The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

'චේ' තම ජීවන කලාව තුළින් ම බාරගෙන තිබෙන අභියෝග ලාංකේය තරුණ පරපුරට ආදර්ශයක් - නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර

T

The Leader Desk

October 2, 2025 • 3:13 PM

'චේ' තම ජීවන කලාව තුළින් ම බාරගෙන තිබෙන අභියෝග ලාංකේය තරුණ පරපුරට ආදර්ශයක් - නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බවත්, ඒ සංවාදයෙන් බලාපොරොත්තු වෙන්නේ ‘චේ’ සහොදරයාගේ ජීවන විලාසිතාව අපේ රටේ තරුණ පරම්පරාවේ ජීවන විලාසිතාව බවට පත්කර ගන්නේ කෙසේ ද යන දැනුම ලබා ගැනීම යැයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසී ය.
  • අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 'අලුත් වෙන රටකට තාරුණ්‍යයේ ආදර්ශය චේ ' "චේ දිනය" පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් සමාවාදී තරුණ සංගමය අද (02) පැවැත්වූ මාධ්‍ය හමුව අමතමිනි.
  • තරුණ පරම්පරාවේ විලාසිතාව ''එළඹෙන ඔක්තෝබර් මස අටවැනිදාට අපේ ආදරණීය චේ සහෝදරයා උදුරාගෙන වසර 58ක් වෙනවා.
  • එම දිනය සැමරීමට සමාජවාදී තරුණ සංගමය සහ ඒ වටා ඇත්වැල් බැඳගත් ලාංකීය තරුණ තරුණියන් එක්වී සතියක් නම්කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

බවත්, ඒ සංවාදයෙන් බලාපොරොත්තු වෙන්නේ ‘චේ’ සහොදරයාගේ ජීවන විලාසිතාව අපේ රටේ තරුණ පරම්පරාවේ ජීවන විලාසිතාව බවට පත්කර ගන්නේ කෙසේ ද යන දැනුම ලබා ගැනීම යැයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසී ය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 'අලුත් වෙන රටකට තාරුණ්‍යයේ ආදර්ශය චේ '   "චේ දිනය" පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් සමාවාදී තරුණ සංගමය අද (02) පැවැත්වූ  මාධ්‍ය හමුව අමතමිනි.
 
සහභාගිත්වය :
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක, නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර 
සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික සදීෂ් සෙල්වරාජ් 
සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික අංජන සම්පත් අමරසිංහ
xfgte4t64
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා...

තරුණ පරම්පරාවේ විලාසිතාව
''එළඹෙන ඔක්තෝබර් මස අටවැනිදාට අපේ ආදරණීය චේ සහෝදරයා උදුරාගෙන වසර 58ක් වෙනවා. එම දිනය සැමරීමට සමාජවාදී තරුණ සංගමය සහ ඒ වටා ඇත්වැල් බැඳගත් ලාංකීය තරුණ තරුණියන් එක්වී සතියක් නම්කර තිබෙනවා. අධිරාජ්‍යවාදීන් විසින් 1967 ඔක්තෝබර් 08වැනි දින බොලීවියාවේ දී අත්අඩංගුවට ගෙන 09 වැනි දින ශාරීරික වශයෙන් ඔහු අපට අහිමි කළා. ‘චේ’ සහෝදරයා මේ ලෝකයත් සමග ජීවත් වෙන්න හැකි වූයේ වසර 39ක් වගේ ඉතාමත් කෙටි කාලයක්; ඔහුගේ ක්‍රියාකාරී දේශපාලනය තිබුණේ අවුරුදු 12කටත් අඩු ඉතාමත් කෙටි කාලයක්.

