The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

අසාධාරණ ලෙස කාලය දිගු කරන්නැයි කියන්න එපා - ඖෂධ සැපයුම්කරුවන් ගෙන් ඇමතිවරයා ඉල්ලයි

T

The Leader Desk

September 26, 2025 • 11:21 AM

අසාධාරණ ලෙස කාලය දිගු කරන්නැයි කියන්න එපා - ඖෂධ සැපයුම්කරුවන් ගෙන් ඇමතිවරයා ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේට (25) යෙදී තිබුණු ලෝක ඖෂධවේදීන්ගේ දිනය නිමිත්තෙන් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සංවිධානය කළ, කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ පැවති “ලෝක ඖෂධවේදීන්ගේ දිනය - 2025” සමරු උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
  • ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත ප්‍රකාරව කටයුතු කළ යුතුයි ''මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඖෂධවේදින් 4500 ක් පමණ සිටිනවා.
  • ඒ සඳහා වසර 10 ක කාලයක් ලබා දී තිබිය දී තවත් වසර 05 ක සහන කාලයක් ඉල්ලා සිටීම සාධාරණ නැහැ.
  • ඉන්සියුලින් හිඟයක් නැහැ ලෝක ඖෂධවේදීන්ගේ දිනය යෙදී ඇති දිනයේ ම මෙරට ප්‍රධාන ජාතික පුවත්පතක මුල් පිටුවක රට පුරා ඉන්සියුලින් හිඟයක් ඇති බවට පුවතක් පළ කර තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේට (25) යෙදී තිබුණු ලෝක ඖෂධවේදීන්ගේ දිනය නිමිත්තෙන් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සංවිධානය කළ, කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ පැවති “ලෝක ඖෂධවේදීන්ගේ දිනය - 2025” සමරු උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

ජගත් ඖෂධවේදී සම්මේලනයත්, ලෝක සෞඛ්‍ය සංවිධානයත්, එක්ව සැප්තැම්බර් මස 25 දිනය ලෝක ඖෂධවේදී දිනය ලෙස නම් කර ඇති අතර, ලොව පුරා රටවල් 158 ක මිලියන 04 කට ආසන්න සාමාජික සංඛ්‍යාවකගෙන් සමන්විත ජගත් ඖෂධවේදීන්ගේ සංගමය ඖෂධවේදීන්, ඖෂධ තාක්ෂණවේදීන්, ඖෂධ විද්‍යාඥයින් සහ ඖෂධවේදී ආචාර්යවරුන්ගෙන් යුක්ත ය.

ලෝක ඖෂධවේදීන්ගේ දින තේමා පාඨය වන “සෞඛ්‍යය ගැන සිතන්න, ඖෂධවේදියා ගැන සිතන්න” (Think Health, Think Pharmacist)  යන්න නිමිති කර ගනිමින් මෙවර ලෝක ඖෂධවේදී දිනය සැමරීමට මෙරට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පියවර ගෙන තිබුණි.

 

nj idfhgdhgd
මෙම උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

2015 ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත ප්‍රකාරව කටයුතු කළ යුතුයි

''මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඖෂධවේදින් 4500 ක් පමණ සිටිනවා. ඖෂධවේදීන්ගේ බරපතළ හිඟයක් පවතිනවා. පෞද්ගලික ඖෂධ ශාලාවල ද ගුණාත්මකභාවය සහ  වෘත්තීමයභාවය සහිත ඖෂධවේදීන් ප්‍රමාණයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගත යුතු යි.

2015 ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත ප්‍රකාරව වසර 10ක කාලයක් ඇතුළත, පෞද්ගලික ඖෂධ ශාලාවල ගුණාත්මකභාවය සහ  වෘත්තීමයභාවය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස දැනුම් දී තිබෙනවා. ඒ සඳහා වසර 10 ක කාලයක් ලබා දී තිබිය දී තවත් වසර 05 ක සහන කාලයක් ඉල්ලා සිටීම සාධාරණ නැහැ.

ඉන්සියුලින් හිඟයක් නැහැ

ලෝක ඖෂධවේදීන්ගේ දිනය යෙදී ඇති දිනයේ ම මෙරට ප්‍රධාන ජාතික පුවත්පතක මුල් පිටුවක රට පුරා ඉන්සියුලින් හිඟයක් ඇති බවට පුවතක් පළ කර තිබුණා. එම පුවත සම්පූර්ණ අසත්‍ය පුවතක්. ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් හෝ වෛද්‍ය සැපයුම් ඒකකයෙන් කිසිදු කරුණූ විමසීමකින් තොරව අදාළ පුවත්පත ඉහත පුවත ප්‍රචාරය කර තිබෙනවා.

