The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

හම්බන්තොට අයිස් ජාවාරම පසුපස ඇත්තටම ඉන්නේ කවුද..? - විමල්ගෙන් අමුතු කතාවක්

T

The Leader Desk

October 2, 2025 • 3:29 PM

හම්බන්තොට අයිස් ජාවාරම පසුපස ඇත්තටම ඉන්නේ කවුද..? - විමල්ගෙන් අමුතු කතාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රබල හිතවතෙකු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
  • මොහු තම බෝට්ටු භාවිත කරමින් මත්ද්‍රව්‍ය තොග පිටින් රටට ගෙනැවිත් ඇති බවට පැහැදිලිවම අනාවරණය වී ඇතැයිද අද (02) කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු පැවසීය.
  • ඒ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළේය.
  • කන්ටේනර් 323ක් පරීක්ෂා කර බැලීමකින් තොරව එළියට යවපු, රතු ලයිස්තුවට ලේබල් ගත කරපු කන්ටේනර් 200 ගණනක් පරීක්ෂා කර බැලීමකින් තොරව එළියට යවපු ආණ්ඩුව, ඒ කන්ටේනර්වලින් ම රට ඇතුළට ආපු අයිස් මත්ද්‍රව්‍ය තැන් තැන්වල අල්ලමින් පුරාජේරු කතා කියන්න පටන් ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රබල හිතවතෙකු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මොහු තම බෝට්ටු භාවිත කරමින් මත්ද්‍රව්‍ය තොග පිටින් රටට ගෙනැවිත් ඇති බවට පැහැදිලිවම අනාවරණය වී ඇතැයිද අද (02) කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු පැවසීය.

ඒ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළේය.

''දැන් මේ ආණ්ඩුව, විශේෂයෙන් ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අයිස් පැතිරීම පිළිබඳව විශාල ඝෝෂාවක් පහුගිය කාලයේ නැගුවා. අපි දිගින් දිගටම කියා සිටියා මේ අල්ලන ඔක්කොම අයිස්, මේ පාලන කාලයේ එළියට ආපු අයිස් සහ මත්ද්‍රව්‍ය කියලා. කන්ටේනර් 323ක් පරීක්ෂා කර බැලීමකින් තොරව එළියට යවපු, රතු ලයිස්තුවට ලේබල් ගත කරපු කන්ටේනර් 200 ගණනක් පරීක්ෂා කර බැලීමකින් තොරව එළියට යවපු ආණ්ඩුව, ඒ කන්ටේනර්වලින් ම රට ඇතුළට ආපු අයිස් මත්ද්‍රව්‍ය තැන් තැන්වල අල්ලමින් පුරාජේරු කතා කියන්න පටන් ගත්තා.

නමුත් අද, ජනාධිපතිවරයා පහුගිය පළාත් පාලන මැතිවරණයේදී අවසන් රැස්වීම අමතලා කෑම කන්න ගිය ගෙදර, ජනතා විමුක්ති පෙරමුණේ ඉතාම හිතවත්, මුදල් අතින් වියදම් කරන, හැම අතින්ම සහයෝගය දක්වන පුද්ගලයෙක්, සනත් වීරසිංහ හෙවත් 'පුවක්දණ්ඩාවේ සනා' කියන පුද්ගලයාව පොලීසියට අත්අඩංගුවට ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඔහු තමයි අන්තිමට හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තු ඒ සියලු මත්ද්‍රව්‍ය ඔහුගේ බෝට්ටු මගින් මේ රටට ගෙනවිත් තිබෙන්නේ. මේ පුද්ගලයාව අන්තිමට සමාජ මාධ්‍ය වලින් විශාල පීඩනයක් එල්ල වුණාට පස්සේ අත්අඩංගුවට ගන්න පොලීසියට සිද්ධ වෙලා තියෙනවා.


එතකොට මේ 'පුවක්දණ්ඩාවේ සනා' පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙක්, හිතවතෙක්. මේ අයිස් මත්ද්‍රව්‍ය ලංකාවට ගෙනාපු බෝට්ටුවේ හිමිකරුවා ඔහු වෙනවා. එතකොට පැහැදිලියි, දැන් ආණ්ඩුව මොනතරම් පම්පෝරි ගැහුවත් මේ මත්ද්‍රව්‍ය තොගපිටින් ආවේ ඔවුන්ගේම ගෝලයෝ, ඔවුන්ගේම පාක්ෂිකයෝ, ඔවුන්ගේම ප්‍රබල හිතවතුන් හරහා.


කුඩු ගේන්නෙත් රාජ්‍යානුග්‍රහයෙන්, කුඩු අල්ලන්නෙත් රාජ්‍යානුග්‍රහයෙන්

මොහුගේ ගිණුම්වල විශාල මුදලක් එකතු වෙලා තියෙනවා. ඔහු ඒ නිසා අතපය දිග ඇරලා ජනතා විමුක්ති පෙරමුණට පහුගිය කාලය පුරා උදව් කළා. ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණේ උදවිය පළවෙනි අවස්ථාවේ අත්අඩංගුවට ගත්තාම, පොලීසියට බලපෑම් කරලා නිදහස් කරගත්තේ. දැන් නොගෙන බැරි තත්ත්වයකට පත් වුණාම තමයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ.

ඒ නිසා බොහොම පැහැදිලියි, මීට කලිනුත් අපි අවධාරණය කළා වගේ, ‘‘කුඩු ගේන්නෙත් රාජ්‍යානුග්‍රහයෙන්, කුඩු අල්ලන්නෙත් රාජ්‍යානුග්‍රහයෙන්'' කියලා. පහුගිය කාලවල නාවික හමුදාව ධීවර බෝට්ටු පරීක්ෂා කළ නිසා තොග වශයෙන් මුහුදේදීම මේවා අත්අඩංගුවට ගත්තා. මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ නාවික හමුදාව යොදවමින් මුහුදේ පරීක්ෂා කිරීම බොහෝ දුරට අඩාල කරලා තියෙනවා. ඒවයේ ප්‍රතිඵලයක් හැටියට තමයි 'පුවක්දණ්ඩාවේ සනා'ලා තමන්ගේ බෝට්ටු වලින් මේ තරම් මත්ද්‍රව්‍ය තොග පිටින් රටට අරගෙන ඇවිල්ලා තියෙන්නේ.

මේ ඡායාරූපයේ දිස් වෙන්නේ ඔය කියන සනත් වීරසිංහ. මොහු තමයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඒ ප්‍රදේශයේ රැස්වීම්වලට ආවම දිවා ආහාරය හෝ රාත්‍රී ආහාරය සම්පාදනය කරන්නේ. ඒ නිසා අපි කියන්නේ, මේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට එක එක දේශපාලන හංවඩු ගහන්න යන්නේ නැතුව, තමන්ගේ පාලන කාලය ඇතුළේ රටට වැදුණු මත්ද්‍රව්‍ය වැළැක්වීම සඳහා අවංක පියවර ගන්න. දේශපාලන ප්‍රයෝජන ගැනීම සඳහා පොලීසිය භාර ඇමතිවරයා පොලිස් මාධ්‍ය ප්‍රකාශකයාගේ භූමිකාව ඉටු කරන තත්ත්වයකට වැටෙන්නේ නැතුව මේවා පිළිබඳ බොහොම බරපතල ක්‍රියාමාර්ග ගන්න කියන එක තමයි අපි විශේෂයෙන් අවධාරණය කරන්නේ.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හම්බන්තොට අයිස් ජාවාරම පසුපස ඇත්තටම ඉන්නේ කවුද..? - විමල්ගෙන් අමුතු කතාවක් | The Leader