The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ජනපති ජපානයට ළඟා වෙයි

T

The Leader Desk

September 27, 2025 • 3:57 PM

ජනපති ජපානයට ළඟා වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.
  • ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 27 වන දින සිට 30 වන දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වේ.
  • “එක්ස්පෝ 2025” ශ්‍රී ලංකා දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 27 වන දින ජපානයේ ඔසාකාහි පැවැත්වෙන “එක්ස්පෝ 2025” ශ්‍රී ලංකා දින සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වීමට නියමිතය.
  • ශ්‍රී ලංකා ආයෝජන සංසදය එමෙන්ම, ශ්‍රී ලංකා සහ ජපාන වාණිජ මණ්ඩල ඒකාබද්ධව ටෝකියෝහිදී සංවිධානය කර තිබෙන ශ්‍රී ලංකා ආයෝජන සංසදය සඳහාද ජනාධිපතිවරයා සහභාගී වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

එහිදී  ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමතා (Akio ISOMATA), ජපානයේ සිටින ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු විසින් ජනාධිපතිවරයාව හරසරින් පිළිගනු ලැබීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 27 වන දින සිට 30 වන දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වේ.


“එක්ස්පෝ 2025” ශ්‍රී ලංකා දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

සැප්තැම්බර් 27 වන දින ජපානයේ ඔසාකාහි පැවැත්වෙන “එක්ස්පෝ 2025” ශ්‍රී ලංකා දින සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වීමට නියමිතය.      

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම උත්සවය සංවිධානය කරනු ලබයි.

සිය සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු වීමට නියමිත අතර, ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru Ishiba) සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා, ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යවරයා ඇතුළු ප්‍රධාන පෙළේ අමාත්‍යවරු කිහිප දෙනෙක්  හමු වී ද්වී-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

ශ්‍රී ලංකා ආයෝජන සංසදය

එමෙන්ම, ශ්‍රී ලංකා සහ ජපාන වාණිජ මණ්ඩල ඒකාබද්ධව ටෝකියෝහිදී සංවිධානය කර තිබෙන ශ්‍රී ලංකා ආයෝජන සංසදය සඳහාද ජනාධිපතිවරයා සහභාගී වනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටී.

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනපති ජපානයට ළඟා වෙයි | The Leader