The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මළගිය පරාණකාරයෙක් දහතුන් වසරකට පසු තාජූඩීන් ඝාතනයේ සැකකරුවෙක් වෙයි

T

The Leader Desk

October 1, 2025 • 4:54 AM

මළගිය පරාණකාරයෙක් දහතුන් වසරකට පසු තාජූඩීන් ඝාතනයේ සැකකරුවෙක් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩු හතරක පාලන සමය තුල නොලද යුක්තිය මගහැර යාමේ අවදානමක් සහිත මේ ‘අලුත් සොයාගැනීම’ පොලිසිය විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ මියගිය තාජුඩීන්ගේ මාමා වන ෆයාස් ලතීෆ් එය වධහිංසාව සහිත ඝාතනයක් බවට විශ්වසනීය ලෙස ප්‍රසිද්ධියේ කරුණු දැක්වූ දාට පසුදිනය.
  • අනික් දෙදෙනා හිටපු යුද හමුදා සාමාජිකයන් බව පොලිසිය පවසා තිබිණි.
  • වසීම් තාජුඩීන් ඝාතනයෙන් වසර තුනකට පසුව එනම් 2015 යහපාලන ආණ්ඩු සමයේ දී විමර්ශනයක් ආරම්භ කෙරුනු අතර, එම විමර්ශනයට අනුව සැකය එල්ල කරන ලද්දේ රාජපක්ෂ පාලන සමයේ සිටි ආරක්ෂක අංශ සහ අතුරු හමුදා සාමාජිකයන් වෙතය.
  • වසරේ දී ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් වැඩ තහනමට ලක් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සමෙහි ද ඒ බව සඳහන්ව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ආණ්ඩු හතරක පාලන සමය තුල නොලද යුක්තිය මගහැර යාමේ අවදානමක් සහිත මේ  ‘අලුත් සොයාගැනීම’ පොලිසිය විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ මියගිය තාජුඩීන්ගේ මාමා වන ෆයාස් ලතීෆ් එය වධහිංසාව සහිත ඝාතනයක් බවට විශ්වසනීය ලෙස ප්‍රසිද්ධියේ කරුණු දැක්වූ දාට පසුදිනය.

මෙම වසරේ පෙබරවාරි මස 18 දා සිය කුඩා දරුවන් දෙදෙනාද සමගින් මෝටර් බයිසිකලයකින් යමින් සිටියදී මිද්දෙණිය ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකින් මිය ගිය විදානගමගේ අනුර ප්‍රියන්ත කුමාර නොහොත් කජ්ජා තාජුඩීන් මරා දැමු දින ඔහු පසුපසින් ගොස් ඇති බවටත්,  CCTV දර්ශන ඇසුරින් ඒ බව කජ්ජා නැමැත්තාගේ බිරිඳ විසින් හඳුනා ගෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී ඇති බවටත් පොලිසිය පවසයි.

අනුර ප්‍රියන්ත කුමාරගේ ඝාතනය සම්බන්ධයෙන් ද පොලිසිය මුලින්ම අත්  අඩංගුවට ගන්නා ලද්දේ රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන්ය. එක් අයකු පොලිසියේය. අනික් දෙදෙනා හිටපු යුද හමුදා සාමාජිකයන් බව පොලිසිය පවසා තිබිණි.

00102
කොන්දේ අමාරුවෙන් අපරාධකරුවන් ඇල්ලීම

"එසේම වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාල විමර්ශන වලදී ලබාගත් CCTV දර්ශන විමර්ශන නිලධාරීන් විසින් මිය ගිය කජ්ජා නැමති අයගේ බිරිඳට පෙන්වා ඇති අතර, එම දර්ශන වල සිටින පුද්ගලයා තමා සමඟ වසර 17ක පමණ කාලයක් විවාහ ජීවිතය ගත කළ තම ස්වාමි පුරුෂයා බවට හදුනාගෙන ඇත," යනුවෙන් කරුණු දක්වන පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩි දුරටත් පවසා ඇත්තේ,  මිය ගොස් සිටින සැකකරු  හට කොන්ඳේ අමාරුවක් තිබී ඇති බවත්,  ඔහු අත් දෙක පසු පසට කරමින් කොන්ඳ මත තබා ගෙන සිටින ඉරියවුව අනුව ඒ තම ස්වාමී පුරුෂයාම යැයි හඳුනා ගන්නට හැකි බවට ඔහුගේ බිරිඳ විසින් පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇති බවත් ය.

