The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

පෝර්ට් සිටි ආයෝජකයන්ට දී තිබු බදු සහන ඉවත් කරමින් අලුත් ගැසට් එකක් !

T

The Leader Desk

September 29, 2025 • 6:02 AM

පෝර්ට් සිටි ආයෝජකයන්ට දී තිබු බදු සහන ඉවත් කරමින් අලුත් ගැසට් එකක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශවලට අනුකූලව, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත්තේ පසුගිය 20 වැනිදාය.
  • මෙම සංශෝධනය ‘උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර සහ ‘උපාය මාර්ගික වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර යන කාණ්ඩ දෙකටම අදාළවේ.
  • ඒ අනුව, මෙම ගැසට් සංශෝධනය “උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර” (PBSIs) සහ “උපායමාර්ගික වැදගත්කමක් ඇති ද්විතියික ව්‍යාපාර” (SBSIs) යන ව්‍යාපාර ද්විත්වයටම අදාළ වේ.
  • කොළඹ වරාය නගරයේ ව්‍යාපාර සඳහා, 2023 අගෝස්තු මස නිකුක් කරන ලද ගැසට් පත්‍රයෙන් ඉදිරිපත් කරන ලද රෙගුලාසි සංශෝධනය වීමක් මෙමඟින් සිදුවන අතර, ඒ අනුව ඒ හරහා ලබාදුන් සහන අඩු කිරීමක් සිදුව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශවලට අනුකූලව, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත්තේ පසුගිය 20 වැනිදාය.

මෙම සංශෝධනය ‘උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර සහ ‘උපාය මාර්ගික වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර යන කාණ්ඩ දෙකටම අදාළවේ.

ඒ අනුව, මෙම ගැසට් සංශෝධනය “උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර” (PBSIs) සහ “උපායමාර්ගික වැදගත්කමක් ඇති ද්විතියික ව්‍යාපාර” (SBSIs) යන ව්‍යාපාර ද්විත්වයටම අදාළ වේ.

කොළඹ වරාය නගරයේ ව්‍යාපාර සඳහා, 2023 අගෝස්තු මස නිකුක් කරන ලද ගැසට් පත්‍රයෙන් ඉදිරිපත් කරන ලද රෙගුලාසි සංශෝධනය වීමක් මෙමඟින් සිදුවන අතර, ඒ අනුව ඒ හරහා ලබාදුන් සහන අඩු කිරීමක් සිදුව තිබේ.

ඒ අනුව, උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර සඳහා වසර 25 ක් වූ, හා ඉන් ද අනතුරු ව සියයට 50% ක ආයතනික බදු අනුපාතයකින් තවත් වසර 10කින් දීර්ඝ වූ කාලය උපරිම වශයෙන් වසර 15 දක්වා අඩු කර තිබේ.

එමෙන්ම, උපායමාර්ගික වැදගත්කමක් ඇති ද්විතියික ව්‍යාපාරවලට පෙර පැවති රෙගුලාසි යටතේ වසර 25 ක කාලයක් සඳහා නිදහස් කිරීම් හෝ දීමනා ලැබුණු අතර, මෙය වසර හතරක සහනදායී බදුකරණයක් (සියයට 7.5%) මඟින් ප්‍රතිස්ථාපනය කර ඇත. එම බද්ද තවමත් ගෙවනු ලබන නමුත් අඩු අනුපාතිකයක් යටතේ ගෙවීමට සිදුවනු ඇත.

 

2023 වර්ෂයේ දී, ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය සමඟ සාකච්ඡාකර කාලානුරූපී දීමනා සඳහා විනිවිදභාවයකින් යුත්, නීතිරීති මත පදනම් වූ, හොඳම භාවිතයන්ට අනුකූලව පෙළගස්වන ලද නිර්ණායකවලට අනුකූලව වරාය නගර පනත සංශෝධනය කිරීමට පොරොන්දු විය.

 

එවකට, බදු නිදහස් කිරීම් හෝ දීමනා ලබා දීමෙන් වැළකී සිටීමට සහ සියලු බදු දීමනා ඇගයීමට, සහ ඒවායේ ප්‍රතිලාභ ඒවායේ පිරිවැයට සාපේක්ෂව මැන බැලීමට ද රජය එකඟ වූ නමුත්, බදු නිදහස් කිරීම්වලට එකඟවන ලද්දේ නිශ්චිත හෝ පාරදෘශ්‍යභාවයකින් යුතු නිර්ණායක හෝ ක්‍රියාපටිපාටියකට අනුකූල නොවේ.

එබැවින් එවැනි බදු නිදහස් කිරීම් සඳහා නව රාමුවක් සකස් කිරීමට, සිදුවිය හැකි දූෂණ අවදානම් අවම කිරීමට සහ බදු ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට අභිප්‍රාය ප්‍රකාශකරන ලිපියක් නිකුත් කිරීමට රජය කටයුතු කරන ලදී.

කෙසේවෙතත්, 2024 සැප්තැම්බර් මාසය වන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දීමකින් තොරව වත්මන් වරාය නගර පනත යටතේ වරාය නගරයේ ආයෝජනය කරන සමාගම් 24 කට බදු සහන ලබා දීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතුකර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2025 අගෝස්තු මස නිකුත් කරන ලද දේශීය වාර්තාවේ දැක්වේ.

එසේ සිදුවන්නේ 2023 වර්ෂයට අදාළව ක්‍රියාත්මකවන රෙගුලාසි ඉකුත් මස කල් ඉකුත් වී තිබෙන තත්ත්වයක් යටතේ වන අතර, මෙම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමට රජය කටයුතු කරන්නේ එවන් පසුබිමක් තුළ ය. මේ අතර, වරාය නගර පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට ද රජය සූදානමින් සිටින බව වාර්තා වේ.

