The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ගල් අඟුරු ටෙන්ඩරය දූෂිතයෙකුට දෙන්න ප්‍රසම්පාදන නිර්නායක වෙනස් කළා ද ? - ලංකා ගල්අඟුරු සමාගමෙන් පැහැදිලි කිරීමක්

T

The Leader Desk

September 29, 2025 • 5:09 PM

ගල් අඟුරු ටෙන්ඩරය දූෂිතයෙකුට දෙන්න ප්‍රසම්පාදන නිර්නායක වෙනස් කළා ද ? - ලංකා ගල්අඟුරු සමාගමෙන් පැහැදිලි කිරීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රසම්පාදන අස්ථිත්වය වශයෙන් සී/ස ලංකා ගල්අඟුරු සමාගම වගකීමෙන් සඳහන් කරන අතර එක් සමාගමකට ගල්අඟුරු සැපයුම ලබාදීම සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචියේ නිර්ණායක වෙනස් කරන ලද බවට මාධ්‍ය වාර්තා කර තිබුණු චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව සී/ස ලංකා ගල්අඟුරු (පුද්) සමාගම සඳහන් කරයි.
  • එම සමාගම මෙලෙස සඳහන් කරන්නේ ගල්අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සැපයුම්කරුවන් ලියාපදිංචියේ නිර්ණායක වෙනස් කරන ලද බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ කර තිබු ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.
  • දැනට සමාගමේ ලියාපදිංචි සැපයුම්කරුවන් සංඛ්‍යාව 26ක් වන අතර 2023 සංශෝධනය යටතේ නව සැපයුම්කරුවන් 21 ක්ම ලියාපදිංචි වී ඇත.
  • මෙම මාධ්‍ය වාර්තාකර තිබු ප්‍රසම්පාදනයට මිලගනන් ඉදිරිපත් කරන ලද ලංසුකරුවන් 11 න් 09 ක්ම 2023 සිදුකරන ලද සංශෝධනය යටතේ ලියාපදිංචි වු සැපයුම්කරුවන් බවද සඳහන් කරමු.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රසම්පාදන අස්ථිත්වය වශයෙන් සී/ස ලංකා ගල්අඟුරු සමාගම වගකීමෙන් සඳහන් කරන අතර එක් සමාගමකට ගල්අඟුරු සැපයුම ලබාදීම සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචියේ නිර්ණායක වෙනස් කරන ලද බවට මාධ්‍ය වාර්තා කර තිබුණු චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව සී/ස ලංකා ගල්අඟුරු (පුද්) සමාගම සඳහන් කරයි.

එම සමාගම මෙලෙස සඳහන් කරන්නේ ගල්අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සැපයුම්කරුවන් ලියාපදිංචියේ නිර්ණායක වෙනස් කරන ලද බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ කර තිබු ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.

සී/ස ලංකා ගල්අඟුරු (පුද්) සමාගමෙහි සාමාන්‍යධිකාරි නාමල් හේවගේ ගේ අත්සනින් යුතු ඒම නිවේදනයට අනුව රට ආර්ථික වශයෙන් අර්බුධයකට ලක්විමෙන් පසුව ද ජාතික විදුලිබල පද්ධතියේ අඛණ්ඩ සැපයුම් වෙනුවෙන් ප්‍රසම්පාදන කාර්ය තුළ තරඟකාරිත්වය ඉහළ නංවමින් වඩාත් අඩුමිලකට නිසි ගුණාත්මයෙන් යුත් ගල්අඟුරු ප්‍රසම්පාදනය කරගැනිමේ අවශ්‍යතාවය මත 2023 වර්ෂයේ දී තාක්ෂණික ඇගයිම් කමිටුව, අමාත්‍ය මණ්ලය පත්කළ ප්‍රසම්පාදන කමිටුව  ගත් තීරණයක් අනුව GCV 5900 KCal/Kg ට වැඩි ප්‍රමිතිය සහිත ගල්අඟුරු මෙ.ටොන් 100,000 ක් සමග ඕනෑම ප්‍රමිතිය සහිත ගල්අඟුරු මෙ.ටො.400,000 ට වඩා වැඩියෙන් සපයා ඇති සැපයුම්කරුවන් හට ගල්අඟුරු ප්‍රසම්පාදනයට අදාළ සැපයුම්කරුවන් ලෙස ලියාපදිංචිවීම සඳහා අවස්ථාව ලබා දී ඇත.

 දැනට සමාගමේ ලියාපදිංචි සැපයුම්කරුවන් සංඛ්‍යාව 26ක් වන අතර 2023 සංශෝධනය යටතේ නව සැපයුම්කරුවන් 21 ක්ම ලියාපදිංචි වී ඇත.

මෙම මාධ්‍ය වාර්තාකර තිබු ප්‍රසම්පාදනයට මිලගනන් ඉදිරිපත් කරන ලද ලංසුකරුවන් 11 න් 09 ක්ම 2023 සිදුකරන ලද සංශෝධනය යටතේ ලියාපදිංචි වු සැපයුම්කරුවන් බවද සඳහන් කරමු.

එම නිසා කිසිදු එක් සැපයුම්කරුවකු වෙනුවෙන් ප්‍රසම්පාදනයන්ට අදාල නිර්ණායක වෙනස් කර නොමැති බව ප්‍රසම්පාදන අස්ථිත්වය වශයෙන් සී/ස ලංකා ගල්අඟුරු සමාගම වගකීමෙන් සඳහන් කරන අතර එක් සමාගමකට ගල්අඟුරු සැපයුම ලබාදීම සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචියේ නිර්ණායක වෙනස් කරන ලද බවට මාධ්‍ය වාර්තා කර තිබුණු චෝදනාව තරයේ ප්‍රතික්ශේප කරයි.

මතු පළවන්නේ සී/ස ලංකා ගල්අඟුරු (පුද්) සමාගම විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

oxfkgptrter

සබැඳි පුවත :

ගල් අඟුරු ටෙන්ඩරය දූෂිතයෙකුට දෙන්න ප්‍රසම්පාදන නිර්නායක වෙනස් කළ හැටි පුබුදු ජාගොඩ හෙළි කරයි !


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...