ඔහු ජීවත්ව සිටි අවුරුදු 39ට වඩා ගෙවුණු වසර 58 තුළදී ලොව පුරාව බලපෑම් සහගත, තරුණ පරම්පරාවේ විලාසිතාව බවට පත් වූ, තරුණ තරුණියන්ට ආදර්ශයක්  වූ වඩාත් විශාල වූ චරිතයක් වී සිටිනවා. ප්‍රගතිශීලී සටන්වලට, අරගලයට නායකත්වයේ සංකේතය බවට ‘චේ’ සහෝදරයා පත්කර ගෙන තිබෙනවා. සමාජවාදී තරුණ සංගමය වසර ගණනාවක් පුරා අඛණ්ඩව ‘චේ’ සහෝදරයා සම්බන්ධ සංවාදයක් අපි මේ සමාජයේ ගෙනයනවා. ඒ සංවාදයෙන් අප බලාපොරොත්තු වෙන්නේ ‘චේ’ සහොදරයාගේ ජීවන විලාසිතාව අපේ රටේ තරුණ පරම්පරාවේ ජීවන විලාසිතාව බවට පත්කර ගන්නේ කොහොමද කියන දැනුම ලබා ගැනීමයි.

ජනතාවාදී රජය රැකගරැකගත යුතු යි
අප මෙවර ‘චේ’ දිනය සමරන්නේ වසර ගණනාවක් පුරා අපේ අම්මලා තාත්තලා සහ ප්‍රගතිශීලි ජනතාව බලාපොරොත්තු වූ ප්‍රගතිශීලී පාලනයක් පිහිටුවා ගැනීමෙන් පසුවයි. ඒ නිසා “අලුත් වෙන රටකට තාරුණ්‍යයේ ආදර්ශය චේ” කියන තේමාවෙන් ක්‍රියාකාරකම් රැසක් යොදාගන තිබෙනවා. ජනතාව පාරට බැහැලා අරගල කරලා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතාවාදී රජයක් පිහිටුවාගෙන තිබෙනවා. මීට පෙර ආණ්ඩුවක් පිහිට වූ පසු වගකීමේ කේන්ද්‍රය බවට පත්වන්නේ ජනාධිපති, ඇමතිවරු, සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විතරයි. මෙයට පෙර පැවති ජනතාවාදී නොවන ආණ්ඩුවල ක්‍රියාරිත්වය ඒ ආකාරයෙන් වුවත් ජනතාවාදී පාලනයක් පවත්වාගෙන යාම සහ ආරක්ෂාකර ගැනීම ජනතාවත් එක්ක බද්ධ වී තිබෙනවා.

එවැනි ජනතාවාදී පාලනයක් යටතේ තරුණ පරම්පරාව වෙත ප්‍රධාන වගකීම් තුනක් සම්බන්ධයෙන් අවධාරණය කරන්න ඕනෑ. පළමුව ජනතාවාදී රජය රැකගන්න ඕනෑ. දෙවනුව ජනතාවාදී පාලනයේ බලය තව තවත් තහවුරු කරන්න ඕනෑ. තුන්වැනිව ජනතාවත් සමග සම්බන්ධවී රට ගොඩනැගීම යන ප්‍රධාන වගකීම් තුන අපේ තරුණ පරම්පරාව මත තිබෙනවා. වසර 58කට පෙර අපෙන් උදුරා ගත් ‘චේ’ සහෝදරයා වර්තමානයේ දී ජනතාවට වඩාත් සමීප කළ යුත්තේ තරුණයන් වෙත මෙන්න මේ ආදර්ශ ලබා ගන්නයි.

