The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

රට පුරා රෝහල් ගණනාවක සේවා බිඳ වැටීමේ තර්ජනයක් - වෛද්‍ය සංගමය අනතුරු අඟවයි

T

The Leader Desk

October 2, 2025 • 5:33 AM

රට පුරා රෝහල් ගණනාවක සේවා බිඳ වැටීමේ තර්ජනයක් - වෛද්‍ය සංගමය අනතුරු අඟවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම සංගමය මේ බව සඳහන් කරන්නේ එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
  • මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
අකුරු ප්‍රමාණය (Font Size):


එම සංගමය මේ බව සඳහන් කරන්නේ එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වන පරිදි, සියලුම වෛද්‍ය කාණ්ඩ සඳහා ස්ථාන මාරු කටයුතු සිදු කිරීම නිවැරදි ක්‍රමවේදයට අනුගත වෙමින්, නීත්‍යානුකූල පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය සහිතව, සෞඛ්‍ය අමාත්‍යංශයේ දී මෙන්ම රෝහල් සහ අනෙකුත් සෞඛ්‍ය ආයතන තුළදී ද සිදු විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇති කාරණයක් බවත්, එමගින් රට පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සේවා බිඳ වැටීම් වළක්වා ගැනීමත්, වෛද්‍යවරුන් අපහසුතාවට පත් වීම වළක්වා ගැනීමත් අරමුණු කරගෙන ඇත.

නමුත් කණගාටුදායක ලෙස ඇතැම් සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් ද, ඇතැම්  රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල ප්‍රධානීන් ද එම එකඟතාවට සහ පොදු නියමිත ක්‍රමවේදයට බැහැරව යමින් සහ පාර්ශ්වකරුවන් නොසලකා හරිමින්, වෛද්‍යවරුන්ද අපහසුතාවට පත්වන අයුරින් අත්තනෝමතිකව ක්‍රියා කිරීම නිසා රට පුරා රෝහල් ගණනාවක සේවා බිඳ වැටීමේ තර්ජනයක් උද්ගත වී තිබෙන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

01.10.2025 මාධ් ය නිවේදනය 1 page 0001

 01.10.2025 මාධ් ය නිවේදනය 1 page 0002

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රට පුරා රෝහල් ගණනාවක සේවා බිඳ වැටීමේ තර්ජනයක් - වෛද්‍ය සංගමය අනතුරු අඟවයි | The Leader