වසීම් තාජුඩීන් ඝාතනයෙන් වසර තුනකට පසුව එනම් 2015 යහපාලන ආණ්ඩු සමයේ දී විමර්ශනයක් ආරම්භ කෙරුනු අතර, එම විමර්ශනයට අනුව සැකය එල්ල කරන ලද්දේ රාජපක්ෂ පාලන සමයේ සිටි ආරක්ෂක  අංශ  සහ අතුරු හමුදා සාමාජිකයන් වෙතය. එම පරික්ෂණය මෙහෙයවන ලද්දේ එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි ශානී අබේසේකර විසිනි. 2019 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් වැඩ තහනමට ලක් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සමෙහි ද ඒ බව සඳහන්ව තිබේ.

 

ශානි අබේසේකර 2015 වසරේදි විමර්ශන සිදු කරන විට තාජුඩින් ඝාතනයේ සැකය දේශපාලන සබඳතා සහිත අතුරු හමුදා සාමාජිකයන් වෙත බැර කළ ද එයින් වසර 10 ට පසුව මළගිය ඇත්තකු සැකකරු ලෙස හඳුන්වන්නේ ද ශානි අබේසේකර අධ්‍යක්ෂ ධූරය දරණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින්ම ය.

 

එදා ශානි සහ අද ශානි

2015 වසරේදි සිදු කෙරුණු විමර්ශනයට අනුව, එවකට කොළඹ දිසාව භාරව සිටි ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි අනුර සේනානායක, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාව සිටි ආනන්ද සමරසේකර සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා යන අයට එරෙහිව ගල්කිස්ස අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලද්දේ ද සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මතය. ඒ ඔවුන් තාජූඩීන් මිය ගියේ බීමත්ව රිය පැදවීම නිසා යැයි පවසමින් අපරාධ කරුණු වසන් කිරීම හේතු කොට ගෙනය.

 

මුල් පරික්ෂණයෙන් දස වසරකට පසුව එම පරික්ෂණ ද්විත්වයම මෙහෙය වන ලද එකම ධූරය දරණ ,එකම පුද්ගලයා යටතේ එකිනෙකට වෙනස් සැකකරුවන් හඳුනා ගැනීමේ පරස්පරතාවය පිළිබඳව පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෝ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් හෝ කිසිදු පැහැදිලි කිරීමක් කර නැත.

 

පොලිසියට අනුව අනුර ප්‍රියන්ත කුමාර නොහොත් කජ්ජා පිළිබඳව මුලින්ම කරුණු හෙළිදරව් කොට තිබෙන්නේ දැනට පොලිස් භාරයේ පසුවන පොලිසිය විසින් සැබෑ නම හෙළි කොට නොමැති බැකෝ සමන් නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා විසිනි. එමෙන්ම කජ්ජාගේ බිරිඳ විසින් පොලිසියට ලබා දී ඇති ප්‍රකාශයකට අනුව බැකෝ සමන් නැමැත්තාගෙන් කජ්ජා හට මරණීය තර්ජන ද එල්ල වී තිබී ඇත. තාජුඩීන් ඝාතනය වුණු දින ඔහුගේ වාහනය පසුපසින් ලුහුබැඳ ගිය හඳුනා නොගත් වාහනය සහ අතර මගදි තාජුඩීන්ගේ වාහනයට ගොඩ වු පුද්ගලයා ගේ දර්ශන පෙන්වීමේදි  ඇය විසින් ඒ තම සැමියා බවට හඳුනා ගත් බවත් පොලීසිය  පවසයි.