සමාජයට අවශ්‍ය සෑම මොහොතක ම ඊට නායකත්වය
මේ කාර්යභාරය වෙනුවෙන් ‘චේ’ සහෝදරයාගෙන් උකහා ගත යුතු ගුණාංග රැසක් තිබෙනවා. ‘චේ’ සහෝදරයා කියන්නේ ගවේෂණශීලී පුද්ගලයෙක්. අත්දැකීම් ලබාගෙන ඇස් දෙකෙන් දැකලා කන් දෙකෙන් අහලා ලතින් ඇමෙරිකාව පුරා ගමන් කරමින් අධ්‍යයන චාරිකාවක යෙදුණා. ඒ තුළ මිනිසුන් විඳින වේදනාව, ලාදුරු රෝගීන් විඳින වේදනාව වැනි පොදු ජනතාවගේ වේදනාවන් වගේම ධනය, බලය හිමි පුද්ගලයන් සමස්ත සමාජයක් මත හෙළන පීඩාව ගැන ‘චේ’ දැක්කා. අපට බලය ලබාගත හැකි වූයේ බිඳ වැටී විසිරී ගිය රටක්. අපරාධ රාජ්‍යයක් තිබෙන්නේ. නීතියේ ආධිපත්‍යය බිඳ දමා නිෂ්පාදන ආර්ථිකය බිඳ දැමූ රාජ්‍යයක් තිබෙන්නේ.

මේ තත්වය තුළ ආණ්ඩුවේ කිහිපදෙනෙකු නොව මේ රටේ තරුණ පරපුර ගවේෂණශීලීව රට ගොඩනැගීමට මැදිහත් විය යුතුයි. ඒ වෙනුවෙන් ‘චේ’ ගේ ආදර්ශයන් රැසක් ලාංකීය තරුණ පරපුර අත්පත් කර ගන්න ඕනෑ. ඒ වගේම ‘චේ’ සහෝදරයාගේ නායකත්ව ගුණාංගයන් හඳුනාගෙන අත්පත් කර ගන්න ඕනෑ. ඔහු වගකීම් බාරගත්තේ දුෂ්කරතාව හෝ පහසු බව සලකා බලා නොවෙයි. සමාජයට අවශ්‍ය සෑම මොහොතකම ඊට නායකත්වය දෙන්න මැදිහත් වුණා. ගරිල්ලා සටනකදී, නිල හමුදා ජනරාල්වරයෙකු ලෙස, මුදල් ඇමති ලෙස, කර්මාන්ත ඇමති ලෙස වගේ ඕනෑම වගකීමක් දැරීමට අභියෝගාත්මකව බාරගැනීමේ ජීවන කලාවක් ඔහු තුළ තිබුණා. වර්තමානයේ අපටත් එවැනි නායක නායිකාවන් ගොන්නක් ඕනෑ.

සියලු වරප්‍රසාද අත්හළ නායකයෙක්
‘චේ’ගේ ජීවන රටාව අධ්‍යයනය කරද්දී අත්හැරීම පිළිබඳ ආදර්ශය ගන්න පුළුවන්. අපි දේවල් අත්හරින්නේ කලකිරීම, කරන්න බැරිවීම, පීඩනයන් දැරීම, වගේ තත්ත්වයන්වල දී. නමුත් ‘චේ’ සහෝදරයා අත්හැරීම් පටන් ගත්තේ වෛද්‍යවරයෙක්ව සිටියදී. ඔහු වෛද්‍ය වෘත්තිය අත්හැර විප්ලවවාදී ජීවිතය තෝරා ගත්තා. ලෝකයේ හොඳම වෛද්‍යවරයෙක් වෙලා යම් කණ්ඩායමක් සුවපත් කරනවා වෙනුවට මුළු මහත් සමාජයක් සුවපත් කිරීමේ විප්ලවවාදී ජීවිතය තෝරා ගත්තා. අලුතින් ගොඩනැගෙන රට වෙනුවෙන් අපටත් එවැනි තෝරා ගැනීම් කරන්න සුදුසු තරුණ පරපුරක් වෙන්න ඕනෑ.

‘චේ’ කියන්නේ සියලු වරප්‍රසාද අත්හළ නායකයෙක් ගරිල්ලා වගකීම් ගනිද්දී ඇමති ධුරයක වගකීම් ගනිද්දී වගේ ඕනෑම වගකීමක් ගනිද්දී වරදාන වරප්‍රසාද සාමාන්‍ය දේශපාලන වගකීම් දැරූවෙකුට නැති කිසිවක් ලබා ගත්තේ නැහැ. ජනතාවට දුන් පොරොන්දු අනුව විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරදාන වරප්‍රසාද කපා හැරීම ගැන හිටපු විධායක ජනාධිපතිවරු දෙදෙනෙක් නටන නැටිල්ල අද අපට බලා ගන්න පුළුවන්.