2025 නව රෙගුලාසි මඟින්;

උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර සඳහා – නිදහස් කිරීම් ආරම්භ කිරීමේ දිනය, “ගැසට් පත්‍රයේ නියෝගයක් ප්‍රකාශයට පත් කළ දින“ සිට “ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාලය ඉකුත් වූ පසු“ ලෙස සංශෝධනයවන අතර, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාලය වසර හතරේ සිට අට දක්වා පරාසයට පුළුල් වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස, ව්‍යාපෘති සංවර්ධන අදියර අවසන් වූ පසු බදු නිදහස් කිරීම ආරම්භවනු ඇත.

මේ අතර, උපායමාර්ගික වැදගත්කමක් ඇති ද්විතියික ව්‍යාපාරවලට 2023 නිකුත් කරන ලද ගැසට් පත්‍රය මඟින් 2022 අංක 11 දරණ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ II උපලේඛනය යටතේ දක්වා ඇති නීති දහතුන යටතේ වසර 25 ක කාලයක් දක්වා ආදායම් නොවන බදු සඳහා නිදහස් කිරීම් ලැබිණි. මීට දේශීය ආදායම් පනත, එකතුකළ අගය මත බදු පනත, මුදල් පනත, සුරාබදු (විශේෂ විධිවිධාන) පනත, රේගු ආඥා පනත, වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත, කැසිනෝ ව්‍යාපාර (නියාමනය) පනත ආදිය අයත් ය.

 

කෙසේවෙතත්, නව ගැසට් පත්‍රය හරහා මෙම සහන රේගු ආඥා පනත, වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත, සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතට පමණක් සීමාකර ඇත.

 

ඒ අනුව, වසර 25ක කාලයක් සඳහා පරිපූර්ණව පැවති බදු සහනය, වාණිජ මෙහෙයුම් ආරම්භකරන කාලසීමාවේ සිට නිශ්චිත පනත් කිහිපයක් සඳහා පමණක් සීමා වේ. එමෙන්ම, එකතුකළ අගය මත බදු ගෙවීමේ දී කිසිඳු නිදහස් කිරීමක් මින් සිදු නොවන බව ද සඳහන්කළ යුතු ය.

2023 රෙගුලාසිවලට සාපේක්ෂව, උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරවල බොහෝ කාණ්ඩ සඳහා අවශ්‍ය අවම ආයෝජන ප්‍රමාණයන් ඉහළ දැමීමට ද මෙම නව ගැසට් පත්‍රය හරහා කටයුතුකර තිබේ. දැන් මෙම අගයන් අනිවාර්ය රැකියා උත්පාදන අවශ්‍යතා සමඟ සම්බන්ධ කිරීමට ද කටයුතුකර ඇත.

2023 රෙගුලාසි යටතේ, උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර සඳහා ආයෝජන සීමාවන් දෙකක් පැවතිණි. ඒවා නම්;

* සම්මත ආයෝජන – බිම් කැබැල්ලකට අවම ඇ.ඩො. මිලියන 100 ක් හෝ ඊට සමාන අගයක්

* සමාජ/වරාය ආයෝජන – වරාය බිම් කැබලිවලට හෝ සමාජ යටිතල පහසුකම්වලට ඇ.ඩො. මිලියන 25 ක අවම අගයක්

කෙසේවෙතත්, නව රෙගුලාසි හරහා අලුත් කාණ්ඩ හතරක් හඳුන්වා දී ඇත. ඒ අනුව;

* A කාණ්ඩය – අවම වශයෙන් රැකියා අවස්ථා 300ක් සහිත ඇ.ඩො. මිලියන 100ක ආයෝජනයක් (මෙම මුදල 2023 “සම්මත ආයෝජනය” හා සමානවන නමුත් අවම රැකියා අවශ්‍යතාවය ඊට එකුතුකර ඇත.)

* B කාණ්ඩය – ඇ.ඩො. මිලියන 500 ක ආයෝජනයක් සහ රැකියා 300 ක් (මෙය 2023 සම්මත ආයෝජනයට වඩා පස් ගුණයකින් වැඩි ය.)

* C කාණ්ඩය – ඇ.ඩො. මිලියන 1000 ක (දස ගුණයකින් ඉහළ ගොස් ඇත) ආයෝජනයක්වන අතර රැකියා 300 ක් අවශ්‍ය වේ.

* D කාණ්ඩය – ඇ.ඩො. මිලියන 25 ක ආයෝජනයක් සහ රැකියා 100 ක් (ආයෝජන මුදල 2023 සමාජ/වරාය ආයෝජන කාණ්ඩයට සමානව පවතින නමුත් රැකියා අවස්ථා 100 ක් අලුතින් ඇතුළත්කර ඇත.)

බොහෝ කලක පටන් ආයෝජකයන්ගේ හැඟීම්වලට සහ සංවර්ධන සීඝ්‍රතාවයට බලපා ඇති ව්‍යාපෘති අභියෝග ජය ගැනීම සඳහා මෙම උපායමාර්ගික ප්‍රතිසංස්කරණ සැලසුම් ඉදිරිපත්කර ඇති බව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ නිකුත්කළ නිවේදනයක සඳහන් වේ.

ඒ අනුව, මෙම ගැටළු විසඳීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ව්‍යාපෘතිය නැවත ක්‍රමාංකනය කිරීම ඉලක්කකොට ගෙන රජය මෙම තීරණාත්මක පියවර ගෙන ඇති බවයි එම නිවේදනයේ දැක්වේ.

විශේෂත්වය වන්නේ මෙහි සඳහන් ක්‍රමාංකනයට පදනම් ව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික මඟපෙන්වීම් සහ රෙකමදාරු වීම ය.

| mawratanews

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...