ඔක්තෝබර් 10 වන සිකුරාදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ මෙම යෝජනාව ලැයිස්තුගත කර ඇති අතර එහිදී පෞද්ගලික මන්ත්‍රී යෝජනා අටක් විවාදයට ගැනීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට අනුව, මන්ත්‍රීවරයාගේ යෝජනාවේ අරමුණ වන්නේ දේශපාලන පක්ෂ ජනවාර්ගික හෝ ආගමික අනන්‍යතා අවධාරණය කරන නම් භාවිත කිරීම වැළැක්වීමයි.
ඔහු පවසන්නේ, එය දේශපාලනයේ සියලු පාර්ශ්ව ඇතුළත් ජාතික අනන්‍යතාවයක් දිරිමත් කරන අතර වාර්ගිකත්වය අඩුකරන බවයි.
ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කෙරෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව මිට ඉහතදී තීරණය කර තිබිණ.
මැතිවරණ කොමිශන් සභාව ඊයේ (23) රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
දැනට ලියාපදිංචි කර ඇති පිළිගත් දේශපාලන පක්ෂවල නිල නාම එවැනි ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර ඇත්නම් ඒවා සංශෝධනය කිරීමට මෙන්ම එම පක්ෂවල ව්‍යවස්ථාවේ එවැනි වගන්ති ඇතුළත් වන්නේ නම් අදාළ දේශපාලන පක්ෂ දැනුවත් කර ඒවා සංශෝධනයට සාධාරණ කාලසීමාවක් ලබාදීමට ද මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබිණ.
(මුලාශ්‍රය | ceylonwire)




