The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ජාජබ මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි ගෙන් සජිත්ට පැසසුම්...!

T

The Leader Desk

September 26, 2025 • 6:46 PM

ජාජබ මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි ගෙන් සජිත්ට පැසසුම්...!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම යෝජනා පිළිබඳව අනාගතයේ දී සලකා බලන බවත්, අදහස් ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවත් ජාතික ජනබල වේගයේ මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි පැවසුවා ය.
  • රටක් ලෙස අපේ රටේ ගුවන් ගමන්වල ආරක්ෂාව ඉහළ මට්ටමක පැවතීම සතුටට කරුණක් වුව ද දේශීය වශයෙන් ක්‍රියාත්මක ගුවන් ගමන්වල ආරක්ෂාව සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
  • දේශීය වශයෙන් සිදු වන අනතුරු වළක්වා ගමු ''රටක් ලෙස අප රටේ ගුවන් ගමන්වල ආරක්ෂාව ඉහළ මට්ටමක පැවතීම සතුටට කරුණක්.
  • Aviation Security Score එක අප රටට 92%ක් තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

එම යෝජනා පිළිබඳව අනාගතයේ දී සලකා බලන බවත්, අදහස් ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවත් ජාතික ජනබල වේගයේ මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි පැවසුවා ය.

 
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරිය එසේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ස්තුතිය පළකර සිටියේ, දේශීය ගුවන් සේවයේ දියුණුව වෙනුවෙන් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත්කළ යෝජනා සම්බන්ධයෙනි.

රටක් ලෙස අපේ රටේ ගුවන් ගමන්වල ආරක්ෂාව ඉහළ මට්ටමක පැවතීම සතුටට කරුණක් වුව ද දේශීය වශයෙන් ක්‍රියාත්මක ගුවන් ගමන්වල ආරක්ෂාව සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ගුවන් සේවා අධිකාරිය සහ ගුවන් තොටුපොළ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේ දී අදහස් පළ දක්වමිනි.

එම විවාදයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

දේශීය වශයෙන් සිදු වන අනතුරු වළක්වා ගමු

''රටක් ලෙස අප රටේ ගුවන් ගමන්වල ආරක්ෂාව ඉහළ මට්ටමක පැවතීම සතුටට කරුණක්. Aviation Security Score එක අප රටට 92%ක් තිබෙනවා. අප රටේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආරක්ෂිත භාවය ගැන අනෙකුත් රටවල් සමග සංසන්දය කරන විට ඉහළ මට්ටමක පැවතියත් රටක් ලෙස ගුවන් සේවයේ ආරක්ෂිත භාවය මීට වඩා වර්ධනය කිරිමට කටයුතු කළ යුතු යි.

ඒ වගේ ම දේශීය වශයෙන් ක්‍රියාත්මක ගුවන් ගමන්වල ආරක්ෂාව සම්බන්ධයෙන්නුත් මීට වඩා අවධානය යොමු කළ යුතුයි. බෙල් 212 හෙලිකොප්ටර් අනතුරක් 2025 මැයි මාසයේත් 2021 වසරේ සෙස්නා අනතුර, පීටී6 පුහුණු අනතුරක් 2020 සහ 2023 සිදු වූ නිසා දේශීය වශයෙන් අනතුරු සිදුවීම් වූ නිසා රජයට යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන්න කැමතියි.

ජීපීඑස් බේස් ක්‍රමයක් ඇති කළ යුතු යි

අප රටේ හදිසි අවස්ථා ප්‍රතිචාර සහ ආරක්ෂක යටිතල පහසුකම් ක්ෂේත්‍රයෙන් දියුණු වීමට කරුණු තිබෙනවා. හදිසියක දී ප්‍රතිචාර දැක්වීමට ප්‍රාදේශිය මට්ටමින් ඒවා පිහිටුවිය යුතු යි. එම නිසා ඉක්මන් පියවරක් ලෙස හදිසි අවස්ථා ප්‍රතිචාර සහ ආරක්ෂක යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ වැඩිදියුණුවක් අවශ්‍ය යි. ඊට අමතරව සොයා බැලීම සහ මුදවා ගැනීමේ හැකියාවන් ද ප්‍රවර්ධනය කළ යුතු යි.

