එම තහනමෙන් මුදාහැරීමට හැකි නම් මෙරට ගුවන් මෙහෙයුම් කටයුතු වඩාත් පුළුල් කළ හැකි බව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ප්‍රකාශ කරයි.
මන්ත්‍රීවරයා එබව සඳහන් කර සිටියේ, සැප්තැම්බර් 25 පාර්ලිමේන්තුවේ පැවති ආංශික අධීක්ෂණ කාරක සභාවේ දීය.
එහිදී ඇතිවූ සංවාදය මතු පළවේ.
සභාපති එස්. එම්. මරික්කාර් :
ගුවන්තොටුපළ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අතීත කතාව හැමෝම දන්නවා. නමුත් කෙටියෙන් පැහැදිලි කරලා වර්තමාන තත්ත්වය සහ කාලරාමු කවරේද යන්න කියන එක පැහැදිලි කරගෙන අපි ආරම්භ කරමු.
පිළිතුර :
මේ ව්‍යාපෘතියේ දෙවැනි අදියර තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. Technical evaluation committee එක යටතේ තමයි දැනට තියෙන්නේ. ඒකට bidders හතරදෙනෙක් අරගෙන ගිහිල්ලා තියෙනවා documents. ඒකෙන් දෙන්නෙක් තමයි submit කලේ. මේ අවුරුද්දේ මාර්තු මාසයේ 17 තමයි මේක close කලේ. අගෝස්තු 28 තමයි technical evaluation committee එකේ report එක දෙන්න තිබුනේ . නමුත් එක bidder කෙනෙක්ගේ documents අඩුපාඩුවක් නිසා ඒක clarify කරගෙන අන්තිමට දෙන්නෙක් තමයි submit කරලා තිබුනේ .
Technical evaluation committee report ලැබුනට පස්සෙ අපි බලාපොරොත්තු වෙනවා financial bid එක open කරන්න. ඊට පස්සේ තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ කොච්චර ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවද කියන එක. Engineer estimate එකට වැඩිය අඩු ද වැඩි ද කියන එක.
JAICA එකත් වෙනම technical evaluation එකක් කරනවා වෙනම. අපේ ඉලක්කයේ තිබුණේ සැප්තැම්බර් මාසයේ 29 වෙද්දි මේක ඉවර කරන්න. නමුත් අර කියපු කාරණා නිසා දැනට මේ තත්ත්වය තමයි තියෙන්නේ. දැනට තියෙන කාල රාමු අනුව ලබන අවුරුද්දේ මාර්තු අප්‍රේල් වෙනකොට තමයි මේක ෆෝවර්ඩ් කරගන්න පුළුවන් වෙන්නේ.
සභාපති එස්. එම්. මරික්කාර් :
එතකොට අප්‍රේල් මාසේ විතර වගේ මේක award කෙරුවොත් අවුරුදු කීයක විතර ප්‍රොජෙක්ට් එකක්ද මේක?
පිළිතුර :
මාස 30ක්
සභාපති එස්. එම්. මරික්කාර් :
ගොඩක් පැහැදිලි කරන්න මේක සම්පූර්ණ කරපුවහම රටක් විදිහට ඕගොල්ලෝ achieve කරන්න බලාපොරොත්තු වෙන objectives මොනවද කියලා?
පිළිතුර :
මාසිකව මිලියන 15ක් passengers handle කරන එක තමයි originally objective එක තිබුනෙ. ඒක තමයි මූලිකම ඉලක්කය.
සභාපති එස්. එම්. මරික්කාර් :
එතකොට සංචාරක කර්මාන්තයට මේක බලපාන්නේ කොහොමද?
පිළිතුර :
මේ මිලියන පහළොව සංචාරකයොත් ඇතුළත්ව තමයි.
සභාපති එස්. එම්. මරික්කාර් :
මේ පිළිබඳව රිපෝට් එකක් හදල තියෙනවද ඕගොල්ලෝ?
උදාහරණයක් විදිහට දවසට flights කීයක් එනවද?