ජනතාව ගෙන්වා ගෙන වන්දමාන කර ගන්නා තත්ත්වය දකින්න පුළුවන්. ජරා දේශපාලන සංස්කෘතිය නැවත ස්ථානගත කරන්න කල්පනා කරනවා. මාධ්‍ය බලය, මුදල් බලය පාවිච්චි කරලා අහිමි වුණු ජරාජීර්ණ දේශපාලනය නැවත ගේන්න උත්සාහ කරනවා. තරුණ පරම්පරාව සහ සමස්ත ජනතාව එක්වී මේ තත්ත්වය පරාජයට පත් කළ යුතුයි. වරදාන වරප්‍රසාද කපද්දී නගන අඳෝනාවේ වේදනාව පරාජයට පත්කිරීමේ වගකීම තරුණ පරම්පරාවට තිබෙනවා. ජනාධිපතිවරයා, ඇමතිවරු, මන්ත්‍රීවරු වෙනුවෙන් තිබූ වරදාන වරප්‍රසාද ලංකාවේ පළමු වතාවට කපා හැරීම ආදර්ශ දී තිබෙනවා. ජනතාවත් එක්ක ස්වේච්ඡාවෙන් වැඩකරන්න පටන්ගෙන තිබෙනවා. ධනය, බලය නොසලකා නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වෙන්න පටන්ගෙන තිබෙනවා.

චේ සහෝදරයාගේ ආදර්ශය අපි ලබා ගත යුතුයි
මේ පසුබිම තුළ සමහර පුත්තු සහ වැඩිහිටි කිහිපදෙනෙකු තමන් මෙතෙක් අත්පත් කර ගත් ධනය සහ බලය යොදා ගනිමින් විවිධ සංදර්ශන පවත්වන්න පටන්ගෙන තිබෙනවා. මතුවෙමින් තිබෙන මේ දේශපාලනය පරාජය කරන්න අවශ්‍ය ආදර්ශය ‘චේ’ සහෝදරයාගෙන් ලබා ගන්න ඕනෑ. ක්‍රම වෙනසක් සිදුකිරීමට සාතිශය ජනතාව කැමති වී සිටියත් තමන් ඒ වෙනුවෙන් කැපවෙන්න සූදානම් නැති පිරිසක් අපට හඳුනා ගන්න පුළුවන්. ඒ මනෝභාවය පරාජය කරන්න අවබෝධයෙන් මැදිහත් විය යුතුයි.

‘චේ’ සතිය පුරා විවිධ ක්‍රියාකාරකම් රැසක්
ජාතිවාදය, පුද්ගලික චරිත ලක්ෂණ පාවිච්චි කරලා විවිධ ප්‍රචාර ගෙනයන්න ධනය, බලය හිමි කණ්ඩායම් ගෙන යන අත්සාහය අපි දකිනවා. ක්‍රම වෙනස තමන්ගෙන් පටන් ගත් චේ සහෝදරයාගේ ආදර්ශය අපි ලබා ගන්න ඕනෑ. මේ අර්ථයෙන් ‘චේ’ සතිය පුරා විවිධ ක්‍රියාකාරකම් රැසක් සැලසුම්කර තිබෙනවා.

එහි පළමු අංගය ලෙස ඔක්තෝබර් 08 වැනි දින හොරණ යහල කැලේ ‘චේ’ උද්‍යානයේ දී කියුබානු තානාපතිතුමා, විදේශ හා සංචාරක කටයුතු අමාත්‍ය, විජිත හේරත් සහෝදරයා සහභාගී වන සමරු වැඩ සටහන සවස 3.30ට ආරම්භ කරනවා. ඒ වගේම දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි විවිධ ක්‍රියාකාරකම් සූදානම් කර තිබෙන අතර, ස්වේච්ඡා ශ්‍රමය ලබාදෙන පොදු කටයුතු රැසක් වගේම සෞඛ්‍ය සායන, ලේ පරිත්‍යාග කිරිම්, සහ සංස්කෘතික වැඩසටහන් සැලසුම්කර තිබෙනවා.

