The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ඩිජිටල්කරණයෙන් අධ්‍යාපනයේ සුවිශේෂී පරිවර්තනයක් සිදුකළ හැකියි - අගමැතිනිය

T

The Leader Desk

September 25, 2025 • 6:17 AM

ඩිජිටල්කරණයෙන් අධ්‍යාපනයේ සුවිශේෂී පරිවර්තනයක් සිදුකළ හැකියි - අගමැතිනිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපනය සඳහා වූ ඩිජිටල් කාර්යසාධක බලකායේ ‍ත්‍රෛමාසික ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.
  • එම් අස්රෆ් ද මෙහි දී අදහස් පළ කළේ ය: “දැනට 42,000ක පමණ ගුරු හිඟයක් පවතිනවා.
  • ව්‍යසනයක් ඇති වුවහොත් කොහොමද ඒකට මුහුණ දෙන්නේ, පාසලට අවශ්‍ය ඩිජිටල් තාක්ෂණය මොන වගේ විය යුතු ද කියලා අපි සොයා බලනවා.
  • එම් අස්රෆ් මෙහි දී ප්‍රකාශ කර සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපනය සඳහා වූ ඩිජිටල් කාර්යසාධක බලකායේ ‍ත්‍රෛමාසික ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවසී ය,

“ඩිජිටල් අධ්‍යාපනය, අධ්‍යාපන  ප්‍රතිසංස්කරණත් සමඟ එක් ව ඉදිරියට යන ක්‍රියාවලියක්. මේ ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර ගැනීමටත් ප්‍රතිපත්ති සකස් කරමින් ඒ සඳහා මග පෙන්වීමටත් අපි අවුරුදු තුනක් සඳහා ඩිජිටල් කාර්ය සාධන බලකාය පත් කළා.

ඩිජිටල් අධ්‍යාපනයේ අත්තිවාරම හදලා අපි දරුවන්ට දුන්නහම දරුවන් ඒ මාර්ගයේ ඉදිරියට යයි. ඒ නිසා ඩිජිටල් අධ්‍යාපනයේ අත්තිවාරම, ව්‍යුහය, ප්‍රතිපත්ති ආදිය හදලා ඒකට අවශ්‍ය පියවර සකස් කර දීම අනිවාර්යයෙන් ම අපි අතින් සිද්ධ විය යුතු දෙයක්. ඒ වෙනුවෙන් ඔබෙන් ලැබෙන දායක්ත්වය අගය කරනවා.”

අමාත්‍යවරියගේ අදහස් දැක්වීමෙන් අනතුරු ව අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඒ. බී. එම් අස්රෆ් ද මෙහි දී අදහස් පළ කළේ ය:

“දැනට 42,000ක පමණ ගුරු හිඟයක් පවතිනවා. සියලු ම විෂයන්ට හා සියලු ම ප්‍රදේශවලට මෙය පැතිරිලා තියෙන්නේ. අපි මෙහි දී ඩිජිටල්කරණයෙන් යම් සහනයක් ලබා දෙන්න උත්සහ කරනවා. අධ්‍යාපනය ලැබීම සඳහා තොරතුරු තාක්ෂණයෙන් සූදානම් කිරීම හා ඊට අවශ්‍ය උපකරණ ලබා දෙන්නත් ඉදිරියේ දී අපි කටයුතු කරනවා.

 ව්‍යසනයක් ඇති වුවහොත් කොහොමද ඒකට මුහුණ දෙන්නේ, පාසලට අවශ්‍ය ඩිජිටල් තාක්ෂණය මොන වගේ විය යුතු ද කියලා අපි සොයා බලනවා. ඒ වගේ ම අන්තර්ජාලයට හා විද්‍යුත් උපාංගවලට ළමුන් ඇබ්බැහි වීමෙන් ආරක්ෂා කරගන්න අවශ්‍ය වන ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරන්නත් අප සූදානම්.”

 දරුවන් අධ්‍යාපනයේ සිරකරුවන් නොකර ඩිජිටල්කරණයෙන් දරුවන්ට අලුත් ජිවිතයක් නැවත ලබා දෙන්න කටයුතු කළ යුතු අතර පවතින අසමතුලිතතාව අඩු කර දුෂ්කර පළාත්වල පාසල්වල දරුවන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීමට ඩිජිටල්කරණය උපයෝගි කරගත යුතු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ. බී. එම් අස්රෆ් මෙහි දී ප්‍රකාශ කර සිටියේය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...