The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

දෙමළ අතුරුදහන් කළ’වුන්ගේ ඥාතීහු එජා මානව හිමිකම් වාර්තාව චෙම්මනියේ දී ගිනි තබති

T

The Leader Desk

October 2, 2025 • 3:36 AM

 දෙමළ අතුරුදහන් කළ’වුන්ගේ ඥාතීහු එජා මානව හිමිකම් වාර්තාව චෙම්මනියේ දී ගිනි තබති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චෙම්මනි සමූහ සුසාන සමීපයේදී උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් සිවානන්දන් ජෙනීටා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ වාර්තාව පුළුස්සා දැමීම මගින් එම ලියවිල්ල සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.
  • වර්තමාන පාලන සමය ‘ශතවර්ෂ ගණනක ප්‍රචණ්ඩතාව සහ දණ්ඩමුක්තියේ චක්‍රවලින් ගැලවී යාමට උදාවූ ඓතිහාසික අවස්ථාවක්’ ලෙසින් මහ කොමසාරිස් ටර්ක් විසින් උත්කර්ෂයට නගා තිබුණි.
  • “අපි මෙම ස්ථාවරය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමු.
  • එමෙන්ම අපි අතුරුදහන් තැනැත්තන් පිලිබඳ කාර්යාලය (OMP) ඇතුළු සකල දේශීය යාන්ත්‍රණ මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමු.
අකුරු ප්‍රමාණය (Font Size):


චෙම්මනි සමූහ සුසාන සමීපයේදී උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම්  සිවානන්දන් ජෙනීටා මාධ්‍යවේදීන් හමුවේ  කියා සිටියේ  මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ වාර්තාව පුළුස්සා දැමීම මගින් එම ලියවිල්ල සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.

“අපි මේ එක්සත් ජාතීන්ගේ වාර්තාව පුළුස්සා දමා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.”

සිය සමීපතමයන්ට යුක්තිය ඉල්ලා ශ්‍රී ලංකාවේ දීර්ඝතම අරගලයේ සටන් වැදී සිටින දෙමළ අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම චෙම්මනි සමූහ සුසාන සමීපයේදී එම වාර්තාව පුළුස්සා දමන ලද්දේ සතියක් පුරා දියත් කළ සත්‍යග්‍රහය ලෝක ළමා හා වැඩිහිටි දිනයේදී හමාර කරමිනි.

වර්තමාන පාලන සමය ‘ශතවර්ෂ ගණනක ප්‍රචණ්ඩතාව සහ දණ්ඩමුක්තියේ චක්‍රවලින් ගැලවී යාමට උදාවූ ඓතිහාසික අවස්ථාවක්’ ලෙසින් මහ කොමසාරිස් ටර්ක් විසින් උත්කර්ෂයට නගා තිබුණි.

“අපි මෙම ස්ථාවරය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමු. එමෙන්ම අපි අතුරුදහන් තැනැත්තන් පිලිබඳ කාර්යාලය (OMP) ඇතුළු සකල දේශීය යාන්ත්‍රණ මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමු. අප විසින් විශ්වාසය තබනු ලබන්නේ ස්වාධීන, අපක්ෂපාතී, ජාත්‍යන්තර යාන්ත්‍රණ කෙරේ පමණි. වර්තමාන OSLAP (ශ්‍රී ලංකා වගවීම ව්‍යාපෘතිය) රාමුව ජාත්‍යන්තර ප්‍රමිතියට ඉහළ නංවන ලෙස අපි ඉල්ලා සිටිමු,” යි බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් දැනට ජිනීවා නුවර මුළුදෙන ජගත් මානව හිමිකම් මණ්ඩලයට යොමුකළ සංදේශයක සඳහන්වේ.

අප්‍රමාණ දරු පිරිසක් අතුරුදහන් කොට ඇති බවත්, ආගිය අතක් නැති දෙමළ ජනකාය පිලිබඳ සත්‍යය හෙළිකොට, යුක්තිය ඉටු කරගැනීම පිණිස අවුරුදු අටක් තිස්සේ අරගල කළ 350කට අධික වැඩිහිටියන් පිරිසක් සාධාරණයක් නොලබාම මියගොස් ඇති බවත් යෝගරාසා කනගරංජනී සහ සිවනාදන් ජෙනිටා නායිකා දෙපලගේ අත්සනින් යවන ලද ඒම ලිපියේ දැක්වෙයි.

යාපනයේ චෙම්මනි සමුහ සුසානය සමීපයේ සැප්තැම්බර් 25 වැනිදා ආරම්භ කළ සතියක උපවාසයට සහාය පළ කරමින් නැගෙනහිර පළාතේ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් අම්පාර, තිරුක්කෝවිල් හා තම්බුවිල් මධ්‍යම වෙළඳපොල අසල සැප්තැම්බර් 27 වැනිදා සිට දියත් කළ සත්‍යග්‍රහය ද ඔක්තෝබර් 01 වැනිදා විරෝධතාවයක් දියත් කරමින් අවසන් කර තිබුනි.

මහ කොමසාරිස්වරයා වෙත යොමු කළ ලිපිය මගින් කර තිබු ඉල්ලීම්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් සමුළුවේ 60 වැනි සැසිවාරයට ඉදිරිපත් කළ වාර්තාව පුළුස්සා දැමු උතුරේ දෙමළ අතුරුදහන්වුවන්ගේ ඥාතීන් මහ කොමසාරිස්වරයා වෙත 2025 ඔක්තෝබර් 01 වැනිදා යොමු කළ ලිපිය මගින් කර තිබු ඉල්ලීම් මාලාව පහතින්,

1. සියලු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුය,

2. වාඩිලා සිටින දෙමළ ඉඩම් මුදා හැරිය යුතුය,

3. මාධ්‍යවේදීන්ට නිදහසේ තම රාජකාරි කිරීමට ඉඩ සැලසිය යුතුය,  

4. සිංහල ජනපදකරණය සහ බෞද්ධකරණය අත් හිටවිය යුතුය,  

5. වාඩිලා සිටින සිංහල හමුදා දෙමළ නිජභූමියෙන් ඉවත් කරගත යුතුය,

6.මානව හිමිකම් රක්ෂකයන්, සිවිල් සමාජ නියෝජිතයන්, සහ යුක්තිය ඉල්ලා උද්ඝෝෂණයේ යෙදෙන්නන්ට එරෙහිව ඔත්තු සේවා විසින් සිදුකරනු ලබන තර්ජන හා අඩන්තේට්ටම් වහාම අත්හිටවිය යුතුය,

7. අපේ ජාතියට හානිකර සංවර්ධන ව්‍යාපෘති අත් හිටවිය යුතුය,

8. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) සහ මහජන ආරක්ෂක පනත නොපමාව අහෝසි කළ යුතුය.

 

tamil people 10.02

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...