The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

වසීම් තජුඩීන් ඝාතනය : කජ්ජාගේ පුත්‍රයාගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

T

The Leader Desk

October 2, 2025 • 5:02 AM

වසීම් තජුඩීන් ඝාතනය : කජ්ජාගේ පුත්‍රයාගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විමර්ශනයට අදාළ CCTV දර්ශන කජ්ජාගේ සහෝදර සහෝදරියන්ට පෙන්වා එහි සිටින්නේ ඔවුන්ගේ සහෝදරයා දැයි විමසීමට කටයුතු නොකරන්නේ ඇයිදැයි ඔහු පොලීසියෙන් විමසා සිටියි.
  • උපුටා ගැනීම "පොලීසිය පවසන ආකාරයට වසීම් තජුඩීන් පසුපස හඹා යන මෝටර් රථයේ පසුපස හඹායන මෝටර් රථයට නගින ලද පුද්ගලයා මිද්දෙණියෙ කජ්ජා නොහොත් අරුණ ප්‍රියන්ත බව ඔහුගේ හිටපු බිරිඳ පිළිගෙන ඇති බවට පොලීසිය විසින් නිවේදනය කර ඇත.
  • එහිදී ඔහු ප්‍රකාශ කළේ, වසීම් තාජුඩීන් ඝාතනයට ලක් වූ දිනයේ ඔහු වතුර බෝතලයක් මිල දී ගැනීම සඳහා හැව්ලොක් පිහිටි සුපරි වෙළෙඳසලක් වෙත ගමන් කරන බව ත් ඉන් පිටතට පැමිණ යළි ඔහු තම මෝටර් රථයේ නැග ගමන් කිරීමේදී ඔහු පසුපස තවත් මෝටර් රථයක් ලුහුබැඳ යන බවත් ය.
  • එම රථය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන පරීක්ෂා කර බැලීමේදී ආනාවරණය වී ඇත්තේ, ඒ අසල තවත් පුද්ගලයෙකු සිට ඇති බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):


විමර්ශනයට අදාළ CCTV දර්ශන කජ්ජාගේ සහෝදර සහෝදරියන්ට පෙන්වා එහි සිටින්නේ ඔවුන්ගේ සහෝදරයා දැයි විමසීමට කටයුතු නොකරන්නේ ඇයිදැයි ඔහු පොලීසියෙන් විමසා සිටියි.

2012 වසරේ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක ,පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් කජ්ජා සිට ඇතැයි ඔහුගේ බිරිඳ අනාවරණ කළ බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් පෙරේදා (ඔක්තෝම්බර් 30) අනාවරණ කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අරුණ විදානගමගේ හෙවත් කජ්ජාගේ වැඩිමහල් පුත්‍රයා වන ඉඳුවර විදානගමගේ සිය ෆේස්බුක් ගිණුමේ (Induwara Vidanagamage) සටහනක් ද තබා තිබුණි.

උපුටා ගැනීම

"පොලීසිය පවසන ආකාරයට වසීම් තජුඩීන් පසුපස හඹා යන මෝටර් රථයේ පසුපස හඹායන මෝටර් රථයට නගින ලද පුද්ගලයා මිද්දෙණියෙ කජ්ජා නොහොත් අරුණ ප්‍රියන්ත බව ඔහුගේ හිටපු බිරිඳ පිළිගෙන ඇති බවට පොලීසිය විසින් නිවේදනය කර ඇත.

ඇයි පොලීසිය විසින් අරුණ ප්‍රියන්ත නොහොත් මිද්දෙණිය කජ්ජගේ සහෝදර සහෝදරියන්ගෙන් මෙම CCTV දර්ශන පෙන්වා එම දර්ශනයේ සිටින්නේ තමන්ගේ සහෝදරයාද බවට අසන්නේ නැත්තේ ඇයි?''

(උපුටා ගැනීම අවසන්)

අරුණ විදානගමගේ ගේ පුත්‍රයා ඊයේ (01) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පවත්වා අදහස් පළ කළ අතර එහිදී, සිය පියාගේ මරණයෙන් පසු තම මවගේ ගිණුමට බැර වූ බව කියන මුදලක් පිළිබඳව ද ඔහු අනාවරණයක් කළේය.




වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂියක් පිළිබඳව පොලිසියේ අනාවරණය

2012 වසරේදී ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගමන් කළ මෝටර් රථය පසුපසින් ලුහුබැඳ ගිය මෝටර් රථයේ ඉකුත් දා ඝාතනයට ලක් වූ 'මිද්දෙණියේ කජ්ජා' හෙවත් අරුණ ශාන්ත විදානගමගේ ගමන් කර ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් සැප්. 30 විශේෂ අනාවරණයක් කරමින් පැවසීය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, වසීම් තාජුඩීන් ඝාතනයට ලක් වූ දිනයේ ඔහු වතුර බෝතලයක් මිල දී ගැනීම සඳහා හැව්ලොක් පිහිටි සුපරි වෙළෙඳසලක් වෙත ගමන් කරන බව ත් ඉන් පිටතට පැමිණ යළි ඔහු තම මෝටර් රථයේ නැග ගමන් කිරීමේදී ඔහු පසුපස තවත් මෝටර් රථයක් ලුහුබැඳ යන බවත් ය.

එම රථය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන පරීක්ෂා කර බැලීමේදී ආනාවරණය වී ඇත්තේ, ඒ අසල තවත් පුද්ගලයෙකු සිට ඇති බව ය.

ඔහු හඳුනා ගැනීම සඳහා මීට වසර 9කට පමණ පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත දර්ශන නිකුත් කරනු ලැබුව ද එය අසාර්ථක වූ බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

නමුත් යළිත් 'මිද්දෙණියේ කජ්ජා' හෙවත් අරුණ ශාන්ත විදානගමගේගේ බිරිඳ ලබා දුන් ප්‍රකාශයක් මත එම පුද්ගලයා පසුගිය දා ඝාතනයට ලක් වූ 'මිද්දෙණියේ කජ්ජා' බවට තහවුරු වී ඇතැයි  වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩි දුරටත් කියා සිටියේය.

'කජ්ජා ඝාතනයට බැකෝ සමන් ඍජුව සම්බන්ධ බවට අනාවරණයක්'

ඉන්දුනීසියාවේ සිට පසුගිය දා මෙරටට ගෙන ආ පාතාල කල්ලි නායකයෙකු බව කියන 'බැකෝ සමන්' මෙම වසරේ පෙබරවාරි මස 18 වන දා මිද්දෙණිය ප්‍රදේශයේදී 'කජ්ජා' හෙවත් අරුණ ශාන්ත විදානගමගේට සහ ඔහුගේ දරුවන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු ලෙස චෝදනා එල්ල වී තිබිණි.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් ප්‍රකාශ කළේ, අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව 'බැකෝ සමන්ගෙන්' කළ ප්‍රශ්න කිරීම්වලදී ද අනාවරණය වී ඇත්තේ, 'කජ්ජා' ඝාතනයට ඔහු ඍජුව සම්බන්ධ බව ය.

අනතුරුව 'කජ්ජා' නමැති පුද්ගලයාගේ බිරිඳ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දෙමින් සඳහන් කර ඇත්තේ, 'බැකෝ සමන්' ඇතුළු පාර්ශව වෙතින් තම සැමියාට මරණ තර්ජන තිබුණු බව ය.

2023 වසරේ යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් 'කජ්ජා' , වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් කරුණු හෙළි කර තිබුණු බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තාජුඩීන්ගේ මෝටර් රථය පසුපස ලුහුබැඳ ගිය මෝටර් රථය අසල සිටි පුද්ගලයා හඳුනා ගැනීම සඳහා 'කජ්ජාගේ' බිරිඳගේ සහය ලබා ගෙන තිබුණු බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.




'ඔය ඉන්නේ මගේ මහත්තයා'

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකාර පුද්ගලයා සම්බන්ධ සීසීටීවී දර්ශන 'කජ්ජාගේ' බිරිඳට පෙන්වනු ලබන අතර එහිදී ඇය එහි සිටින්නේ තම සැමියා බවට හඳුනා ගෙන තිබේ.