වෛද්‍ය සැපුම් ඒකකය තුළත්, ආයතන තුළත්, ජාතික රෝහල තුළත් තවත් සති 03 කට අවශ්‍ය වන තරම් ඉන්සියුලින් ඖෂධය තිබෙනවා. ඔක්තෝබර් මස පළමු සතිය වන විට තවත් මාස එක හමාරකට ප්‍රමාණවත්වන ඉන්සියුලින් ඖෂධ ලැබීමට නියමිතයි. ඔක්තෝබර් මස අගභාගය වන විට තවත් මාස 04 කට අවශ්‍ය ඉන්සියුලින් ඖෂධ ලැබෙනවා.

ඖෂධ සැපයුම්කරුවන් දෝෂ සහිතව ක්‍රියා කරනවා

ඖෂධ කියන්නෙ ලාභදායි ව්‍යාපාරයක්. මෙවැනි ප්‍රවෘත්ති ඉබේ නිර්මාණය වෙන්නෙ නැහැ. ඖෂධ සැපයුම යථාවත් කිරීමට වෙහෙම මහන්සි වූ පිරිස් වෙත විවිධ මට්ටමින් බලපෑම් එල්ල වී තිබෙනවා; ඇතැම් අවස්ථාවල ජීවිත පවා අහිමි වෙලා තිබෙනවා. මත්ද්‍රව්‍යවලටත් වඩා ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ විහිදුණු පැතිරුණු ජාලයක් මෙම ඖෂධ සැපයුම් ක්‍රියාවලිය පිටුපස තිබෙනවා.

ඖෂධ සැපයුම්කරුවන් දෝෂ සහිතව ක්‍රියා කරනවා. ඖෂධ මිලදී ගැනීමේ සියලු ක්‍රියාවලීන් සම්පූර්ණ කර තිබිය දී පවා සැපයුම් කරුවන් සිදුකරන සමහර කටයුතු හේතුවෙන් ඖෂධ සැපයුමට බදා ඇති වෙනවා. වකුගඩු රෝගීන් සඳහා වන ඖෂධයක ගැටලුවක් ඇති වෙනවා., සෞඛ්‍ය අමාත්‍යාංශය යම් ප්‍රමිතිගත තත්ත්වයක් සහිත පිරිවිතර සපයා ඇති පසුබිමක සැපයුම්කරු  ඊට අඩු ප්‍රමිතියේ සැපයුම් සිදු කිරිමේ දී එය බාරගත නොහැකි යි.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය තවත් ශක්තිමත් කිරීමට පියවර

අද වන විට මෙරට ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු ඇතුළුව ව්‍යාපාරිකයන් ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනය කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේ දී ඖෂධ සැලකිය යුතු ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කර ගත හැකි වේවි. රජයේ වගකීම ලෙස ඖෂධ නියාමණය සඳහා වන ජාතික ඖෂධ නියාමන අධිකාරිය තවත් ශක්තිමත් කිරීමට පියවර ගන්නවා. ඖෂධ, ආයුර්වේද නිෂ්පාදන, ආහාර නිෂ්පාදන, රූපලාවණ්‍ය ද්‍රව්‍ය ආදී සියලු දේවල් පිළිබදව පරීක්ෂණ කළ හැකි  දකුණු ආසියාවේ අති නවීනම පහසුකම් සහිත පරීක්ෂණාගාරයක් ඉදිකිරීම සඳහා වන සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ඖෂධවේදීන්ගේ කවුන්සිලය ආරම්භ කිරීම සඳහා ද ඉදිරියේ දී කටයුතු කරනවා. මෙම සියලු දේවල් ස්වාධීනව වර්ධනයවීමට ඉඩකඩ සකස් කළ යුතු යි.''

njmc090yt54
මෙම අවස්ථාවට රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී තිලකරත්න, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුණු ඩයස්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මනුඡ් සී වීරසිංහ, ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය නිතුෂි සමරනායක, ශ්‍රී ලංකා ඖෂධ විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රියන්ත සහබන්දු, කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රධාන ඖෂධවේදීනී ශලනි පීරිස් යන අය ඇතුළු දිවයින පුරා සිටින ඖෂධවේදීන් නියෝජනය කරමින් ඖෂධවේදීන්, කොළඹ නගර සභාව නියෝජනය කරමින් ඖෂධවේදීන්, විශ්‍රාමික ඖෂධවේදීන් පිරිසක් එක්ව සිටියහ.

(සටහන | දීප්ති විජේතුංග)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...