The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මීට පස්සේ අපි කරන දේ බලන්න? අල්ලස් කොමිසමේ ලොක්කාගෙන් විශේෂ ප්‍රකාශයක්!

T

The Leader Desk

October 2, 2025 • 8:50 AM

මීට පස්සේ අපි කරන දේ බලන්න? අල්ලස් කොමිසමේ ලොක්කාගෙන් විශේෂ ප්‍රකාශයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (2) නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව දැනුම් දෙන්නේ, කොමිෂන් සභාව පිළිබඳ වැරදි සහගත ප්‍රචාර සිදුකරන හෝ කොමිෂන් සභාවට අවමන් කරන පුද්ගලයන් හෝ ආයතන සම්බන්ධයෙන් දුෂණ විරෝධි පනත සහ අදාළ අනෙකුත් නීති යටතේ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට පසුබට නොවනු බව යි.
  • කොමිෂන් සභාව සතු බලය ස්වාධීනව හා බියක් හෝ පක්ෂාග්‍රාහීත්වයක් නොමැතිව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතෙන් තමන් වෙත ව්‍යවස්ථාපිත බලතල පවරා ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව නැවත වරක් සිහිපත් කර සිටියි.
  • ඒ අනුව, කොමිෂන් සභාව පිළිබඳ වැරදිසහගත ප්‍රචාර සිදුකරන හෝ කොමිෂන් සභාවට හෝ එහි කටයුතුවලට අවමන් කරන පුද්ගලයින් හෝ ආයතන සම්බන්ධයෙන් දුෂණ විරෝධි පනත සහ අදාල අනෙකුත් නීති යටතේ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කොමිෂන් සභාව පසුබට නොවනු ඇත.
  • උපුටා ගැනීම අවසන් - අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව අද දින (02) නිකුත් කල නිවේදනය මතු පළවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අද (2) නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව දැනුම් දෙන්නේ, කොමිෂන් සභාව පිළිබඳ වැරදි සහගත ප්‍රචාර සිදුකරන හෝ කොමිෂන් සභාවට අවමන් කරන පුද්ගලයන් හෝ ආයතන සම්බන්ධයෙන් දුෂණ විරෝධි පනත සහ අදාළ අනෙකුත් නීති යටතේ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට පසුබට නොවනු බව යි.


- උපුටාගැනීම -

විවිධ සැඟවුණු අරමුණු සහිත ව කටයුතු කරන ඇතැම් පුද්ගලයින් හා ආයතන විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව සම්බන්ධයෙන් පදනම් විරහිත සහ නොමඟ යවන සුළු ප්‍රකාශ විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ඇතුළු විවිධ ක්‍රම ඔස්සේ ප්‍රචාරය කිරීමේ යෙදී සිටින බව කොමිෂන් සභාව දැඩි කනස්සල්ලෙන් යුතු ව නිරීක්ෂණය කරනු ලබයි.

මෙවැනි ක්‍රියා තුළින් කොමිෂන් සභාවේ කීර්ති නාමයට හානි පමුණුවන අතරම, දැනට සිදුකෙරෙමින් පවතින ප්‍රධාන විමර්ශන වෙතින් ජනතා අවධානය වෙනතකට යොමු කිරීම මෙන්ම කොමිෂන් සභාව විසින් සිදුකරන කටයුතු නීත්‍යාණුකූල ව කෙරෙන්නේ ද යන්න සම්බන්ධයෙන් විකෘති සහගත මතයක් නිර්මාණය කිරීමට ද මෙවැනි ක්‍රියා හේතු වේ.

කොමිෂන් සභාව සතු බලය ස්වාධීනව හා බියක් හෝ පක්ෂාග්‍රාහීත්වයක් නොමැතිව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතෙන් තමන් වෙත ව්‍යවස්ථාපිත බලතල පවරා ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව නැවත වරක් සිහිපත් කර සිටියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකමක් වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, යුත්තිය පසඳලීමට බාධා කරන හෝ දුෂණය පිටුදැකීමේ සටන සම්බන්ධයෙන් මහජනයා තුළ ඇති විශ්වාසය අවතක්සේරු කරන පදනම් විරහිත ප්‍රකාශ ප්‍රචාරය කිරීම සඳහා අවභාවිතා කළ නොහැකි බව කොමිෂන් සභාව අවධාරණය කර සිටී.

ඒ අනුව, කොමිෂන් සභාව පිළිබඳ වැරදිසහගත ප්‍රචාර සිදුකරන හෝ කොමිෂන් සභාවට හෝ එහි කටයුතුවලට අවමන් කරන පුද්ගලයින් හෝ ආයතන සම්බන්ධයෙන් දුෂණ විරෝධි පනත සහ අදාල අනෙකුත් නීති යටතේ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කොමිෂන් සභාව පසුබට නොවනු ඇත.

අල්ලස් සහ දුෂණ සම්බන්ධ විමර්ශන කඩිසරව හා අපක්ෂපාතීව නීතියට අනුකූලව සිදු කිරීම සඳහා කොමිෂන් සභාව තුළ වූ නොසැලෙන කැපවීම කොමිෂන් සභාව විසින් නැවතත් තහවුරු කර සිටින අතර, මෙම අතිශය වැදගත් කර්තව්‍ය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යැවීමට සහ ජනතා අවධානය වෙනතට යොමු කිරීමට දරන උත්සාහයන් පිලිබඳව අවදියෙන් සිටින ලෙස කොමිෂන් සභාව මහජනතාව ගෙන් ඉල්ලා සිටියි.

- උපුටා ගැනීම අවසන් -

අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව අද දින (02) නිකුත් කල නිවේදනය මතු පළවේ.

bribary 2193220913

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මීට පස්සේ අපි කරන දේ බලන්න? අල්ලස් කොමිසමේ ලොක්කාගෙන් විශේෂ ප්‍රකාශයක්! | The Leader