The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

‘ලෝයර් පාස් එක’ වාහන වීදුරුවෙන් ගලවන එකට නීතිඥ සංගමයේ විරෝධය

T

The Leader Desk

September 30, 2025 • 4:21 AM

‘ලෝයර් පාස් එක’ වාහන වීදුරුවෙන් ගලවන එකට නීතිඥ සංගමයේ විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෝටර් රථවල ඉදිරි වීදුරුව මත ප්‍රදර්ශනය කරන නීතිඥවරුන් හඳුනා ගැනීමේ වාහන අවසරපත් (Lawyers' Car Passes) අවලංගු කිරීමට අදාල සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සිය ස්ථාවරය පැහැදිලි කර ඇත.
  • නීතිඥ සංගමය පවසන පරිදි, අදාළ ගැසට් නියෝගයේ විෂය පථය සහ අරමුණ, නීතිඥවරුන් හඳුනා ගැනීමේ වාහන අවසරපත් සඳහා අදාළ නොවෙනු ඇත.
  • මන්ද, ඒවා මෝටර් රථ පනතේ කිසිදු විධිවිධානයක් උල්ලංඝනය නොකරන බව නීතිඥ සංගමය අවධාරණය කරයි.
  • නීතිඥ සංගමය විශ්වාසය පළ කරන්නේ, තම සාමාජිකයන්ට හඳුනා ගැනීමේ වාහන අවසරපත් නිකුත් කිරීමේ වර්තමාන ක්‍රමවේදයට කිසිදු වෙනසක් සිදු නොවන බවටයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෝටර් රථවල ඉදිරි වීදුරුව මත ප්‍රදර්ශනය කරන නීතිඥවරුන් හඳුනා ගැනීමේ වාහන අවසරපත් (Lawyers' Car Passes) අවලංගු කිරීමට අදාල සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සිය ස්ථාවරය පැහැදිලි කර ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන විසින් මෙම ලිපිය නිකුත් කර ඇති අතර, නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, ගැසට් නිවේදනයක් පදනම් කරගෙන මෙම නීතිඥවරුන් හඳුනා ගැනීමේ වාහන අවසරපත් ඉවත් කරන ලෙසට බලකිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් නීතියට පටහැනි වන බවයි.

නීතිඥ සංගමය පවසන පරිදි, අදාළ ගැසට් නියෝගයේ විෂය පථය සහ අරමුණ, නීතිඥවරුන් හඳුනා ගැනීමේ වාහන අවසරපත් සඳහා අදාළ නොවෙනු ඇත. මන්ද, ඒවා මෝටර් රථ පනතේ කිසිදු විධිවිධානයක් උල්ලංඝනය නොකරන බව නීතිඥ සංගමය අවධාරණය කරයි.

නීතිඥ සංගමය විශ්වාසය පළ කරන්නේ, තම සාමාජිකයන්ට හඳුනා ගැනීමේ වාහන අවසරපත් නිකුත් කිරීමේ වර්තමාන ක්‍රමවේදයට කිසිදු වෙනසක් සිදු නොවන බවටයි.

ඒ අනුව නීතිඥ සංගමය විසින් මෙම හඳුනා ගැනීමේ වාහන අවසරපත්වල වැදගත්කම පැහැදිලි කරමින් පහත කරුණු ඉදිරිපත් කර ඇත.

* මෙම හඳුනා ගැනීමේ වාහන අවසරපත් මගින්, අධිකරණ, විනිශ්චය සභා සහ යුක්තිය පසිඳලීමට අදාළ වෙනත් ආයතනවලට ඇතුළුවීමේදී නීතිඥවරුන් හඳුනා ගැනීමට හැකිවේ.

* අදාළ පරිශ්‍රයන් වෙත වාහන ඇතුළුවීම නියාමනය කිරීමේ වැදගත් ආරක්ෂක පියවරක් ලෙස ඒවා ක්‍රියා කරයි.

* නීතිය බලාත්මක කිරීමේ බලධාරීන් මෙම වාහන අවසරපත්, නීතිඥවරයකු විසින් වාහනය භාවිතා කරන බවට වූ සාක්ෂියක් ලෙස පිළිගනී.

* ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් වසර 28ක් පුරා, එනම් 1997 සිට මෙම වාර්ෂික හඳුනා ගැනීමේ වාහන අවසරපත් නිකුත් කිරීමේ පිළිවෙත පවත්වාගෙන යයි.



2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශවල ඉල්ලීම මත සාමාජික වාහන සඳහා අතිරේක හැඳුනුම්පතක් ද හඳුන්වා දෙන ලදී.

"මෙවන් තත්ත්වයක් යටතේ මෙවැනි පුවත් වාර්තා වීම ගැන අප පුදුමයට පත් වෙමු. නීතිඥවරුන් හඳුනා ගැනීමේ වාහන අවසරපත්‍රයක අවශ්‍යතාවය ඔබ අවබෝධ කර ගනු ඇතැයි අප විශ්වාස කරන අතර, වත්මන් තත්ත්වය වෙනස් කිරීමට කිසිදු පියවරක් නොගන්නා බවට අපට විශ්වාසයි," යනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පොලිස්පතිවරයා වෙත යොමුකළ එම ලිපිය මතු පළවේ.

loyer

loyer 2

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...