ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා ඒ සඳහා වරෙන්තු නිකුත් කළාය.
කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන් වු පමණීන් ඔවුන් නීතීයට උඩින් නොමැති බවත් නීතීය ඉදිරියේ සියලු දෙනා එකහා සමාන බවත් කියමින් පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම සහ සිද්ධියෙන් අතෘප්තියට පත් සනත් කුමාර අතුකෝරල වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රංජිත් හීල්ලගේ කළ ඉල්ලීම් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරිය එලෙස වරෙන්තු නිකුත් කළාය.
නිසි පරිදි සිතාසි බාරදී නොමැති බවට වාර්තා කර ඇති අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරයකු වන විශාල් බාලි ට නොවැම්බර් 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් යළිත් වරක් නොතිසි නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය නාරාහෙන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලේ නියෝජිතවරයාට සහ එහි සේවිකාවක වන බී.ඩී. සඳතිසරු ට නොවැම්බර් 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අවවාද කළාය.
නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය යළිත් වරක් සිතාසි නිකුත් කිරීම ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමේ අතුරු සහන වශයෙන් ඉල්ලා තිබු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කරන නඩුව අත්හිටුවන්නැයි කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් ප්‍රතික්‍ෂෙප කිරීමෙන් අනතුරුව නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියේ කැඳවු අවස්ථාවේදී එලෙස නියම කෙරිණී.
(lankadeepa | මනෝප්‍රිය ගුණසේකර)
වැඩි මිලට බෙහෙත් වික්ක පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු
T
The Leader Desk
September 26, 2025 • 5:16 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා ඒ සඳහා වරෙන්තු නිකුත් කළාය.
- නිසි පරිදි සිතාසි බාරදී නොමැති බවට වාර්තා කර ඇති අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරයකු වන විශාල් බාලි ට නොවැම්බර් 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් යළිත් වරක් නොතිසි නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය නාරාහෙන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලේ නියෝජිතවරයාට සහ එහි සේවිකාවක වන බී.ඩී.
- සඳතිසරු ට නොවැම්බර් 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අවවාද කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



