The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

කටුනායක ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ දෙවන අදියර ටෙන්ඩරය සැක සහිතයි - දයාසිරි ජයසේකර

T

The Leader Desk

September 25, 2025 • 9:42 AM

කටුනායක ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ දෙවන අදියර ටෙන්ඩරය සැක සහිතයි - දයාසිරි ජයසේකර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමිනි.
  • ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළේය.
  • ''බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මගී පර්‍යන්තය හා නෙකුත් සංවර්ධන කටයුතු සඳහා ජපානයේ ජයිකා ආයතනය හා ගුවන්තොටුපොළ අතර සේවා සමාගම අතර ගිවිසුම අත්සන් කරන්නේ 2012 මාර්තු 28.
  • මේකට ජපානයේ ජයිකා ආයතනය දෙනවා කෝටි 1580ක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමිනි.

මෙම ටෙන්ඩරය ලබාගැනීම සඳහා ජපානයේ සමාගම් දෙකක් ඉදිරිපත්වූ බවත් ඉන් එක සමාගමක් නියමිත කොන්දේසි සපුරා නොතිබීම තුල ප්‍රතික්ෂේපව තිබියදී එම සමාගමටම ටෙන්ඩරය ලබාදීමට ඇතැම් බලධාරීන් දරන උත්සාහය තුළ ගුවන් තොටුපලේ යෝජිත ඉඳිකිරීම් කටයුතු දවසින් දවස පමාවන බවත් දයාසිරි මන්ත්‍රීවරයා එම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළේය.

මේක පිටිපස්සේ ඉන්නේ අමාත්‍යවරයාද? නැත්නම් නියෝජ්‍ය අමාත්‍යවරයාද?

''බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මගී පර්‍යන්තය හා නෙකුත් සංවර්ධන කටයුතු සඳහා ජපානයේ ජයිකා ආයතනය හා ගුවන්තොටුපොළ අතර සේවා සමාගම අතර ගිවිසුම අත්සන් කරන්නේ 2012 මාර්තු 28. මේකට ජපානයේ ජයිකා ආයතනය දෙනවා කෝටි 1580ක්. 2022දී තායිසේ සමාගම අපේ ආර්ථිකය කඩා වැටීමත් එක්ක මෙය සම්පූර්ණයෙන් නතර කරනවා.

නව ටෙන්ඩරය 2024 සැප්තැම්බර් මාසේ අතර, මාස 30කින් වැඩ අවසන් කරන්න කාලය දීලා තිබුණේ. ඒ අනුව ලංසු ඉදිරිපත් කරන කාලවකවානුව අනුව දැන් තුන් වතාවක් දික් කරලා තිබෙනවා. කම්පැනි දෙකක් මේකට ඉදිරිපත් වුණා. සුජිත් එල් ඇන්ඩ් ටී කොන්සෝටියම් කියන කම්පැනි එකත්, ඊළඟට තායිසේ කෝපරේෂන් කියන කම්පැනි එකත් දෙකක් මේකට ඉදිරිපත් වුණා.

මේකෙන් සුජිත් කම්පැනි එක ඉදිරිපත් කරපු ලංසුවේ ඇටර්නි බලපත්‍රය දේශීය රෙජිස්ට්‍රාර් විසින් සහතික කරලා නොමැති වීම සහ ඔහු සන්තකය නොතිබීම කියන කරුණු මත සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරා. ඒ අනුව මේක ලබා ගන්න කල්, ටෙන්ඩර් එක 2025 මාර්තු 18 ඉඳලා 25 දක්වා මේක කල් දාන්න කටයුතු කරා. මේකට විරුද්ධව තායිසේ කම්පැනිය ලිපියක් ලියනවා. මොවුන් කියනවා මේක අපිට අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. ඇයි එක කොම්පැනියක ඉල්ලීම පරිදි ටෙන්ඩරේ කාලය දීර්ඝ කිරීම සම්පූර්ණයෙන් නීති විරෝධී. මේ ටෙන්ඩරය දැන් දිගටම යනවා දැන් ඉස්සරහට. දෙසැම්බර් මාසේ දක්වා 2025.

 ඇයි මේක මේ තරම් කාලයක් තියා ගන්නේ? දින දදා මේ කොම්පැනියට මේක ලබා දීම සඳහා ක්‍රියා කිරීමක් තමයි අපි මේ දකින්නේ. මේක පිටිපස්සේ ඉන්නේ අමාත්‍යවරයාද? නැත්නම් නියෝජ්‍ය අමාත්‍යවරයාද? ලංකාවේ තායිසේ කම්පැනි එක කාටවත් කුට්ටියක් දෙන්නේ නෑ. 2010 ගණන් වලත් මේක සම්බන්ධව ප්‍රශ්නයක් ඇතිවෙලා ඇමතිවරයෙක් එළියට දාලා ඇතිවුණු සිද්ධියක් තියෙනවා. ඒ කොම්පැනිය සල්ලි දෙන්නේ නැති හින්දා තමන්ට කුට්ටිය ගන්නද මේ ටෙන්ඩරය මෙච්චර කාලයක් කල් දාන්නේ? අපි අහන්නේ එච්චරයි.

ඒ සුජිත් කම්පැනි එක, මේක ට්‍රේඩින් කම්පැනි එකක්. ඇමරිකාවේ අයට අල්ලස් දෙන්න ගිහිල්ලා ඔවුන්ට විරුද්ධව නඩු තිබෙනවා. ගුවන් තොටුපලක් හදන එක ගැන කිසිම දැනුමක් තියෙන කොම්පැනියක් නෙවෙයි. මේ අය ඊජිප්තුවේ ටෙන්ඩර් එකක් දාලා ගුවන් තොටුපලක් හදන්න, ඔවුන්ව ඉවත් කරා. විශාල මුදල් ගනුදෙනුවක් මේක ඇතුලේ කැරකෙන බව විතරක් අපිට කියන්න පුළුවන්. හොරු අල්ලන්න ආපු ආණ්ඩුව දැන් අද හොරුන් එක්ක ඩීල් එක දාන තැනට දැන් පත්වෙලා තියෙනවා.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කටුනායක ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ දෙවන අදියර ටෙන්ඩරය සැක සහිතයි - දයාසිරි ජයසේකර | The Leader