රංග දිසානායක එසේ පැවසුයේ, කොළඹ පිහිටි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (02) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ය.
යම් දේපළක් පිළිබඳව එහි හිමිකරු නිෂ්චිත පිළිතුරක් සැපයීමට අපොහොසත් වෙන්නේ නම් එම දේපළ සම්බන්ධයෙන් වෙනත් වරදක් අනාවරණය නොවුණත් ඔහුව වරදකරු නොකර දේපළ රාජසන්තක කළ හැකි බවත් 2025 අංක 5 දරණ ‘අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත’ ඉතාම වැඳගත් පනතක් මෙන්ම එම පනත මෙම වසරේ ජූනි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක බවත් ඔහු කීය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එම පනත යටතේ විශාල වගකීමක් පැවරී ඇති බව කී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, එම පනත යටතේ දැනටමත් විමර්ශන හතරක් ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.
මෙම පනත යටතේ පුද්ගලයා සම්බන්ධයෙන් නොව දේපළ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම නිසා එම විමර්ශන පහසුවී ඇති බවත් යම් දෙපළක් අදාල පුද්ගලයා සතුවූයේ කෙසේද යවන්න මෙහිදී විමර්ශනය කරන බවත් ඔහු කීය.
වැරදි කළ අයට දඩුවම් දීමට සහ වැරදිවලින් උපයාගත් දේපළ නැවත මේ රටට ගන්න ජනතාව බලාපොරොත්තු වූ බවත් එවැනි වාහන, නිවාස, ගොඩනැගිලි සහ හෝටල් වැනි දේපළ පිළිබඳව ජනතාවට පැමිණිළි කළ හැකි බවත් ඔහු පැවසීය.
අල්ලස් කොමිසමට හෝ පොලිසියේ පීසීඅයිඩී ලෙස වෙනම ඒකකයක් නිර්මාණ කළයුතු යැයි සහ දෙපාර්ශවය මාසට වරක් රැස්වී තොරතුරු සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු යැයි පනතේ සදඟන් වෙන බවත් ඒ පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවත් රංග දිසානායක වැඩි දුරටත් සඳහන් කළේය.
(lankadeepa | යොහාන් භාසුර)




