The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

වසන්ත, මහින්ද සහ රන්ජන් අත්අඩංගුවට ගැනීමට කළ ඉල්ලීම ඉවතට

T

The Leader Desk

September 27, 2025 • 4:39 AM

වසන්ත, මහින්ද සහ රන්ජන් අත්අඩංගුවට ගැනීමට කළ ඉල්ලීම ඉවතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ වරදක් සිදුවී ඇති බවට තීරණය කර මුල් පැමිණිලිකරු විසින් නම්කර ඇති පුද්ගලයන් සැකකරුවන් ලෙසට නම් කර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස මුල් පැමිණිලිකරු වෙනුවෙන් කරන ලද ඉල්ලීම ගල්කිස්ස මහේස්ත්‍රාත් පසාන් අමරසේන ඊයේ (සැප්තැම්බර් 26) ප්‍රතික්ෂේප කළේය.
  • ''නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට්'' ආයතනය සතු දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලදැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇත.
  • නැවත මෙම නඩුව ලබන 2026 වර්ෂයේ පෙබරවාරි මස 27 වන දින කැඳවීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ වරදක් සිදුවී ඇති බවට තීරණය කර මුල් පැමිණිලිකරු විසින් නම්කර ඇති පුද්ගලයන් සැකකරුවන් ලෙසට නම් කර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස මුල් පැමිණිලිකරු වෙනුවෙන් කරන ලද ඉල්ලීම ගල්කිස්ස මහේස්ත්‍රාත් පසාන් අමරසේන ඊයේ (සැප්තැම්බර් 26) ප්‍රතික්ෂේප කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා 2025 වර්ෂයේ පෙබරවාරි මස 19 වන දින මෙම නඩුවෙහි විමර්ශන ගොනුව නීතිපතිවරයාට යොමු කර ඇති පසුබිමක සහ මේ සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යංශය විසින් දැනට සිදු කර ඇති විමර්ශනයන්ට අනුව අපරාධ වරදක් සිදුවී ඇති බවට කරුණු අනාවරණය නොවීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.

ඇමති වසන්ත ඇතුළු පිරිස ප්‍රකාශ ලබා දෙයි

ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය නඩුවාරයකදී එවකට ගල්කිස්ස හිටපු මහේස්ත්‍රාත්වරිය කරන ලද නියෝගයකට අනුව අගෝස්තු 14 දින නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සහ අගෝස්තු 21 වන දින අමාත්‍ය වසන්ත සමරසිංහ කොළඹ වංචා විමර්ශන කාර්යංශයට පැමිණ ප්‍රකාශ ලබා දී තිබුණද එම ප්‍රකාශ සටහන් කර, විමර්ශන අවසන් කිරීමට පෙර මෙම නඩුවේ විමර්ශන ගොනුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමු කර තිබිණි.

විමර්ශනයට අදාළව සියලුම ප්‍රකාශ සටහන් කර අවසන් බවත්, 2020 වර්ෂයේ නැෂනල් වර්කස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ පැවති මහ සභාවේ දී එහි විධායක කමිටු නිලධාරීන්ගේ තීරණය මත බදු දීමනාකරු වශයෙන් තමන් පෙනී සිටි බවට වසන්ත සමරසිංහගේ ප්‍රකාශයේ සඳහන් කර ඇති බවත් වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පසුගිය අගෝස්තු 22 වන දින පැවති නඩු වාරයේදී අධිකරණය හමුවේ පැවසීය.

අදාළ නඩුව ගොනු කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී අධිකරණය මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් පැහැදිලිව නියෝග කර තිබුණද, එම නියෝග ක්‍රියාත්මක නොකොට අධිකරණය නොමග යවමින් නීතිපති උපදෙස් උවමනා බව පොලිසිය පවසා සිටින බවත්, නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් ආයතනයයේ නීත්‍යානුකූල නිලධාරීන් සිටියදී මෙම දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම බදු දීමේ හැකියාවක් වසන්ත සමරසිංහ යන අයට නොමැති බවත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න පසුගිය අගෝස්තු 22 පැවති නඩු වාරයේදී අධිකරණය හමුවේ පවසා සිටියේ ය.

''නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට්'' ආයතනය සතු දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලදැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇත.

නැවත මෙම නඩුව ලබන 2026 වර්ෂයේ පෙබරවාරි මස 27 වන දින කැඳවීමට නියමිතය.

(බීබීසී සිංහල )


මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

ඉඩම් වංචා නඩුව: විමර්ශන අවසන් වීමට පෙර විමර්ශන ගොනුව නීතිපති වෙත යැවීම ගැන ගල්කිස්ස මහේස්ත්‍රාත් විමසයි

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...