එ මෙන්ම අල්ලස් සහ දූෂණ පිළිබඳව කොමිෂන් සභාවට අදාළ පනත, අධ්‍යක්ෂක ජනරාල් ගේ පත්වීම සිදුකෙරෙන ආකාරය ආදී නෛතික කාරණා ඉතා මෑතකදී අධ්‍යයනය කිරීමට මා පොළඹවන සුළු හැසිරීමක පසුගිය මාස දෙකක පමණ කාලයකදී නියැළීම පිළිබඳව ද ඔබට ස්තූතියි.
විනිශ්චයකාරවරයෙකු ලෙස පත්වීමේදී බලපාන නුසුදුසුකම් පිළිබඳව සොයා බැලීමට තරම් වන හැසිරීමක ඔබ එකල නොයෙදීම පිළිබඳවද ස්තූතියි.
සාමාන්‍ය පුරවැසියෙකු ලෙස ඉහතකී පනත් සහ එහි කොන්දේසි පිළිබඳව සොයා බැලීමට, - පෙර එවැනි උනන්දුවක් නොතිබූ මා හට එම උනන්දුව ඇති කිරීම ගැන නැවත වරක් ඔබට බොහෝම ස්තූතියි.
ඒ නිසා ඔබ ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ සිටි කාරණය විමසීමට පෙර, ඔබේ පත්වීම සිදුවී ඇති ආකාරය පිළිබඳව විමසීම සඳහා මා අධිකරණය වෙත එන බව පමණක් දැනට කියමි.
ඔබේ නුසුදුසුකම පිළිබඳව මා කල විවේචනය සහ ඔබේ පත්වීම පිළිබඳව ඇති නියත නෛතික නුසුදුසුකම පිළිබඳව වෙනත් පුද්ගලයන්ගෙන් සහ සමාජයෙන් පැනනැගුනු චෝදනා අල්ලස් හා දූෂණ කොමිසමේ අනෙක් නිලධාරීන්ට කිසිසේත්ම අදාළ නොවන බවත් එය තනිකරම ඔබේ පෞද්ගලික අක්‍රමිකතාවක් බවත් නැවත උදක්ම කියා සිටිමි ...!!!
(නන්දන ගුණතිලක)
ජවිපෙ හිටපු ලේකම්වරයෙක්
(උපුටා ගැනීම - Nandana Gunathilaka ෆේස්බුක් පිටුවෙන්..)
2025 ඔක්තෝම්බර් 02
මෙම සටහනට සබැඳි පුවත:




