The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

වසීම් තජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ පසුපසත් පන්නයි !

T

The Leader Desk

October 3, 2025 • 3:41 AM

වසීම් තජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ පසුපසත් පන්නයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසරේ සිදුවූ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනයට අදාළව මේ වනවිට කරුණු ගනනාවක් අනාවරණය වෙමින් පවතියි.
  • බැකෝ සමන් ඇතුලු පිරිස අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව ඇතැයි අනාවරණය වීමෙන් පසුව කල විමර්ශනවලදී අයිස් මත්ද්‍රව්‍ය මිශ්‍රකර මිද්දෙනියේ වලදමා තිබූ සුදු පැහැති කැට හා මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනුණි.
  • කන්ටේනර් දෙකක තොගයක් එලෙස වලදමා තිබුනේ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනයට සම්බන්ධව සිටි පියල් සහ සම්පත් මනම්පේරි නමැති පුද්ගලයින්ට අයත් ඉඩමකයි.
  • මෙම කණ්ඩායම සමග කලක් සමීපව කටයුතු කර තිබූ අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා පසුව ඔවුන්ගෙන් වෙන්වී විවිධ අපරාධ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශ පවා සිදුකල අතර ඔහු පසුගිය පෙබරවාරි 18 වනදා ඝාතනයට ලක්විය.
අකුරු ප්‍රමාණය (Font Size):


2012 වසරේ සිදුවූ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනයට අදාළව මේ වනවිට කරුණු ගනනාවක් අනාවරණය වෙමින් පවතියි.

ඒ, ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන දැනට රැදවුම් නියෝග මත සිටින කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන්, තැඹිලි ලහිරු, කමාන්ඩෝ සලින්ත සහ පානදුර නිලංග නමැති පුද්ගලයින් පිළිබඳ කෙරෙන විමර්ශන වලදීයි.

බැකෝ සමන් ඇතුලු පිරිස අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව ඇතැයි අනාවරණය වීමෙන් පසුව කල විමර්ශනවලදී අයිස් මත්ද්‍රව්‍ය මිශ්‍රකර මිද්දෙනියේ වලදමා තිබූ සුදු පැහැති කැට හා මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනුණි.

කන්ටේනර් දෙකක තොගයක් එලෙස වලදමා තිබුනේ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනයට සම්බන්ධව සිටි පියල් සහ සම්පත් මනම්පේරි නමැති පුද්ගලයින්ට අයත් ඉඩමකයි.

පියල් සහ සම්පත් මනම්පේරි සහෝදරයින් මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර ඔවුන් හෙලිකරන කරුණු මත ද විමර්ශන ක්‍රියාත්මක වෙමින් තිබේ.

මෙම කණ්ඩායම සමග කලක් සමීපව කටයුතු කර තිබූ අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා පසුව ඔවුන්ගෙන් වෙන්වී විවිධ අපරාධ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශ පවා සිදුකල අතර ඔහු පසුගිය පෙබරවාරි 18 වනදා ඝාතනයට ලක්විය.

මීගස්ආරේ කජ්ජා ඝාතනයට ගිනි අවිය තමන් විසින් ලබාදුන් බව සම්පත් මනම්පේරි මේ වනවිට අනාවරණට කර තිබේ.

මේ අතර, පොලිසිය පසුගියදා අනාවරණය කලේ ඝාතනයට ලක්වූ මීගස්ආරේ කජ්ජාගේ බිරිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කල අනාවරණයකින් රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ ඝාතනය පිළිබඳව නව හෝඩුවාවක් අනාවරණය වූ බවයි.

තජුඩීන් ඝාතනයට ලක්වූ දින ඔහු පසුපස හඹාආ පිරිසක් අතර මීගස්ආරේ කජ්ජාද සිටින බව සීසීටීවී දර්ශනවලින් ඇය හඳුනාගෙන තිබුණි.

2012 වසරේ මැයි 17 වැනිදා වසීම් තජුඩීන් ඝාතනයට ලක්වූ අතර එම අපරාධයේ සාක්ෂි වසන් කිරීම් ඇතුළු සිදුවීම් ගනනාවක් ගතවූ කාලසීමාව තුළ වාර්තා විය.

2018 සැප්තැම්බර් 20 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාකල කරුණු අනුව අනාවරණය වූයේ සිරිලිය සවිය පදනමේ WP KA 0642 දරණ ඩිෆෙන්ඩර් රථයක් වසීම් තාජුඩීන් පැහැරගැනීමට භාවිතකර ඇති බවයි.

ඝාතනය හා සම්බන්ධ වී තිබූ ශිරන්ති රාජපක්ෂ භාවිතා කළ ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් පුද්ගලයින් පිළිබඳව නවතම තොරතුරු හෙළි වී ඇත. එම තොරතුරු හෙළි කර ඇත්තේ අරුණ විදානගමගේ හෙවත් කජ්ජාගේ වැන්දඹු බිරිඳ විසිනි.

(උපුටා ගැනීම් | News1st)


වැඩිදුර විස්තර සඳහා මෙම ලිපියත් කියවන්න

සිරිලිය පසුපස තිදෙනෙක් පන්නයි – ආරක්ෂාවට අවුරුදු 16ක තරුණයෙක් සොයා ගෙන

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...