The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

චෝදනා පත්‍ර සරලව ඉදිරිපත් කරන්න - අධිකරණයෙන් පොලිසියට නියෝග

T

The Leader Desk

October 3, 2025 • 4:38 AM

චෝදනා පත්‍ර සරලව ඉදිරිපත් කරන්න - අධිකරණයෙන් පොලිසියට නියෝග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යම් විත්තිකරුවකුට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කිරීමේදී සිදුකරන වරද, වරදේ ස්වභාවය, වරද සිදුවූයේ කොතැනද, කවදාද, එම වරද කවුරුන් විසින් කරන ලද්දක්ද යනුවෙන් විස්තර පැහැදිලිව ඇතුළත්ව සවිස්තරාත්මකව ඉදිරිපත් කළ යුතු බව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.
  • සංකීර්ණ නීති වචන පමණක් යොදා චෝදනා පත්‍ර අධිකරණය හමුවේ ගොනු කරන අවස්ථාවන්හිදී ඒවා තේරුම් ගැනීමට විත්ති පාර්ශ්වයන් අපොහොසත් වන බව විවෘත අධිකරණයේදී පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සෑමවිටම අදාළ චෝදනා පත්‍ර සවිස්තරාත්මකව ඉදිරිපත් කළ යුතු බව ප්‍රකාශ කළේය.
  • සමාජ මාධ්‍ය ඔස්සේ අයි ෆෝන් වර්ගයේ ජංගම දුරකථනයක් ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් පනස්පන් දහසක් (55,000) වංචා කරන ලදැයි හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ජංගම දුරකථන වෙළෙඳසල් හිමියකුට එරෙහිව පවරන ලද චෝදනා පත්‍රයක් සංශෝධනය කරන ලෙසට දන්වමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


යම් විත්තිකරුවකුට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කිරීමේදී සිදුකරන වරද, වරදේ ස්වභාවය, වරද සිදුවූයේ කොතැනද, කවදාද, එම වරද කවුරුන් විසින් කරන ලද්දක්ද යනුවෙන් විස්තර පැහැදිලිව ඇතුළත්ව සවිස්තරාත්මකව ඉදිරිපත් කළ යුතු බව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

සංකීර්ණ නීති වචන පමණක් යොදා චෝදනා පත්‍ර අධිකරණය හමුවේ ගොනු කරන අවස්ථාවන්හිදී ඒවා තේරුම් ගැනීමට විත්ති පාර්ශ්වයන් අපොහොසත් වන බව විවෘත අධිකරණයේදී පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සෑමවිටම අදාළ චෝදනා පත්‍ර සවිස්තරාත්මකව ඉදිරිපත් කළ යුතු බව ප්‍රකාශ කළේය.

සමාජ මාධ්‍ය ඔස්සේ අයි ෆෝන් වර්ගයේ ජංගම දුරකථනයක් ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් පනස්පන් දහසක් (55,000) වංචා කරන ලදැයි හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ජංගම දුරකථන වෙළෙඳසල් හිමියකුට එරෙහිව පවරන ලද චෝදනා පත්‍රයක් සංශෝධනය කරන ලෙසට දන්වමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස ප්‍රකාශ කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ නඩුව පවරා තිබූ අතර විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ මර්වින් සිල්වා පෙනී සිටියේය.

(aruna | ඉෂාර රත්නකාර)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...