දවසකට එන සංචාරකයන් හෝ අමුත්තන් ගණන කොච්චරද?
ආදායම කොච්චරකින් වැඩි වෙනවද?
ඒක කොහොමද රටේ ආර්ථිකයට බලපාන්නේ?
මේ විදියට මොනවා හරි ඩොකියුමන්ට් එකක් තියෙනවද?
පිළිතුර :
Feasibility report එකක් කරලා තියෙනවා 2006 දී සහ 2014 දී . 2014 රිපෝට් එකෙන් තමයි දැනට තියන තත්ත්වයන් කතාකරලා තියෙන්නේ. මම ඒක ලැබෙන්න සලස්වන්නම්.
සභාපති එස්. එම්. මරික්කාර් :
2014 එක? ලේකම්තුමා මේක ටිකක් පසුගාමී වැඩක්. ඒක අවුරුදු 11ක් පරණ එකක්. අපි පාර්ලිමේන්තුව හැටියට ඔබතුමන්ලාට යෝජනාවක් කරනවා අලුත්ම තත්ත්වයත් එක්ක, market study එකක් කරලා update එකක් කරලා පාර්ලිමේන්තුවට ඒක වාර්තා කරන්න. එදා තිබිච්ච ඩොලර් රේට් එක නෙමෙයි අද තියෙන්නේ. එදා තිබිච්ච fuel රේට් එක නෙමෙයි අද තියෙන්නේ. එදා තිබුණ spending power එක නෙමෙයි අද තියෙන spending power එක. ඒ නිසා updated figures ලබා ගැනීම අත්‍යවශ්‍යය.
අනිත් ප්‍රශ්නය තමයි ඔබතුමන්ලා දැන් මේ වෙද්දි ඉංජිනේරු තක්සේරුවක් කරලා වාර්තාවක් හදලා ඇතිනේ මෙච්චර මුදල් ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ කියලා. JAICA එකෙන් ලැබෙන සමස්ත ප්‍රමාණය කොච්චරද?
පිළිතුර :
දැනට estimate එක යෙන් බිලියන 109 ක්.
සභාපති එස්. එම්. මරික්කාර් :
මෙයින් 10% විතර එහා මෙහා වුනොත් ඒක සාකච්ඡා කර ගැනීමේ හැකියාවක් තියෙනවා නේද. ඊට වඩා වැඩි වුණොත් රජයට පුළුවන්ද සහය වෙන්න.
මේ development එකත් එක්ක ඍජුවම බලපාන්නේ sri lankan airline සමාගමට නේද? sri lankan airline සමාගම මොනවා හරි දැනට සාකච්ඡාවක් කරලා තියෙනවද ඕගොල්ලන්ගේ ඔපරේෂන්ස් පුළුල් කරලා මේ project එක ඉවර වුණාට පස්සේ කරන ප්ලෑන් එකක් තියෙනවද?
පිළිතුර :
අපිට 5 year plan එකක් තියෙන්වා. අලුත් terminal එක ආවම 150% විතර වැඩිවෙනවා. Other airlines වලින් ලොකු ඉල්ලුමක් තියෙනවා මේ රටට එන්න.
සභාපති එස්. එම්. මරික්කාර් :
2003 මැයි 21 වෙනිදා ගුවන් හමුදාවෙන් ලියුමක් දාලා තියෙනවා පාර්ලිමේන්තුවට උඩින් ගුවන් යානාවලට යන්න බැහැ කියලා. දැන් යුද්ධෙත් ඉවරයි. රත්මලාන ගුවන් තොටුපළ budget tourism කරන්න ඇරියහම මේකෙන් benefit එකක් ගන්න පුලුවන් . මේ මේ සම්බන්ධව මොන වගේ initiative එකක් ද අරන් තියෙන්නේ ?
පිළිතුර : මේකත් එක්ක තව ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. පාර්ලිමේන්තුවට එහා පැත්තෙන් තියෙනවා MOD building එක. ඒක උඩ අර වගේ restricted area එකක් තියෙනවා. මේක ආණ්ඩුව විසින් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණයක්.
