පසුගිය දිනක මත්ද්‍රව්‍ය සන්තකයේ තිබියදී අත්අඩංගුවට පත් වූ හිමිනමක සමග ගලිගමුවේ ඥානදීප නායක හාමුදුරුවන් ගේ සම්බන්ධතාවයක් ඇත්දැයි සොයා බලන්නැයි සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයකු වන කැලුම් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඔහුගේ පැමිණිල්ලෙහි වැඩි දුරටත් සඳහන් වන්නේ එම මහා නායක හිමියන් විසින් මෙතරම් ධනයක් කෙසේ උපයා ගෙන ඇත්තේ කෙසේ ද යනුවෙන් විමර්ශනයක් කර ජනතාවට දැන ගැනීමට ඉඩ සලස්වන ලෙසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සිවුර පැලඳ මෙම සංඝයා වහන්සේලා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වනවාද යන්න සැක සහිත බවයි.