ඊට අමතරව ගීත සහ කවි රසවිඳිමේ වැඩසටහන්, පරිසර වැඩසටහන් සිදුකරනවා. සිංහල සහ දෙමළ භාෂාවෙන් සිදුකරන මේ ක්‍රියාකාරකම්වලට අපේ රටේ ගොඩනැගීමට බලාපොරොත්තු වන සියලුම ආදරණීය තරුණ තරුණියන් හට ආරාධනා කරනවා.''

cgy5745

එම අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ද නියොජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නේ ය.

ප්‍රශ්නය:
රනිල් වික්‍රමසිංහ මහත්මයා මැදමුලනට ගිහින් තිබුණා. ඒ සම්බන්ධයෙන් දකින්නේ කොහොමද?

පිළිතුර:
''හිටපු විධායක ජනාධිපතිවරු දෙන්නෙක් එක පාර වන්දනාමාන කරගන්න කැමති අයට ඉඩ සලසා තිබුණා. හිටපු විධායක ජනාධිපතිවරු තවත් කිහිප දෙනෙක් හිටියත් කිරි හට්ටි බැඳගෙන ගෙදරට ගෙන්වාගෙන වන්දනාමාන කරගන්නා බව තාමත් දැක්කේ නැහැ. මහින්ද රාජපක්ෂත්, රනිල් වික්‍රමසිංහත් යම් ප්‍රමාණයකට උත්සාහ කරන්නේ අපේ රටේ යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගී ජනතාව උසස් තත්වයකට පත්වීම වළක්වාලන්නයි. තරුණයන්ට ඒ බව ඉතාමත් පැහැදිලියි.

ජනතාවාදී ආණ්ඩුවක් ලෙස අපි පුද්ගලයන් එක්ක තරහා මරහා පිරිමසා ගන්න යන්නේ නැහැ. ප්‍රතිපත්තිමය කරුණු මත නීත්‍යාණුකූල ක්‍රියාමාර්ග අනගමනය කරමින් සිටිනවා. ජරාජීර්ණ දේශපාලනය නැවත ගේන්න උත්සාහ කරන්නේ ඒ තුළයි. අපරාධමය රාජ්‍යය ජනතාවගේ බලය මත ක්‍රමාණුකූලව සුද්ද කරමින් යද්දී ඒගොල්ලන්ටත් දේශපාලනිකව මාරාන්තික බව දන්නා නිසයි. ජඩ ව්‍යාපාරික සහ මාධ්‍ය කිහිපයකුත් හවුල්කරගෙන මේ වැඩේ කරගෙන යන්නේ.''

ප්‍රශ්නය
තාජුඩීන් ඝාතනය නැවත කරලියට පැමිණ තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබ දකින්නේ කොහොමද?

පිළිතුර
''මීට පෙර නීති ක්‍රියාත්මක වුණේ ධනය, බලය මත. නමුත් ජනතාවාදී ආණ්ඩුව නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක කරනවා. තාජුඩීන් ඝාතනය පිළිබඳව ඔබේ මාධ්‍ය තුළිනුත් විවිධ ප්‍රවෘත්ති වාර්තා කර තිබෙනවා. පොලීසියේ පරීක්ෂණවලදී විවිධ තොරතුරු හෙළිකරගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ සහ පුතාලා පාවිච්චි කළ ඩිෆෙන්ඩර් රථ අවස්ථා තුනකදී පාට මාරුකර පස්සේ කැලෑවල දමාගොස් තිබුණා. මේ කරුණු මත පරීක්ෂණ පියවරෙන් පියවර දියත් කරන කොට අපරාධකරුවන් කලබල වුණත් අපි කලබල වෙන්නේ නැහැ.''
 
(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...