සභාපති එස්. එම්. මරික්කාර් :
මේක ආණ්ඩුව විසින් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණයක් කියන එක හරි. නමුත් මේක ආණ්ඩුවට යෝජනා කරන්නේ කවුද?
පරණ කතා අමතක කරලා මෙතන ඉඳන් වැඩ කරන හැටි බැලුවොත්, පාර්ලිමේන්තුව උඩින් යන එක හදාගත්තත්, MOD එක ප්‍රශ්නයක් වෙනව කියල තමයි ඔබතුමා කියන්නේ නේද? Reroute කරලා design කරන්න බැරිද? අපේ ඉලක්කය අතනින්ද මෙතනින්ද යන්න කියන එක නෙමෙයි , රත්මලාන කොහොමද පාවිච්චි කරන්නේ කියන එක.
පිළිතුර :
පාර්ලිමේන්තුව තියෙන්නේ රත්මලාන ගුවන් තොටුපලේ ඉඳන් 2.4 Nautical miles වලින්. Final approach එකක් design කරනකොට ඒ වගේ distance එකක් ඕනේ. ඔන්න ඔතන තමයි ගැටළුව තියෙන්නෙ.prohibited area එක අඩු කරලා වගේ දෙන්න පුලුවන්නම්.
සභාපති එස්. එම්. මරික්කාර් :
කමිටුවක් විදිහට අපිට මොනවද ඔබතුමන්ලාට මේ පිළිබඳව කරන්න පුළුවන් උදව්ව ඒ වෙනුවෙන්? මේ ලිපිය අනුව එදා ඉඳලා තමයි නතර වෙලා තියෙන්නේ. ඊට කලින් ගිහිල්ලා ඇතිනේ. දැන් මේ ලිපිය ප්‍රායෝගික වලංගුභාවය පිළිබඳව ගැටළුවක් තියෙනවා. එතකොට ඔබතුමා මේකට එකතු කරනවා MOD එකේ කෑල්ල. ඔබතුමන්ලාට reroute කරලා design එකක් හදන්ඩ පුලුවන්කම තියෙනවාද රත්මලාන පාවිච්චි කරන්න? .අපි එතනින් පටන් ගමු.
පිළිතුර :
දැනට තියෙන තත්ත්වය හැටියට aircraft එකක් final approach එකට ගේන්න අඩු තරමේ 6 Nautical miles ඕන. හැබැයි 2.4 වලින් තමයි පාර්ලිමේන්තුව තියෙන්නෙ. Decision එකක් ගන්න ඕන, ළඟින් යන්න දෙනවද නැද්ද කියලා.
සභාපති එස්. එම්. මරික්කාර් :
අපි හිතමුකෝ පාර්ලිමේන්තු උඩින් යන්න දෙනවා කියලා. එතකොට MOD එක බලපාන්නේ කොහොමද එතනට.
පිළිතුර :
MOD එක තියෙන්නේ පාර්ලිමේන්තුවට slightly right. එතකොට මේ දෙකම එක විදිහට effect වෙනවා.