1974 මාටින් එයාර් අනතුරත් සමග අත්දැකීම් ඇති නිසා මෙවැනි සෙවුම් හෙලිකොප්ටර් ප්‍රාදේශීය මට්ටමින් ඇති කරන්න. ඊට අමතරව ජීපීඑස් බේස් ක්‍රමයක් ඇති කළ යුතු යි. ගුවන් ප්‍රවාහනය පාලනය සහ නාවික ප්‍රවණතා වර්ධනය කිරීම ද සිදු කළ යුතු යි. යාපනයට එහා ඇති මුහුදු සීමාවේ, නැගෙනහිර පළාතේ, දකුණු බල ප්‍රදේශයේ, මධ්‍යම කඳුකරයේ යම් යම් ප්‍රදේශවල භූගෝලීය පරතර ඇති නිසා මේ අඩුපාඩු වළක්වා ගත යුතු යි.

මත්තල ගුවන් තොටුපොළ දියුණු කරන්න

ඒ වගේ ම දියුණු කළ නාවික කරණ පද්ධතියක් තිබිය යුතු යි. මේ යටිතල පහසුකම් වර්ධනය කිරීම ගුවන් ගමන් ක්ෂේත්‍රය වඩාත් සුරක්ෂිත කිරීමට අතිශය වැදගත්. නඩත්තු සහ තාක්ෂණික සහාය කොළඹ ප්‍රදේශය පමණක් කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක වීම ප්‍රමාණවත් නොවන නිසා උතුරේ චයිනා බේ වැනි ප්‍රදේශවල ද ඇති කළ යුතු යි.

මත්තල ගුවන් තොටුපොළ දියුණු කර ගුවන් නියමුවන් පුහුණු කරන තැනක් ලෙස මෙන්ම සංචාරක කර්මාන්තය වෙනුවෙන් දියුණු කළ හැකි යි. ඊට අමතරව ගුවන් යානා නඩත්තු කටයුතු සිදු කරන ස්ථානයක් බවට පත් කළ හැකි යි.

ගුවන් ගමන් ක්ෂේත්‍රයේ ආරක්ෂිතභාවය ගැන සතුටු යි

සන්නිවේදන යටිතල පහසුකම් වැඩි දියුණු කළ යුතු යි. VHF ආවරණය කඳුකර ප්‍රදේශවල සීමාසහිත නිසා චන්ද්‍රිකා පහසුකම් ලබා දිය යුතු යි. ඩිජිටල් සන්නිවේදන ක්‍රම ද යොදා ගත යුතු යි. දත්ත සම්බන්ධක පද්ධති ක්‍රියාත්මක කළ යුතු යි. කාලගුණය නිරික්ෂණය සහ අනාවැකිකරණය වැඩි දියුණු කිරිමට අවශ්‍ය ක්‍රම සකස් කළ යුතු යි. පුහුණුව සහ මානව සම්පත් බෙදා හැරීම ද අතිශය වැදගත්.

දේශීය විශේෂඥ සංවර්ධනය තහවුරු කර කාර්යක්ෂමතාව සදහා තාක්ෂණ එකාග්‍රතාව තහවුරු කළ යුතු යි. මාධ්‍යගත ආරක්ෂණ කළමනාකරණ වැඩපිළිවෙළකට ද යොමු විය යුතු යි. රටේ ගුවන් ගමන් ක්ෂේත්‍රයේ ආරක්ෂිතභාවය ගැන සතුටු යි. අප රටෙත් පැහැදිලි ගුවන් ගමන් අනතුරු පරීක්ෂා කරන ක්‍රමයක් තිබිය යුතු යි. නෛතිකව ඇති දේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු යි. මේ ආරක්ෂිත ක්‍රම ඇති කර ගුවන් ගමන් ආරක්ෂණ ක්‍රම තවදුරටත් තහවුරු කළ යුතු යි.''

 

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...