The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

විදුලි ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මකයි !

T

The Leader Desk

September 26, 2025 • 9:26 AM

 විදුලි ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මකයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ''පසුගිය දිනවල මා ඉන්දියාවේ සංචාරයක යෙදුණා.
  • විදුලිබල ක්ෂේත්‍රයේ ඔවුන් ලබා ඇති දියුණුව ඉතා ඉහළයි.
  • නවීන තාක්ෂණය හා නව සංකල්ප භාවිතා කරමින් ක්ෂේත්‍රයේ ලොකු ගමනක් යන්න ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා.
  • විදුලි ක්ෂේත්‍රය හා සම්බන්ධ ආයතනවල පරිපාලන ව්‍යුහයන් එහිදී විශාල වැදගත්කමක් දරණ බව මට පෙනී ගියා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ, බත්තරමුල්ල පරිසර අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ ඊයේ (25) පැවති බලශක්ති කාර්යක්ෂමතාවෙන් යුත් විදුලි උපකරණ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් සංවිධානය කරන ලද වායුසමීකරණ යන්ත්‍ර සඳහා විදුලි කාර්යක්ෂමතා ලේබල් හඳුන්වා දීම හා සම්බන්ධ වැඩසටහන අමතමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

''පසුගිය දිනවල මා ඉන්දියාවේ  සංචාරයක යෙදුණා. විදුලිබල ක්ෂේත්‍රයේ ඔවුන් ලබා ඇති දියුණුව ඉතා ඉහළයි. නවීන තාක්ෂණය හා නව සංකල්ප භාවිතා කරමින් ක්ෂේත්‍රයේ ලොකු ගමනක් යන්න ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා. විදුලි ක්ෂේත්‍රය හා සම්බන්ධ ආයතනවල පරිපාලන ව්‍යුහයන් එහිදී විශාල වැදගත්කමක් දරණ බව මට පෙනී ගියා. එබැවින් විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් එම ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනය වෙනුවෙන් ක්‍රියාකරනවා.''

02yuiuiuu
බලශක්ති කාර්යක්ෂමතාව ප්‍රවර්ධන වැඩපිළිවෙල යටතේ වායුසමීකරණ යන්ත්‍ර සඳහා බලශක්ති ලේබල් හඳුන්වා දීම හරහා වෙළදපොළේ ඇති වායු සමීකරණ යන්ත්‍රවල කාර්යක්ෂමතාව ඉහළ දැමීමත් ජාතික වශයෙන් විදුලි ඉල්ලුම කළමණාකරණය කර ගැනීමත්, පොසිල ඉන්ධන භාවිතය අවම කිරීමට සහය වීම තුළින් පරිසර ඉලක්ක ජය ගැනීමට දායකවීමත් අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකා සුනිත්‍ය බල අධිකාරිය ජාතික ප්‍රමිති ආයතනය ලංකා විදුලි සමාගම ඇතුළු ආයතන රැසක ප්‍රධානීන් වායුසමීකරණ යන්ත්‍ර නිෂ්පාදන හා බෙදාහැරීමේ සමාගම් ඇතුළු ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් රැසක් මේ  අවස්ථාවට එක්ව සිටියහ.

(සටහන | ශාන් මොහොමඩ්) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...