The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

විනිසුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් ගැන දයාසිරිගේ ප්‍රකාශයකින් මැතිසබය උණුසුම්

T

The Leader Desk

September 25, 2025 • 5:18 AM

විනිසුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් ගැන දයාසිරිගේ ප්‍රකාශයකින් මැතිසබය උණුසුම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරියකට ලබාදුන් ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එහිදී අදහස් පළ කළ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස ද එම විවාදයට මැදිහත් විය.
  • මෙම අමාත්‍යවරයාව අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය විසින් දෙවරක්ම නියෝග කර තිබුණද පොලීසිය එම නියෝග ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
  • එසේම, රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට නියෝග කළ විනිසුරුවරියකට උසස්වීමක් ලබා දුන් බවද ඔහු පැවසීය.
  • වසර 3ක සිර දඬුවම් ලබා දිය හැකි වරදක් !
අකුරු ප්‍රමාණය (Font Size):

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරියකට ලබාදුන් ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එහිදී අදහස් පළ කළ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස ද එම විවාදයට මැදිහත් විය.

මන්ත්‍රීවරයා මෙම කරුණු හෙළිදරව් කරනු ලැබුවේ, දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමිනි.

අධිකරණ විනිසුරන්ට ලැබුන නියෝගය පෙන්වන්නැයි ආණ්ඩුවේ පාර්ශවයෙන් දයාසිරි මන්ත්‍රීවරයට අභියෝග කළ අවස්ථාවේදී එම අභියෝගය බාරගත් ඔහු සුළු මොහොතකින් නියෝගය සභාගත කළේය.

Daya Dco 2025
මේ අතර මෙම විවාදයට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඊයේ  (24) පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේ, රජයේ අමාත්‍යවරයෙකු විසින් ගොඩනැගිල්ලක් නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වූ අධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි.

මෙම අමාත්‍යවරයාව අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය විසින් දෙවරක්ම නියෝග කර තිබුණද පොලීසිය එම නියෝග ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එසේම, රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට නියෝග කළ විනිසුරුවරියකට උසස්වීමක් ලබා දුන් බවද ඔහු පැවසීය.

වසර 3ක සිර දඬුවම් ලබා දිය හැකි වරදක් !

මේ අතර 'ලංකා ට්රුත්' (lankatruth.com) වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, නීතිඥ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අධිකරණ පද්ධතියට එරෙහිව අපහාසාත්මක ප්‍රහාරයක් දියත් කළ බවයි.

ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී ඔහු හිතාමතා ම අධිකරණ විනිසුරුවරියන්ගේ නම් විකෘති කරමින් සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනට ද අපහාස වන පරිදි ප්‍රකාශයක් කරනු ලැබූ බවත්, වසන්ත සමරසිංහ සහ මහින්ද ජයසිංහ ඇමතිවරුන් සම්බන්ධයෙන් පවතින වෘත්තීය සමිති දේපළක් සම්බන්ධ නඩුවක් විභාග කරමින් සිටි විනිසුරුවරු මාරු කළ බවට මන්ත්‍රීවරයා චෝදනා කල බවත් එම වෙබ් අඩවිය කියා සිටියි.

එමෙන් ම, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ව සිටි නිලුපුලී ලංකාපුරගේ නම හිතාමතා ම විකෘති කරමින් නිලුපුලී සිල්වා ලෙස හඳුන්වනු ලැබූ බවත් එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ තීන්දුවකට බලපෑම් කිරීම වසර 3ක සිර දඬුවම් ලබා දිය හැකි වරදක් බව මෙරට තුළ බලපැවැත්වෙන මූලික නීතිය වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 111ඔ. (1) ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර ඇති ද එම වෙබ් පුවතේ වැඩිදුරටත් සඳහන් වේ.

මහාධිකරණ විනිසුරුවරුන්ගේ මාරුවීම් ලැයිස්තුව මතු පළවේ.

High Court Transfers 2025 page 0001High Court Transfers 2025 page 0002

 High Court Transfers 2025 page 0003

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...