The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට අධිකරණයෙන් නියෝගයක්

T

The Leader Desk

September 26, 2025 • 8:07 AM

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට අධිකරණයෙන් නියෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ ඉදිරියේ කැඳවනු ලැබුවාය.
  • එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්, අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන අතුරින් සමහර ලේඛන මෙතෙක් පැමිණිල්ල විසින් තමන්ට ලබාදී නොමැති බව පැවසුවේය.
  • සාධාරණ නඩු විභාගයකට මුහුණදීම සඳහා එම ලේඛන ඉතා වැදගත් බව ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.
  • ඊට ප්‍රතිචාර දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා, අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛනවලින් බොහොමයක් මේ වන විටත් ඔවුන් වෙත ලබාදී තිබෙන බව පැවසුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ ඉදිරියේ කැඳවනු ලැබුවාය.

එහිදී විත්තිකාර නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්, අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන අතුරින් සමහර ලේඛන මෙතෙක් පැමිණිල්ල විසින් තමන්ට ලබාදී නොමැති බව පැවසුවේය.

සාධාරණ නඩු විභාගයකට මුහුණදීම සඳහා එම ලේඛන ඉතා වැදගත් බව ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

ඊට ප්‍රතිචාර දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා, අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛනවලින් බොහොමයක් මේ වන විටත් ඔවුන් වෙත ලබාදී තිබෙන බව පැවසුවේය.

මෙතෙක් ලැබී නොමැති බවට විත්තිය විසින් සඳහන් කරන ලේඛන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා ලබාදිය හැකි ලේඛන කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

මෙම අවස්ථාවේදී විනිසුරුවරිය පැවසුවේ, විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන කඩිනමින් මීළඟ දිනට පෙර ඔවුන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසය.

ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දෙසැම්බර් මස 18 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

ඊට අමතරව මෙම නඩුවට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින මෙම නඩුවේ මුල් නඩු ගොනුව මෙතෙක් තම අධිකරණයට ඉදිරිපත් වී නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරිය, එම වාර්තාව වහාම තම අධිකරණයට කැඳවීමට පියවර ගන්නා ලෙසත් මහාධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.

 

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කොට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පොහොට්ටු පක්ෂයේ සමාජ මාධ්‍ය සටහනක මතු දැක්වෙන සටහන පළකර ඇත.

ක්‍රිෂ් ආයතනයෙන් ලබාදුන් මුදල් වියදම් කල ආකාරය පොලිසියට දීලා.. දැන් ඒක අස්ථානගත වෙලා

ශ්‍රී ලංකාවේ රග්බි ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් ඉන්දීය සමාගමක් වන ‘ක්‍රිෂ්’ වෙතින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා නඩුව ගොනුකර තිබේ.

නමුත් මෙම මිලියන 70 වියදම් වූ ආකාරය පිළිබඳව සවිස්තර වාර්තාවක් පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දී ඇත. නමුත් පොලිසිය එම සම්පූර්ණ වියදම් වාර්තාව අස්ථානගත කරගෙන ඇති අතර එය නීතිපති දෙපාර්තමේන්තුවට ලබාදී නැත. ඔවුන් වියදම් වාර්තාව අස්ථාන ගත කරගෙන ඉදිරිපත් කර ඇත්තේ විස්තර වාර්තාව නොමැතිව ආවරණ ලිපිය ලිපිය පමණකි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර


ක්‍රිෂ් ගනුදෙනුව: නාමල් රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි. ඇපමත මුදා හැරීමට නියෝග

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...