The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

හමුදාව උතුරේ ඉඩම් අල්ලා ඉදිකළ තිස්ස විහාරය ‘ලියාපදිංචි කර නෑ’

T

The Leader Desk

September 27, 2025 • 5:39 AM

හමුදාව උතුරේ ඉඩම් අල්ලා ඉදිකළ තිස්ස විහාරය ‘ලියාපදිංචි කර නෑ’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් උතුර තයියට්ටි ගම්මානයේ තිස්ස විහාරය නමින් විහාරස්ථානයක් තිබෙනවා.
  • ඉඩමේ අයිතිය කියා පාමින් දෙමළ ජනතාව සිදු කරන දීර්ඝකාලීන විරෝධය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අධිකරණ අමාත්‍යවරයාද මැදිහත් වූ බවයි බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි පවසන්නේ.
  • "ඒ වගේම තමයි මේ ඕනුර් සංවිධානය සහ ගරු අධිකරණ අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු පිරිසක් යාපනයට ගිහිල්ලා දීර්ඝ මැදිහත්වීමක් කළා.
  • ඒකට අවශ්‍ය අවංක මැදිහත්විම් කරමින් ඉන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):


"යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් උතුර තයියට්ටි ගම්මානයේ තිස්ස විහාරය නමින් විහාරස්ථානයක් තිබෙනවා. ඒක ලියාපදිංචි කරලා නැහැ. ඉඩමේ අයිතිය පිළිබද කරුණු සොයා බැලිය යුතුව තිබෙනවා."

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි සැප්තැම්බර් 26 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවට ඒ බව හෙළි කර තිබුනේ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජ්‍යෙෂ්ඨ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  ශිවඥානම් ශ්‍රී ධරන් තිස්ස විහාරය සම්බන්ධයෙන්  කළ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු ලබා දෙමිනි.

විහාරස්ථානය ඉදි කර තිබෙන සිය ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලමින් 2023 වසරේ සිට සෑම මසකම පුර පොහොය දිනයේ විහාරස්ථානය සමීපයේ විරෝධතාවයේ නිරත දෙමළ ජනයා චෝදනා කරන්නේ දෙමළ පවුල් 14 ට අයත් පරප්පු 100 කට (අක්කර 6.2) ආසන්න භුමියක් බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් යුද හමුදාව තිස්ස විහාරස්ථානය ඉදි කර ඇති බවයි.

ඉඩමේ අයිතිය කියා පාමින් දෙමළ ජනතාව සිදු කරන දීර්ඝකාලීන විරෝධය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අධිකරණ අමාත්‍යවරයාද මැදිහත් වූ බවයි බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි පවසන්නේ.

"ඒ වගේම තමයි මේ ඕනුර් සංවිධානය සහ ගරු අධිකරණ අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු පිරිසක් යාපනයට ගිහිල්ලා දීර්ඝ මැදිහත්වීමක් කළා. ඒකේ වාර්තාවත් දැනට මා සතුව මෙතන තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධව ගැටළුව මේ ඉඩම් අත්පත්කරගැනීම සහ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ආදී තැනක තිබෙනවා. ඒක අප අමාත්‍යාංශය සහ ඉඩම් අමාත්‍යාංශය එකතුව කරන්නට ඕන."

විහාරස්ථානය ඉදි කර තිබෙන භුමිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්වය විසදීමට වත්මන් ආණ්ඩුව ‘අවංක මැදිහත්වීමක්’ සිදු කරමින් සිටින නමුත් එයට ක්ෂණික විසදුම් ලබා දීමට රජයේ අසමත්කම ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ වැඩි දුරටත් සඳහන් කළේය.

"නමුත් මම අවධාරණය කරනවා, ගරු පාර්ලිමේන්තුවට සහ ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා අප මේ සම්බන්ධව අරගෙන තිබෙන අවංක උත්සාහය දිහා බලන්නට ඕන. මම දැක්කා උතුරු පළාතේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු වලදී  පවා මේ ප්‍රශ්නය මතු වෙනවා. ඒ වගේම එතන අපේ මන්ත්‍රීවරු, අමාත්‍යවරු ඉතා පැහැදිලිව කරුණු කිව්වා. ඉතා අවංක උවමනාවක් අපට තිබෙනවා උතුරේ මේ ගැටළුව විසදන්න. ඒකට අවශ්‍ය අවංක මැදිහත්විම් කරමින් ඉන්නවා. නමුත් ඒක ක්ෂනිකව, කෙටියෙන් විසඳලා පිළිතුරු දෙන්න පුළුවන් තත්වයක නෙමෙයි තිබෙන්නේ."

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ වැඩි දුරටත් හෙළි කර තිබුනේ යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් උතුර ප්‍රදේශයේ ලියාපදිංචි නොකළ තිස්ස විහාර කිහිපයක්ම පවතින බවයි.

"මම දීර්ඝ වශයෙන් කරුණු එකතු කළා. යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් උතුර ප්‍රදේශයේ තිස්ස විහාරම කිහිපයක් තිබෙනවා. ඒ සමහර ඒවා ගරු කතානායකතුමනි, ලියාපදිංචි වෙලා තියනවා. සමහර ඒවා ලියාපදිංචි වෙලා නැහැ. ඒ නිසා ලියාපදිංචියේ ඉදලම සංකීර්නතාවක්  තිබෙනවා මේ ප්‍රශ්නය විසද ගන්නට ඕන. අපි මේ පත් කරලා තිබෙන කමිටු කිහිපය හරහා මේ පිළිබදව මැදිහත්වීම් කරමින් ඉන්නවා."

 “ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස දක්වා දිව යන ඉතිහාසයකයට උරුමකම් කියන මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බව ඉතිහාසයේ සඳහන් වෙතැ,” යි යුද හමුදාව පවසයි.
"කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවය" 2023 අප්‍රේල් 27 වැනි දින සිදු කළ බව 2023  අප්‍රේල් 29 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව සිය නිල පුවත් වෙබ් අඩවියේ වැඩි දුරටත් සදහන් කර තිබේ.
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...