අදට (01) යෙදෙන ලෝක ළමා දිනය සියලු ලෝකවාසී ළමුන්ගේ ආරක්‍ෂාවත් ඔවුන්ගේ රැකවරණයත් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ අධ්‍යාපනය සෞඛ්‍ය යන කාරණා මත ලෝක අවධානය දිනා ගැනීම සඳහා පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා. ඒ වෙනුවෙන් මෙවර ළමා දිනයේදී ප්‍රඥප්තියක් ආකාරයට මෙම කරුණු ලෝකය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගනිමින් සිටින බවද ඔහු කියයි.
තම දෙපාර්තමේන්තුවට පැවරී ඇති රාජකාරී කටයුතු පැහැදිළි කළ ජගත් වීරසිංහ,
''මේ ළමයි වැරදි කරපු අය නෙමෙයි, තමන්ගේ මව වැරදි කරපු නිසා මේ ළමයි බන්ධනාගාර ගත වෙලා තිබෙනවා. මේක මහා ඛේදනීය තත්ත්වයක් පිරිමි ළමයි 14ක් ගෑනු ළමයි 22ක් බන්ධනාගාර ගත වෙලා ඉන්නවා.
ලෝක ළමා දිනයේ පවත්වන අද (01) දවස විතරක් නෙමේ දරුවන්ව ඇසක් වගේ බලා බලාගත යුතුයි. ළමා දිනයේදී බන්ධනාගාර තුළ ඉන්න ළමයින්ට වෙනසක් නොවන විදිහට ආදරේ රැකවරණය දීලා ඔවුන්ට ලස්සනට හිත හොඳින් තබා ගැනීමේ වැඩපිළිවෙළක් අද (01) බන්ධනාගාර තුළ ක්‍රියාත්මක වෙනවා .
ඔවුන්ගේ මානසිකත්වය හොඳ තත්ත්වයකට ගන්න කටයුතු කරනවා. බන්ධනාගාර දහය තුළම ළමුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙනවා. දරුවන් වෙනම පරිසරයක ලස්සන සුන්දර පරිසරයක තබන්න අපි උත්සාහ කරනවා. කුඩා ළමයි අවුරුදු පහක් පිරෙන තෙක් බන්ධනාගාර ගත වුවත් ළමයයි අම්මයි එකට තබනවා. අවුරුදු පහ පිරෙන තැන අම්මගෙන් දරුවා වෙන් වෙනවා. එදා බොහොම දුක්බර දිනයක් වෙනවා නමුත් ඒ නීතිය.
අවුරුදු පහට අඩු දරුවන් සියලු දෙනා මවගේ රැකවරණය සහිතව තබනවා.
ලංකාවේ බන්ධනාගාර දහයේ සිටින ළමයි 39 දෙනාම අවුරුදු පහක් සම්පූර්ණ වනකම් බන්ධනාගාරය තුළ ඔවුන්ව සුරක්ෂිතව තබාගන්නවා. යම් යම් ගුරුවරු මාර්ගයෙන් අකුරු ඉගැන්වීම පෙර පාසල් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා. ඔවුන් ඉතා ගුණගරුක විනයගරුක ළමයි බවට පත් කරන්න අපි උත්සාහ කරනවා.
අවුරුදු පහ පිරෙන දවසට ළමයාට ළමයා මවගෙන් වෙන් කරනවා. ඥාතිවරයෙක් ගාවට හෝ පාසලකට ළමයව යවනවා. එතෙක් දරුවන්ව ඉතා අප සුරක්ෂිතව බන්ධනාගාර තුළ තබාගන්නවා.
අපි නිරන්තරයෙන් බන්ධනාගාර ළමයි සුරක්ෂිතව බලා ගන්නවා. අද (01) දිනයේ ලෝක ළමා දිනය සිහිවන යම් යම් රාජ්‍ය නොවන ආයතනත් එක්ක එකතු වෙලා ළමයි විනෝදයෙන් කාලය ගත කරන්න සලසා තිබෙනවා. ඇඳුම් පැළඳුම් අලංකාර බෝනික්කන් ලබා දෙනවා. ඔවුන්ට බන්ධනාගාර තුළ ඉන්නවා කියන හැඟීම අමතක කරන්න අප වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා.
(සටහන | ජේ.මුණසිංහ)
සබැඳි පුවතක් :
බබාලා 47ක් අම්මලා සමග කූඩු වෙලා !




