The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

නාවික හමුදාපති උසාවියට කැඳවන ලෙස රහස් පොලිසිය ඉල්ලයි

T

The Leader Desk

September 25, 2025 • 4:56 AM

නාවික හමුදාපති උසාවියට කැඳවන ලෙස රහස් පොලිසිය ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙසතියකින් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දෙන බව මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රකාශ කරන ලදී.
  • වින්දිත පාර්ශවයට පමණක් නොව විත්ති පාර්ශවයටත් එමගින් අගතියක් සිදු වන බව ඇය වැඩි දුරටත් සඳහන් කළාය.
  • නීතිඥ අචලා සෙනෙවිරත්න අධිකරණය හමුවේ පෙනී සිටිම සම්බන්ධයෙන් විරෝධතා දැක්වු විත්ති පාර්ශවයේ නීතිඥ කණ්ඩායම අධිකරණය හමුවේ විමසා සිටියේ නීතිඥවරිය අගතියට පත් පාර්ශවය වෙනුවෙන් යැයි පෙනී සිටින්නේ කවුරුන් වෙනුවෙන්ද යන්නයි.
  • තමා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින්නේ අතුරුදහන් ශාන්ත සමරවීරගේ සහෝදරියගේ උපදෙස් මත බවත්, එමෙන්ම මෙයට අදාල අනෙකුත් අතුරුදහන් වුවන්ගේ දෙමාපියන් නියෝජනය කරමින් බවත් නීතිඥ අචලා සෙනවිරත්න අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම අධිකරණය විසින් පිලිගන්නා ලදි.
අකුරු ප්‍රමාණය (Font Size):


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොල්ගහවෙල මහේස්ත්‍රාත් DRU උදුම්බරා දසනායකගෙන් එම ඉල්ලීම කළේ කෑගල්ලේ පදිංචිකාරයකු වු ශාන්ත සමරවීර අවුරුදු 15කට ඉහතදී පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ'ගන්සයිට්' භුගත වධකාගාරයේ රඳවා තබා ගෙන අතුරුදහන් කිරීමට අදාල නඩුව 2025 සැප්තැම්බර් 24 වැනි බදාදා යළි විභාගයට ගත් අවස්ථාවේදීය.

දෙසතියකින් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දෙන බව මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රකාශ කරන ලදී.

එම චෝදනාවලට අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න හා හිටපු ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ සරත් මොහොට්ටි ඊයේ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටියේ නැත. ඒ දෙදෙනා අධිකරණය හමුවට පමුණුවන ලද්දේ අන්තර්ජාල තාක්ෂණය යොදා ගනිමිනි.

 

අධිකරණයට වැඩි දුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට නාවික හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටින විමර්ශන සහාය සදහා අවශ්‍ය වාර්තා ලබා නොදී පැහැර හැරීම සම්බන්ධයෙන් ඔහුට ඉදිරි දිනයේදී අධිකරණයේ පුද්ගලිකව පෙනී සිට කරුණු දක්වන ලෙසත්, විමර්ශන සහාය සදහා අවශ්‍ය වාර්තා ලබා දෙන ලෙසටත් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

 

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අචලා සෙනෙවිරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කළේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයකුට පවතින බලතල අනුව නඩු විභාගයකදී විමර්ශන සහාය පුර්ණ වශයෙන් ලබා ගත හැකි බවත්, පසුගිය වසරේ ඔක්තෝබර් 2 වැනිදා ඉල්ලා සිටි ලේඛන නාවික හමුදාපතිවරයා විසින් මේ දක්වා ලබා නොදීම මත ඉදිරි විමර්ශනයට විශාල බාධාවක් පවතින බවයි. වින්දිත පාර්ශවයට පමණක් නොව විත්ති පාර්ශවයටත් එමගින් අගතියක් සිදු වන බව ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

නීතිඥ අචලා සෙනෙවිරත්න අධිකරණය හමුවේ පෙනී සිටිම සම්බන්ධයෙන් විරෝධතා දැක්වු  විත්ති පාර්ශවයේ නීතිඥ කණ්ඩායම අධිකරණය හමුවේ විමසා සිටියේ නීතිඥවරිය අගතියට පත් පාර්ශවය වෙනුවෙන් යැයි පෙනී සිටින්නේ කවුරුන් වෙනුවෙන්ද යන්නයි.

