හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න විසින් ගොනු කළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ග්‍රෙෂ්ඨාධිකරණය අද (30) ප්‍රතික්ෂේප කළේය.
පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රිති පත්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණ
හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න විසින් ගොනුකොට තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේවර්ධන ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේදී විවිධ අන්දමේ අක්‍රමිතා සිදුවී ඇති බවත් ඒ අනුව රෝහිත අබේගුණවර්ධන පත්වීම නීතියට පටහැනි බවත් සඳහන් කරමින්, පත්විය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍යවරයා විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණ.




