු වත්කම් සහ බැරකම් ප්‍රකාශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සහ ඔහුගේ පවුලේ වත්කම්වල එකතුව රු. මිලියන 425ක් (රු. කෝටි 42.5ක් පමණ) වන බව සඳහන් කරමින් බීබීසී සිංහල සේවය පළ කර ඇති ලිපියට ද ඔහු (සැප්තැම්බර් 24) ප්‍රතිචාර දක්වා ඇත.
විශේෂයෙන් මහ බැංකු අධිපතිවරයාව සිටියදී වත්කම් ලෙස භාණ්ඩාගාර බැඳුම්කර තබා ගැනීම ළබැඳියාවන් අතර ගැටීමක් නොවන්නේදැයි බීබීසී ලිපියට ප්‍රතිචාර දක්වමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් කිහිප දෙනෙකු ම යොමු කළ ගැටලුව ද මෙහිදී 'බීබීසී සිංහල සේවය' මහ බැංකු අධිපතිවරයාට ඉදිරිපත් කර තිබිණ.
මේ ඒ සඳහා ඔහු ලබාදුන් දී තිබු පිළිතුර යි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් සතු කෝටි 42ක වත්කම් මොනවා ද?
ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශවලින් හෙළි වන කරුණු 6ක්
ඇමති වසන්ත සමරසිංහ සතු වත්කම් මොනවා ද?: ආණ්ඩුව ඒ ගැන කියන්නේ මොනවා ද?




