ස්වාභාවික යුක්තිය මත පදනම් වූ අසරණ සතුන් හට ද මේ මිහිතලය මත ජීවත්වීම පිළිබඳ අයිතිය තහවුරු කොට මාරාන්තික ජල භීතිකා රෝගය මෙරටින් මුළුමනින්ම තුරන් කිරීමේ උදාර පරමාර්ථයෙන් යුතුව මානුෂීය ක්‍රම මඟින් සුනඛ ගහණය කළමණාකරණය කිරීමේ පශු වෛද්‍ය සංසදයේ (Association of Veterinarians for Humane Management of Animal Population ) නිර්මාතෘ පශු වෛද්‍ය චමිත් නානායක්කාරයන් ගේ මාර්ගෝපදේශනයෙන් යුතුව පසුගිය වසර 5 තුළ Vets for Future සහ Justice of Animals විසින් අනුරාධපුරයේ සිදු කරන ලද වන්ධ්‍යාකරන හා සහ ජලභීතිකා එන්නත් කිරීමේ වැඩසටහන් මේ වන විට අවසාන ඉලක්කය වෙත ළඟා වෙමින් තිබේ.
මිනිසත් බව පදනම් කර ගත් එම වෙනස ඇති කිරීමට ස්වේච්ඡාවෙන් කාලය හා ශ්‍රමය කැප කළ හැකි අහිංසාවාදීන් ගේ කැපවීම නොමැතිව ඉහත ඉලක්කය සපුරා ගැනීම එතරම් පහසු නොවනු ඇත.ඒ අනුව ඒ සඳහා කෘතවේදීත්වය පළ කරමින් මෙම වසරේ, ජලභීතිකා දිනය වෙනුවෙන් එවන් පිරිස් අගැයුමක ලක් කිරීමේ උළෙලක් සංවිධානය කොට තිබුණේ සත්ව සුභසාධනය සහ ජලභීතිකා රෝගය තුරන් කිරීමේ මෙහෙයුම සඳහා ඔවුන්ගේ අමිල දායකත්වය මෙම මෙහෙයුමේ සැබෑ කොඳු නාරටිය සේ සළකමිනි.
මෙම මෙම කාර්යය සැමරීමට එක් වූ රජරට විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ට මහාචාර්ය පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර මෙම සභාව අමතමින් කියා සිටියේ, අසරණ සතුන්ට ආදරය කරුණාව දක්වමින් ඔවුනට පිහිටවන පිරිස් තමන් ට මිනිසුන් ලෙස නොව දෙවි වරුන් මෙන් පෙනෙන බවකි.
මෙම උත්සවය සඳහා අනුරාධපුර මහ නගර සභාවේ සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දායකත්වය හිමි වූ අතර එම ආයතන නියෝජනය කරන ආරාධිතයෝ ද මීට එක් ව සිටිය හ.
මේ වන විට Vets for Future හා Justice of Animals සංවිධාන එක් ව නොමිලේ දිවයින පුරාම මිනිසත් බව පදනම් කර ගත් මෙවන් වැඩ සටහන් පවත්වා ගෙන යන බවත් කිසිදු සතකු හට ජීවිත හානියක් නොකොට මෙරටින් ජල භීතිකාව මුළුමනින් තුරන් කරන දිනය වැඩි ඈතක නොවන බවත් මානුෂීය ක්‍රම මඟින් සත්ව ගහණය කළමණාකරනය කිරීමේ පශු වෛද්‍ය සංසදයේ නිර්මාතෘ පශු වෛද්‍ය චමිත් නානායක්කාර මෙම සභාව අමතමින් කීය.
| vinivida.lk



අසරණ සතුන් නොමරා ජල භීතිකාව තුරන් කිරීමේ සටනට එක් වන 'අහිංසා විරුවෝ' අගැයුමට ලක් වෙති
T
The Leader Desk
September 30, 2025 • 4:56 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෙම මෙම කාර්යය සැමරීමට එක් වූ රජරට විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ට මහාචාර්ය පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර මෙම සභාව අමතමින් කියා සිටියේ, අසරණ සතුන්ට ආදරය කරුණාව දක්වමින් ඔවුනට පිහිටවන පිරිස් තමන් ට මිනිසුන් ලෙස නොව දෙවි වරුන් මෙන් පෙනෙන බවකි.
- මෙම උත්සවය සඳහා අනුරාධපුර මහ නගර සභාවේ සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දායකත්වය හිමි වූ අතර එම ආයතන නියෝජනය කරන ආරාධිතයෝ ද මීට එක් ව සිටිය හ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



