The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

තංගල්ලේ අයිස් සහ හෙරොයින් සිද්ධියට අදාළව හතක් අත්අඩංගුවට

T

The Leader Desk

October 3, 2025 • 6:01 AM

තංගල්ලේ අයිස් සහ හෙරොයින් සිද්ධියට අදාළව හතක් අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය සැප්තැම්බර් මස 22 වැනිදා පොලීසියට ලද තොරතුරක් අනුව තංගල්ල සීනීමෝදර ප්‍රදේශයේ තිබී මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළසිරුරු සොයා ගනු ලැබීය.
  • ඒ අනුව මෙම විමර්ශනවලට අදාළව සැප්තැම්බර් 22 වැනිදා සිට ඊයේ (02) දිනය දක්වා සමස්තයක් වශයෙන් සැකකරුවන් 5 දෙනෙක් සහ බාලවයස්කාර දරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
  • අත්අඩංගුවට ගත් වයස අවුරුදු 16ක් වන බාලවයස්කරු මේ වන විට පරිවාස භාරයට පත් කර ඇති අතර අනෙක් සැකකරුවන් පස් දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
  • මේ අතර ඊයේ (02) සිදු කළ විශේෂ විමර්ශනයක දී මෙම මත්ද්‍රව්‍ය මුහුදේ සිට ගොඩබිමට රැගෙන ආ බෝට්ටුවේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන තංගල්ල මූලස්ථාන පොලීසියට භාර දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය සැප්තැම්බර් මස 22 වැනිදා පොලීසියට ලද තොරතුරක් අනුව තංගල්ල සීනීමෝදර ප්‍රදේශයේ තිබී මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළසිරුරු සොයා ගනු ලැබීය.

එහිදී සිදු කළ විමර්ශනවලට අදාළව නිවස පිහිටි ඉඩමේ තිබී ලොරි රථ දෙකක් සොයා ගත් අතර එහි තිබී අයිස් සහ හෙරොයින් සොයා ගැනීමට ද පොලීසියට හැකි විය.

ඒ අනුව මෙම විමර්ශනවලට අදාළව සැප්තැම්බර් 22 වැනිදා සිට ඊයේ (02) දිනය දක්වා සමස්තයක් වශයෙන් සැකකරුවන් 5 දෙනෙක් සහ බාලවයස්කාර දරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් වයස අවුරුදු 16ක් වන බාලවයස්කරු මේ වන විට පරිවාස භාරයට පත් කර ඇති අතර අනෙක් සැකකරුවන් පස් දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මේ අතර ඊයේ (02) සිදු කළ විශේෂ විමර්ශනයක දී මෙම මත්ද්‍රව්‍ය මුහුදේ සිට ගොඩබිමට රැගෙන ආ බෝට්ටුවේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන තංගල්ල මූලස්ථාන පොලීසියට භාර දී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 50ක් පමණ වන දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

එමෙන්ම තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදු කරන ලද විමර්ශනයකදී මෙම ජාවාරම සඳහා ආධාර අනුබල දීම හා හෙරොයින් ළඟ තබා ගැනීම යටතේ බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක් වන පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයින් දෙදෙනා ඊයේ තංගල්ල මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

''ප්‍රධාන සැකකරු ජවිපෙට සම්බන්ධ පුද්ගලයෙක්'' - මහින්ද අමරවීර


මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප උපසභාපති හා එම පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රීක් නායක මහින්ද අමරවීර පවසන්නේ ඊයේ දින හම්බන්තොටදී අත්අඩංගුවට ගත් සනත් වීරසිංහ යන අය ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අයකු බවයි.

''රජය විපක්ෂයට චෝදනා කරනවා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්. එහෙත් ජනතා විමුක්ති පෙරමුණට අය සම්බන්ධ නම් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක විය යුතුයි '' යයි පවසන මහින්ද අමරවීර හිටපු අමාත්‍යවරයා,  මත්ද්‍රව්‍ය මැඩලීමට තම පක්ෂයේ පූර්ණ සහයෝගය රජයට ලබා දෙන බවද කියා සිටියි.

ඔහු එබව කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...