වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
බිම් මට්ටමේ තරුණ ප්‍රජාව විශේෂයෙන් කාන්තා ව්‍යවසායකයන් සවි බල ගැන්වීම මෙහි පළමු අදියර බව පිරිපුන් සංවිධානයේ සභාපති ඉංජිනේරු ආනන්ද දේවසිංහ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මේ අනුව ''පිරිපුන් සංවිධානය'' රට පුරා තෝරාගත් තරුණ තරුණියන්ට සහ කාන්තාවන්ට, ප්‍රධාන මාර්ගවල මග දෙපස සහ ජනාකීර්ණ ස්ථාන වල අලුතින් හෝ පවත්වාගෙන යන ව්‍යාපාරයක් වැඩි දියුණු කර ගැනීමට කුඩා ව්‍යාපාර ස්ථාන (පෙට්ටි. කඩ)1,000ක් පළමු වටය යටතේ ලබාදීමට කටයුතු කෙරේ. එමගින් ඔවුන්ට තමන්ගේම ක්ෂුද්‍ර මට්ටමේ ව්‍යාපාර ආරම්භ කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව දේවසිංහ ප්‍රකාශ කළේය.
මෙලෙස ව්‍යාපාර ආරම්භ කරන්නන්ට දිරියෙන් ඉදිරියට ඒමට අවශ්‍ය මග පෙන්වීම් විශේෂයෙන් මූල්‍ය විනයක් සහ ඉතිරිකිරීමේ පුරුද්ද ප්‍රවර්ධනයට කරුණු කාරණා කියාදීමට කටයුතු කරන අතර ඔවුන්ට ව්‍යාපාර සඳහා සුදානම් වීම සඳහා ආකල්පමය පුහුණුවක්ද මෙමගින් ලබාදෙන බව ඉංජිනේරුවරයා කීය.
ඉන් අනතුරුව එම පිරිස් ශක්තිමත් ව්‍යවසායකයන් බවට පත් කිරීම සඳහා ව්‍යුහගත වැඩ සටහන් වලට සම්බන්ධ කර ගැනෙන බවත් හෙතෙම කීවේය.
පිරිපුන් සංවිධානය පිහිටවනු ලැබ ඇත්තේ පවතින පාලනය පිළිගන්නා ගමන් ඉන් ඔබ්බට යන යහපාලනයක් ඇති කිරීම මූලික අරමුණු කර ගනිමින් යැයි ආනන්ද දේවසිංහ වැඩීදුරටත් පැවසීය.
(සටහන | ජේ.මුණසිංහ)