"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කරනවා මේ කාන්තාවට අර සීසීටීවී දර්ශන පෙන්නන්න," වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල වෙත පවසා තිබිණ.

"පෙන්නපු ගමන් කජ්ජාගේ බිරිඳ හඳුනා ගන්නවා, 'සර් ඔය ඉන්නේ මගේ මහත්තයා..."

ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, "ඔයා කොහොම ද එහෙම කියන්නේ? යැයි ප්‍රශ්න කර තිබේ.

"ඇයි සර්, මම මේ මනුස්සයා එක්ක අවුරුදු 17ක් පවුල් කෑවා. මම දන්නේ නැද්ද මගේ මනුස්සයා," 'කජ්ජාගේ' බිරිඳ ලබා දුන් පිළිතුර වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

එය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයගෙන් ප්‍රශ්න කර ඇති බව ඔහු පවසයි.

"සර් ඔය කොන්දට අත් දෙක තියාගෙන ඉන්නේ, මෙයාට කොන්දේ අමාරුවක් තියෙනවා. ඒකයි මෙයා කොයි වෙලාවෙත් අත් දෙක තියාගෙන ඉන්නේ. ඒ එයා ම තමයි," ඇය පවසා තිබේ.

ඇය ලබා දුන් ප්‍රකාශය අනුව රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගමන් කළ මෝටර් රථය පසුපසින් ලුහුබැඳ ගිය මෝටර් රථයේ ගමන් කළ සැකකාර පුද්ගලයා හඳුනා ගත් බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියි.

තාජුඩීන් ඝාතනය

නාරාහේන්පිට, ශාලිකා ක්‍රීඩාංගණය අසල පාර්ක් පාරේ ගින්නට දැවී ගිය මෝටර් රථයක් තුළ 2012 මැයි 17 වන දා රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මියගොස් සිටියදී හමුවිය.

හදිසි අනතුරකින් ඔහු මියගොස් ඇති බවට එම අවස්ථාවේ පොලිසිය ඇතුළු බලධාරීන් ප්‍රකාශ කළ නමුත් එය හදිසි අනතුරක් නොවන බව පවසමින් ඔහුගේ ඥාතීන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

අනතුරුව ඔහුගේ සිරුර ගොඩගෙන නැවත පරීක්ෂණ පවත්වන ලෙස අධිකරණය එවකට නියෝග කළේ ය.

ඒ අනුව, දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් ඇතුළු වෛද්‍ය මණ්ඩලයක් විසින් 2015 වසරේ අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වුණේ වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට ය.

අනතුර සිදු වූ අවස්ථාවේ ඔහු ගිනිගෙන තිබූ රථය පදවා නැති බව පවසන වෛද්‍ය වාර්තාව, ඔහුට පහර දී දුර්වල වූ පසුව ඔහු වාහනයේ වාඩි කරවා ඇති බව සඳහන් කර තිබිණි.

ඔහුගේ දෙපාවලට, ගෙළ සහ පපු ප්‍රදේශයට කරන ලද පහරදීම්වලින් හට ගත් තුවාල හේතුවෙන් ඔහු මියගොස් ඇති බවට විශේෂඥ මණ්ඩලයේ නිගමනය වී තිබිණි.


Screenshot 2025 10 02 093809

සබැඳි පුවත් :

 තාජුඩීන්ගේ ආත්මයට මේ ආණ්ඩුව කරන්නේ ලොකු අසාධාරණයක් – නාමල්

මළගිය පරාණකාරයෙක් දහතුන් වසරකට පසු තාජූඩීන් ඝාතනයේ සැකකරුවෙක් වෙයි

වසර 13කට පසු තාජුඩීන්ගේ මෝටර් රිය පසුපස ලුහුබැඳ ගිය සැකකරු ගැන හෙළිවූ අයුරු

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වසීම් තජුඩීන් ඝාතනය : කජ්ජාගේ පුත්‍රයාගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් | The Leader