"ඒ අනුව, මෙහි ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකර ඇති අතර මිය ගිය වසීම් තාජුඩින් යන අය ගමන් ගත් කාර් රථය පිටුපස එදින වෙනත් සැක කටයුතු වාහනයක් ගමන්කර ඇති බවට CCTV කැමරා දර්ශන මඟින් අනාවරණය කරගෙන ඇත. තවද එම රථයට පුද්ගලයෙකු ගොඩවී ඇති බවට ද නිරීක්ෂණය වී ඇති අතර එම පුද්ගලයා හදුනා ගැනීම සඳහාද විමර්ශන ආරම්භකර තිබිණි," යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශයේ සඳහන්ව තිබේ.

“සැක කටයුතු වාහනය” කවරාකාරදැයි පොලිස් නිවේදනයේ නොදැක්වේ.

මරා දැමීමෙන් අට මාසයකට පසුව

අනුර ප්‍රියන්ත කුමාර මිය යෑමට පෙර සමාජ මාධ්‍ය නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින් රාජපක්ෂ යුගයේ සිදුවු ඝාතන මෙන්ම අපරාධ ගණනාවක් පිළිබඳව කරුණු හෙළිකරව් කරනු ලැබු අතර, ඇතැම් ඒවාට ඔහුගේ ඇති සම්බන්ධතාවය ද ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන ලදී. තත්වය එසේ නම් එම සාකච්ඡාව සිදුවී ඔහුව මරා දමන තෙක්ම පොලීසිය ඔහුම පවසන අපරාධ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් නොකරන ලද්දේ කුමක් නිසා දැයි ගැටළුවකි.

තාජුඩීන් ඝාතනයට ඔහු සම්බන්ධ යැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් රට හමුවේ තබන්නේ ඔහු මරා දමා මාස 8 ට පසුව ය. සමාජ මාධ්‍ය ජාලවල අදහස් පලකරන ක්‍රියාධාරීන් ත්‍රස්ත පනත යොදාගෙන සිරගත කරන පොලිසිය සමාජ මාධ්‍ය නාලිකාවේ කජ්ජාගේ පාපොච්චාරණය ගැන පරීක්ෂණ පවත්වුයේදැයි හෙළි නොවේ.

 

2015 දී සිදු කෙරුණු විමර්ශන සහ නව අධිකරණ වෛද්‍ය වාර්තාවන්ට අනුව තාජූඩීන් මිය ගොස් තිබුණේ දරුණු වධහිංසාවන්ට ලක් කිරීමෙන් අනතුරුවය. පොලිසිය පවසන නව තත්වයන්ට අනුව ශක්ති සම්පන්න රගර් ක්‍රීඩක තාජූඩීන්ගේ වාහනයකට ගොඩවී ගිය තනි පුද්ගලයකුට එසේ සිදු කළ හැකි දැයි පැහැදිලි නැත.

 

සැබෑ ඝාතකයන් යටපත් වීමේ අවදානමක්?

කෙසේ නමුත් තාජූඩීන් ඝාතනයේ සැකකරු ලෙස පවසන අනුර ප්‍රියන්ත කුමාර නොහොත් කජ්ජා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කොට අත්අඩංගුවට ගනු ලැබුවේ ද හිටපු හමුදා සාමාජිකයන් දෙදෙනෙකුව සහ පොලිස් කොස්තාපල්වරයකු ය.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ ඝාතනය යනු,  ජාතික ජන බලවේගය රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇති  යටපත් වුණු අපරාධ නැවත විමර්ශනය කිරීමේ ලේඛනයේ ඉදිරියෙන්ම තිබෙනා එකකි. අවස්ථා කිහිපයකදීම විමර්ශනයට ලක් කෙරුනු සහ එමෙන්ම යම් මට්ටමකට පිළිගත හැකි තොරතුරු අධිකරණය හමුවට පවා ඉදිරිපත්ව ඇති  එවැනි අපරාධ සිදූවීමක්  මිය ගිය පුද්ගලයෙකුගේ  නමට බැර කොට යටපත් කර හැරීමට කටයුතු සිදු වන්නේ දැයි බරපතල සැකයක් මතු වීමද නොවැලැක්විය හැකි දෙයක් වන්නේ ය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මළගිය පරාණකාරයෙක් දහතුන් වසරකට පසු තාජූඩීන් ඝාතනයේ සැකකරුවෙක් වෙයි | The Leader