තමා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින්නේ අතුරුදහන් ශාන්ත සමරවීරගේ සහෝදරියගේ උපදෙස් මත බවත්, එමෙන්ම මෙයට අදාල අනෙකුත් අතුරුදහන් වුවන්ගේ දෙමාපියන් නියෝජනය කරමින් බවත් නීතිඥ අචලා සෙනවිරත්න අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම අධිකරණය විසින් පිලිගන්නා ලදි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිඥයන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය, නාවික හමුදාපතිවරයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින නියෝගය සම්බන්ධයෙන් ලබා දිය යුතු සුදුසු නියෝගයක් ලබා දීම සදහා ඔක්තෝබර් මස 8 වැනිදා මෙම නඩුව යළි කැදවීමට නියෝග කළාය.

සැකකාර හිටපු නැව්පතියන් දෙදෙනාද යළි ඔක්තෝබර් 08 දක්වා යළි රිමාන්ඩ් භාරයට පත් කිරීමටත් පොල්ගහවෙල මහේස්ත්‍රාත් උදුම්බරා දසනායක නියෝග කළාය.

 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වැනි නාවික හමුදාපති අද්මිරාල් උළුගේතැන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2025 ජුලි 28 වැනි දා අත්අඩංගුවට ගෙන තිබුනේ 2010 ජුලි 22 දා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන එයින් දින කීපයකට පසු අතුරුදහන් කරන ලද ගනේරාලලාගේ ශාන්ත සමරවීර රඳවා සිටි බව හෙළිවී ඇති ගන්සයිට් නාවික හමුදා වධකාගාරය ඒ සමයේ නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වූ නිශාන්ත උළුගේතැන්න යටතේ ක්‍රියාත්මක වූ නිසාය.

 

ත්‍රිකුණාමලයේ භුගත ගන්සයිට් කඳවුර තමා බාරයේ පැවැතියත් එහි විශේෂ බුද්ධි ඒකකය නමින් හැදින්වෙන ඒකකයක් ක්‍රියාත්මක වු අතර එය නාවික හමුදා බුද්ධි අංශය විසින් මෙහෙයවන ලද ඒකකයක් නොවන බව දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න පවසා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට ඉහත  නඩු වාරයකදී  අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සදහන් ව තිබුනි.

ඒ වන විට එහි පුද්ගලයන් 40 - 60 ත් අතර පිරිසක් රදවා සිටි බව දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න දැනුම් දුන් බව එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එහිදි අධිකරණයට දැනුම් දී තිබුනි.

ත්‍රිකුණාමයේ කුප්‍රකට ‘ගන්සයිට්’ භූගත වධකාගාරය නිරීක්ෂණයෙන් අනතුරුව එහි ක්‍රියාත්මක වන විශේෂ බුද්ධි ඒකකය සම්බන්ධයෙන් එවක අධ්‍යක්‍ෂ, නාවික බුද්ධි ලෙස නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදාපතිවරයාට යවන ලද බව පැවසෙන ලිපියේ පිටපතක් 2024 ඔක්තෝබර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වත්මන් නාවික හමුදාපතිවරයාගෙන් ඉල්ලා ඇතත් මේ වන තෙක් එම වාර්තාව ලබා දී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය නඩු වාර කිහිපයකදීම අධිකරණයට කරුණු වාර්තා කළේය.

ශාන්ත සමරවීර පැහැරගෙන ගොස්  අතුරුදහන් කිරීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ සරත් වනිග චින්තාමානි මොහොට්ටි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත් විසින් නියෝග කර තිබුනේ 2025  සැප්තැම්බර් 18  වැනි දිනයි.

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...