The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

''රංග දිසානායක ගැන නන්දනගේ චෝදනාව බොරුවක්'' - නි. ඇමති වටගල කියයි

T

The Leader Desk

September 27, 2025 • 3:37 PM

''රංග දිසානායක ගැන නන්දනගේ චෝදනාව බොරුවක්'' - නි. ඇමති වටගල කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජවිපෙ හිටපු ලේකම් නන්දන ගුණතිලක කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පවසයි.
  • අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
  • නන්දන ගුණතිලක, ජනතා විමුක්ති පෙරමුණේ පාලක ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර 1999 ජනාධිපතිවරණයේදී එම පක්ෂය ඇතුළු සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙසද ඉදිරිපත් විය.
  • පසුව ඔහු එම පක්ෂයෙන් ඉවත් වූ අතර මේවනවිට එක්සත් ජාතික පක්ෂයේ නායකයකු ලෙස කටයුතු කරන අතර කෘත්‍යාධිකාරී මණ්ඩලය ද නියෝජනය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජවිපෙ හිටපු ලේකම් නන්දන ගුණතිලක කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පවසයි.

අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය..

නන්දන ගුණතිලක, ජනතා විමුක්ති පෙරමුණේ පාලක ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර 1999 ජනාධිපතිවරණයේදී එම පක්ෂය ඇතුළු සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙසද ඉදිරිපත් විය.

පසුව ඔහු එම පක්ෂයෙන් ඉවත් වූ අතර මේවනවිට එක්සත් ජාතික පක්ෂයේ නායකයකු ලෙස කටයුතු කරන අතර කෘත්‍යාධිකාරී මණ්ඩලය ද නියෝජනය කරයි.

තමා විසින් කැදවූ නීති කමිටුවේ නීතිඥවරුන් ලෙස සුනිල් වටගල සහ රංග දිසානායක යන දෙදෙනා සිටි බවට නන්දන ගුණතිලක පසුගියදා පැවති රුපවාහිනී සංවාදයකදී ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් නන්දන ගුණතිලකගේ එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුව මීට පෙර විවිධ නායකයන් යටතේ කැඳවා ඇති නමුත් රංග දිසානායක කිසිමදාක එම කමිටුවට සහභාගී වී නොමැති බවයි.

 

එමෙන්ම නන්දන ගුණතිලක විසින් අත්සන් ලේඛනයක් තිබෙන බවට කර ඇති ප්‍රකාශය ද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කළ අතර එම කමිටුව අත්සන් ලබාගැනීමක්ද සිදුකර නැති බව ඔහු ප්‍රකාශ කළේය.

මෙම අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යම්කිසි නීතිමය ක්‍රියාමාර්ග ගනීවිදැයි තමා නොදන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඒ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ සුනිල් වටගල,


''යම් කිසි හිත් කඩාවැටීමක් එක්ක වෙන්න ඕනෑ මෙතරම් අසත්‍යයක් කියන්නේ''

” මටත් ඇහුණා වොයිස් කට් එකක ඒක කියනවා. මම දන්නෑ නන්දන ගුණතිලක මහත්තයා එවැනි ප්‍රකාශයක් ඇයි ඒ කියන්නේ කියලා. මට හිතෙන්නේ යම් කිසි හිත් කඩාවැටීමක් එක්ක වෙන්න ඕනෑ මෙතරම් අසත්‍යයක් කියන්නේ.

මොකද ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුව කියන එක එයා විතරක් නෙවෙයි විවිධ අවස්තාවල දේශපාලන මණ්ඩල සභිකයෝ ඒ ඒ කාලසීමාවන්වල ඒ ඒ නායකත්වයන් යටතේ කැදවලා තිබෙනවා. මම දිගටම හිටියා. හැබැයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අපේ නීතිඥ කමිටුවකට ඇවිල්ලාත් නෑ. සහභාගී වෙලාත් නෑ. ඉදලාත් නෑ. ඒ වගේ අසත්‍යයක් නන්දන ගුණතිලක මහතා කියන්න හේතුව අපට තේරුම් ගන්න පුලුවන්. එතුමා කේන්තියෙන් ඉන්නේ. එතුමා හිටපු දේශපාලන ව්‍යාපාරය අද ජයග්‍රහණය කරලා තියෙන වෙලාවක එතුමා කේන්තියෙන් පසුවෙනවා. ඔහු නැතිව මේ ජනතා ව්‍යාපාරය ඉස්සරහට යන එක සම්බන්ධයෙන්. එතුමාට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යම්කිසි නීතිමය ක්‍රියාමාර්ග ගනීවිද දන්නෑ. සක්සුදක් සේ පැහැදිලියි ඔහු අපේ කිසිම නීති කමිටුවක හිටපු කෙනෙක් නෙවෙයි. සහභාගී වෙලාත් නෑ. ,

නන්දන කියනවානම් අත්සන් ලේඛනයක් තිබෙනවා කියලා. අපි කවදාවත් නීති කමිටුවේ අත්සන් ගහන සිරිතක් තිබුණේත් නෑ. මොකටද අපි නීති කමිටුවකට ගිහිල්ලා අත්සනක් ගහන්නේ. ඒකෙන්ම පේනවා ඒක අමූලික බොරුවක් කියලා”

 kxdter5

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...