සභාපති එස්. එම්. මරික්කාර් :
ඔය මාතෘකාවේදී අපි හිරවෙනවා. පාර්ලිමේන්තුව ගැන අපිට කතා කරන්න පුළුවන්. හැබැයි ආරක්ෂක එක ගැන අපිට කතා කරන්න බැහැ. මෙතනදි අපි මේ ගැන මේ පුළුල්ව කතා කරන්නේ, මෙතන ආණ්ඩු පක්ෂය විපක්ෂ කියලා දෙයක් නැහැ. අපි ණය නොගෙවන රටක්. අපිට ණය ගෙවන්න තියෙනවා. ණය ගෙවන්න අලුත් ආදායම් එන්න ඕන. මෙතෙක් නොතිබුන අලුත් ආදායම් ගේන්න ඔබතුමන්ලාගේ ආයතන කීපය එකතු වෙලා විශාල කාර්යභාරයක් කරන්න අවස්ථාව තියෙනවා. පාර්ලිමේන්තුව හැටියට අපේ වගකීම තමයි ඒ සඳහා ඔබතුමන්ලාට සහයෝගය ලබාදීම , සහ ඒ අවස්ථා ඇති කරගෙන ආදායම වැඩි කර ගැනීම .නැත්නම් අපිට ණය ගෙවන්න ගියාම ප්‍රශ්නයක් ඇතිවෙනව. අපි මේක කාර්යක්ෂම හෝ වේගවත්ව ඒ අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ අරගන්න පාර්ලිමේන්තුවත් රජයත් තල්ලු කරන්න ඕන ඒ පැත්තට. ඒ මත ඉඳගෙන තමයි මම මේ කතා කරන්නේ.
පිළිතුර :
රත්මලාන ගුවන් තොටුපලේ දැන් තියන runway length එක සහ පහසුකම් එක්ක බලපුවහම අපිට පුළුවන් වෙන්නේ මගීන් 70ක් පමණ අරගෙන එන ගුවන් යානා.
එතකොට අපිට රිලීස් කරගන්න පුළුවන්නම් පාර්ලිමේන්තුව උඩින් ගුවන් යානා යන්න, අලුතින් approaches ඩිසයින් කරන්න ඕන වෙන්නෙ නැහැ. Straight approach එකක් දෙන්න පුළුවන් ගුවන් තොටුපොළේ මෙහෙයුම් ධාරිතාව වැඩි කරන්න පුළුවන්. ගැටළුව තියෙන්නේ අපිට day time operation විතරයි කරන්න පුළුවන් වෙන්නේ. දැනට instrument approach එකක් කරන්න පහසුකම් නැහැ. රත්මලාන ගුවන් තොටුපළ අපි ඒ මට්ටමට ගෙනියනවද කියන එක සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තොත් තාක්ෂණික පැත්තෙන් අවශ්‍ය සහාය අපට දෙන්න පුළුවන්.
සභාපති එස්. එම්. මරික්කාර් :
හරි අපි හිතමූ පාර්ලිමේන්තුවත් එකඟ වෙලා, MOD එකත් එකඟ වෙලා, මෙතන උඩින් ෆ්ලයි කරන්න දෙනවා කියලා, එතකොට රත්මලාන operate වෙන විදිහ සම්බන්ධයෙන් තීරණ ගන්න ඕනේ ඕගොල්ලෝ. ඒකෙ facilities වැඩි කරන්නේ කොයි ආකාරයටද ? කොච්චර වියදම් කිරීමේ හැකියාවක් තියෙනවද? ඒක ඔබතුමන්ලාගේ වැඩක්. ඔබතුමා ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගන්නවා නේද මෙතන opportunity එකක් තියෙනවා මේකෙන් රටට වැඩක් ගන්න පුළුවන් කියන එක. එනිසා අපි මේ සාකච්ඡාව ඉක්මනින්ම දාමු. ඔබතුමන්ලා යෝජනා කරන්න කාවද කැඳවන්න ඕන කියලා ඊළඟ සාකච්ඡාවට.
අපි නිධානයක් උඩ වාඩිවෙලා ඉන්නේ. නිකන් ඉඳලා හරියන්නේ නැහැ නිධානය හාරන්න ඕන. අපේ ශ්‍රී ලංකාවේ භූගෝලීය තත්ත්වය තුළ ගන්න පුළුවන් උපරිම ආදායම් මාර්ගය ලබාගැනීම සඳහා අපිට මේක පාවිච්චි කරන්න ඕන . සංචාරක කර්මාන්තයේ avarage tourist කෙනෙක් spend කරන මුදල් ප්‍රමාණය පිළිබඳව අපිට ගැටළුවක් තියෙනවා. මේ වගේ දෙයකින් different kind if tourists අපිට attract කර ගන්න පුලුවන් .




