The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ලෝක ජලභීතිකා දින තේමාවට 'ජල භීතිකා' යන වචනය ඇතුළත් නොකරයි !

T

The Leader Desk

September 28, 2025 • 4:46 AM

ලෝක ජලභීතිකා දින තේමාවට 'ජල භීතිකා' යන වචනය ඇතුළත් නොකරයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය 19 වන ලෝක ජලභීතිකා දිනය වන අතර මෙම වසරේ ලෝක ජලභීතිකා දින තේමාව වන්නේ: “දැන් ක්‍රියා කරන්න: ඔබ, මම, ප්‍රජාව”( Act Now:You,me,Community) යන්නයි.එමඟින් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටිනුයේ වගකීම භාර ගැනීම, එකට වැඩ කිරීම මඟින් සැබෑ වෙනසක් ඇති කිරීමයි.
  • එහි වසර 19 ක ඉතිහාසයේ පළමු වතාවට, ලෝක ජලභීතිකා දින තේමාවට “ජල භීතිකා” යන වචනය ඇතුළත් නොවන අතර,එමඟින් මෙම ව්‍යාපාරය කෙතරම් සංවිධිත ලෙස ස්ථාපිත වී ඇත්ද යන්න පෙන්වයි.
  • ඒ අනුව ඔවුන් ඉල්ලා සිටිනුයේ මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ජල භීතිකා මර්දන වැඩ සටහන අදාල විෂය පථය හා සෘජුවම සම්බන්ධ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු භාරයට පමුණුවන ලෙස ය.
  • ඒ අතර මානුෂීය ක්‍රම මඟින් සුනඛ ගහණය කළමණාකරණය කිරීමේ නවීන සංකල්පය මුල් කොට ගත් විශේෂ ජලභීතිකා දින සැමරුමක් අද පෙ.ව 9.00ට අනුරාධපුර පැරණි බස් නැවතුම් පළ අසල නැනුප ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී ආරම්භ වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙය 19 වන ලෝක ජලභීතිකා දිනය වන අතර මෙම වසරේ ලෝක ජලභීතිකා දින තේමාව වන්නේ: “දැන් ක්‍රියා කරන්න: ඔබ, මම, ප්‍රජාව”( Act Now:You,me,Community) යන්නයි.එමඟින් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටිනුයේ වගකීම භාර ගැනීම, එකට වැඩ කිරීම මඟින් සැබෑ වෙනසක් ඇති කිරීමයි.

එහි වසර 19 ක ඉතිහාසයේ පළමු වතාවට, ලෝක ජලභීතිකා දින තේමාවට “ජල භීතිකා” යන වචනය ඇතුළත් නොවන අතර,එමඟින් මෙම ව්‍යාපාරය කෙතරම් සංවිධිත ලෙස ස්ථාපිත වී ඇත්ද යන්න පෙන්වයි.

නමුත් ජල භීතිකාව තුරන් කරවීම සම්බන්ධ ලෝක සෞඛ්‍ය සංවිධාන මාර්ගෝපදේශනයන් පවා නිසි ලෙස අනුගමනය නොකරන අප රටේ එදා මෙදා තුර ස්ථාපිත ආණ්ඩු විසින් ජලභීතිකාව මර්දනය සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගනු වෙනුවට එය සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනකු ගේ බඩ වඩා ගැනීමක් බවට පත් කර ගැනීමට ඉඩ දී ඇති බවට රජයේ සේම පෞද්ගලික පශු වෛද්‍යවරු ද චෝදනා කරති.

ඒ අනුව ඔවුන් ඉල්ලා සිටිනුයේ මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ජල භීතිකා මර්දන වැඩ සටහන අදාල විෂය පථය හා සෘජුවම සම්බන්ධ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු භාරයට පමුණුවන ලෙස ය.

එමෙන්ම අදින් ඇරඹෙන සතිය තුළ රට පුරා සත්ව සායන හා විවිධ රාජ්‍ය නොවන සංවිධාන මඟින් සුනඛයන් සඳහා නොමිලයේ ජල භීතිකා එන්නත් වැඩ සටහන් වැඩිම ගණනක් ක්‍රියාත්මක වීම ද විශේෂත්වයකි.

ඒ අතර මානුෂීය ක්‍රම මඟින් සුනඛ ගහණය කළමණාකරණය කිරීමේ නවීන සංකල්පය මුල් කොට ගත් විශේෂ ජලභීතිකා දින සැමරුමක් අද පෙ.ව 9.00ට අනුරාධපුර පැරණි බස් නැවතුම් පළ අසල නැනුප ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී ආරම්භ වේ.

| vinivida.lk

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෝක ජලභීතිකා දින තේමාවට 'ජල භීතිකා' යන වචනය ඇතුළත් නොකරයි ! | The Leader