The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ගොවියා බේරාගන්න ලූනු බදු ගහද්දි ලූනු විශාල ප්‍රමාණයක් ගෙන්වලා ඉවරයි - විපක්ෂ නායක

T

The Leader Desk

September 29, 2025 • 11:32 AM

ගොවියා බේරාගන්න ලූනු බදු ගහද්දි ලූනු විශාල ප්‍රමාණයක් ගෙන්වලා ඉවරයි - විපක්ෂ නායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (28) මින්නේරිය ආසනයේ ඇළහැර ප්‍රදේශයේ යාය 26 කොට්ඨාසයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා එක්වෙමිනි.
  • මේ බී ලූණු කිලෝවක් සඳහා රු.200ක වගේ මිලක් ලැබෙනවා නම් සාධාරණ වුණත් දැන් ලැබෙන්නේ රු.110ක් 120ක් පමණයි.
  • සීනි බදු වංචාව වගේ ලූනු බදු, අර්තාපල් බදු වංචාවක් ඇත්ද කියා ප්‍රශ්න කරනවා.
  • බදු ගැසිය යුතු වෙලාවට බදු නොගැසීම නිසා නොහැකියාව අදක්ෂකම නිසා විපතට පත්ව ඇත්තේ ගොවි ජනතාව.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (28) මින්නේරිය ආසනයේ ඇළහැර ප්‍රදේශයේ යාය 26 කොට්ඨාසයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා එක්වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

බද්දේ ප්‍රතිලාභ ගොවියාට ලැබෙන්නෙ නැහැ

''බී ලූණු අක්කරයක් සඳහා රු. ලක්ෂ පහක් හයක් අතර වියදමක් යනවා. මේ බී ලූණු කිලෝවක් සඳහා රු.200ක වගේ මිලක් ලැබෙනවා නම් සාධාරණ වුණත් දැන් ලැබෙන්නේ රු.110ක් 120ක් පමණයි. පසුගිය දිනක මෙරට බී ලූණු වගා කරන ගොවියා ආරක්ෂා කරන්නැයි කියා බද්දක් පවා ගැහුවට බද්ද ගසන විට විශාල ප්‍රමාණයක් බී ලූණු මෙරටට ආනයනය කර ගබඩා කර අවසන්. මෙවැනි දේවල් කර දැන් රජය ගොවියාගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වීරයන් වගේ කතා කරනවා.

මේ බදු ගැසීමේ දී නියමිත ක්‍රමවේදය අනුගමනය නොකළ නිසා ප්‍රසිද්ධ රාජ්‍ය නිලධාරියකුට තනතුරෙන් පවා ඉල්ලා අස්වෙන්න සිදු වුණා. සීනි බදු වංචාව වගේ ලූනු බදු, අර්තාපල් බදු වංචාවක් ඇත්ද කියා ප්‍රශ්න කරනවා. මේ බද්දේ ප්‍රතිලාභ ගොවියාට ලැබෙන්නෙ නැහැ. අද බී ලූනු ටික විකුණා ගන්න බැරිව ගොවියා අසරණ වෙලා. ආණ්ඩුවක් කරන එක අමාරු වැඩක්. මේ ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය ක්‍රියා විරහිත වෙලා. අපිට බී ලූණු ගොවියාගේ, වී ගොවියාගේ, අර්තාපල් ගොවියාගේ හද ගැස්ම නොතේරෙනවා. බදු ගැසිය යුතු වෙලාවට බදු නොගැසීම නිසා නොහැකියාව අදක්ෂකම නිසා විපතට පත්ව ඇත්තේ ගොවි ජනතාව. එක පෑන් පාරින් විසඳුම් දෙනවා කිව්වට කිසිඳු විසඳුමක් තවමත් ලැබිල නැහැ.

නැවත වරක් විදුලි බිල වැඩි වීමට නියමිතයි

රු. 5000 පොහොර මිටිය එපා කියා මාලිමාවට ඡන්දය දීපු ගොවියා අද අතරමං වෙලා. දෙනවා කියපු පොහොර සහනාධාරයවත් අද හරියට නැහැ. විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වට ඒක කරෙත් නැහැ.

නුදුරේදී විදුලි බිල නැවත වරක් වැඩි වෙනවා. රටේ අතිමහත් බහුතරයක් මංමුලා කර, මුසාව, මුළාව රජ රජ වුණා.

120ට වී ගත්තු එක ගබඩාවක්වත් ලංකාවෙ නැහැ

අස්වැන්න සඳහා ප්‍රමාණවත් මිලක් නොලැබෙන යුගයක, අලි මිනිස් ගැටුමට විසඳුම් නොමැති යුගයක, වගා කටයුතු සඳහා පොහොර, බීජ, උපකරණ සඳහා මිලක් නැති යුගයක මේ සියලුම ගැටලුවලට තමන්ට හැකි පමණින් විසඳුම් ලබා දීමට අපි කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් කමිටුවලත් කතා කර විසදුම් ලබා දීමට දිය හැකි උපරිම බලපෑම සිදු කරනවා. වී ගොවියාට ලබා දෙනවා කියූ සාධාරණ මිල අද නැහැ.

රජයේ වී ගබඩා තිබුණත් ඒවායින් රු. 120ට වී ගත්තු එක ගබඩාවක්වත් නැහැ. බොරුවට වී ගන්නවා යැයි ප්‍රචාරය දියත් කරාට මේ මිලට වී මිලදී ගත්තෙ නෑ. ඡන්දය දිනන්නට ගොවිජන ව්‍යාපාරයක් පෙන්වා ගොවියා රජකරනවා කියා වී සඳහා රු. 150ක් දෙනවා කිව්වට ඒක දුන්නෙ නැහැ. ගොවියා රවටා මොවුන් බලය ලබා ගත්තා.  

සෞඛ්‍ය සේවාව අනාරක්ෂිතයි

සෞඛ්‍ය ක්ෂේත්‍රය සුරක්ෂිතයි කිව්වට ග්‍රාමීය රෝහල්වලට නිසි පහසුකම් නෑ. පොහොසත් රටයි ලස්සන ජීවිතයයි කියන්නේ මේකට නෙවෙයි. සමගි ජන බලවේග රජයක් තුළ දේශපාලන පක්ෂ නොව පොදු ජනතාව රජකරවන යුගයක් උදාකරවනවා."

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගොවියා බේරාගන්න ලූනු බදු ගහද්දි ලූනු විශාල ප්‍රමාණයක් ගෙන්වලා ඉවරයි - විපක්ෂ නායක | The Leader