The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

අගමැතිනිය 'ස්ත්‍රීවාදයේ අනාගතය: කලාව, ක්‍රියාකාරීත්වය සහ දකුණු ආසියානු කාන්තාව' ප්‍රදර්ශනයට එක්වෙයි

T

The Leader Desk

September 28, 2025 • 7:04 AM

අගමැතිනිය 'ස්ත්‍රීවාදයේ අනාගතය: කලාව, ක්‍රියාකාරීත්වය සහ දකුණු ආසියානු කාන්තාව' ප්‍රදර්ශනයට එක්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යන තේමාව මූලික කරගත් දකුණු ආසියාතික ස්ත්‍රීවාදී කලාකරුවන්ගේ නිර්මාණ ඇතුළත් කලා ප්‍රදර්ශනය නැරඹීම සඳහා සැප්තැම්බර් 26 වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්වූවා ය.
  • ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, බංගලාදේශය සහ පකිස්ථානය යන දකුණු ආසියානු රටවල් නියෝජනය කරමින් ස්ත්‍රීවාදී කලාකාරිනියන් එකොළොස් දෙනෙකුගේ නිර්මාණ මෙහි දී ප්‍රදර්ශනයට ලක්වන අතර ඔවුන් සිය රටවල් තුළ ස්ත්‍රීන් මුහුණ දෙන අර්බුද මෙම කලා නිර්මාණ තුළින් ඉදිරිපත් කර ඇත.
  • එමෙන් ම මෙම ප්‍රදර්ශනය ලොව රටවල් කිහිපයක ම ප්‍රදර්ශනය කිරීම සිදුවන අතර මින් පෙර නේපාලයේ කත්මණ්ඩු නුවර දී මෙය පවත්වා ඇත.
  • ශ්‍රී ලංකාවේ දී මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් 26 වන දින සිට ඔක්තෝබර් 08වන දා දක්වා කොළඹ ජාතික කෞතුකාගාරයේ ලෝටස් කලාගාරයේ දී පැවැත්වෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

යන තේමාව මූලික කරගත් දකුණු ආසියාතික ස්ත්‍රීවාදී කලාකරුවන්ගේ නිර්මාණ ඇතුළත් කලා ප්‍රදර්ශනය නැරඹීම සඳහා සැප්තැම්බර් 26 වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්වූවා ය.

මෙම කලා ප්‍රදර්ශනය හරහා ස්ත්‍රීවාදයේ අනාගතය, ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතාවය, සමාජභාවය මත පදනම් වූ පද්ධතිමය හිංසනය යන කාරණා  ප්‍රශ්න කරන අතරම ස්ත්‍රී ශක්‍තිය, ස්වාධීනත්වය සහ සහයෝගීතාවය සැමරීමට ලක් කරයි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, බංගලාදේශය සහ පකිස්ථානය යන දකුණු ආසියානු රටවල් නියෝජනය කරමින් ස්ත්‍රීවාදී කලාකාරිනියන් එකොළොස් දෙනෙකුගේ නිර්මාණ මෙහි දී ප්‍රදර්ශනයට ලක්වන අතර ඔවුන් සිය රටවල් තුළ ස්ත්‍රීන් මුහුණ දෙන අර්බුද මෙම කලා නිර්මාණ තුළින් ඉදිරිපත් කර ඇත.

එමෙන් ම මෙම ප්‍රදර්ශනය ලොව රටවල් කිහිපයක ම ප්‍රදර්ශනය කිරීම සිදුවන අතර මින් පෙර නේපාලයේ කත්මණ්ඩු නුවර දී මෙය පවත්වා ඇත. ශ්‍රී ලංකාවේ දී මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් 26 වන දින සිට ඔක්තෝබර් 08වන දා දක්වා කොළඹ ජාතික කෞතුකාගාරයේ ලෝටස් කලාගාරයේ දී පැවැත්වෙනු ඇත.

මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනෝජා කස්තුරිආරච්චි අය ඇතුළුව දෙස් විදෙස් කලාකරුවන් සහ සම්භාවනීය අමුත්තන් පිරිසක් සම්බන්ධ වූහ.

HA F 1

 HA F 2

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...